Last Update  :  2025-04-09 16:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports ධාවන පථ නිරීක්‍ෂණයට වෙනම කමිටුවක්

ධාවන පථ නිරීක්‍ෂණයට වෙනම කමිටුවක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 599 Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අනු කමිටුවක් වන ධාවන පථ නිරීක්ෂක කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සුරංජිත් ප්‍රේමදාස, මහේෂ් ගම්මන්පිල, පුබුදු වික්‍රමගේ සහ ඩිලන්ත මාලගමුව යන මහත්වරු පත්කරනු ලැබ තිබේ.

මෝටර් රථ තරගාවලි පැවැත්වෙන ධාවන පථවල ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණය කිරීම මෙම කමිටුවේ කාර්යය වේ.

ඉකුත් අප්‍රේල් මස නුවරඑළියේදී පැවැති මාර්ග මෝටර් රථ තරගාවලියේදී ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ මහතා දරුණු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමත් සමග එම තරගාවලිය පැවැති ධාවන පථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් තරග සංවිධායකයන්ට චෝදනා එල්ල විය.

එම සිදුවීමෙන් අනතුරුව මෝටර් රථ තරගාවලියක් පැවැත්වීමට පෙර එය පැවැත්වෙන ධාවන පථයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා මෝටර් රථ ක්‍රීඩා සංගමයට උපදෙස් දී තිබේ. ඒ අනුව මෝටර් රථ ක්‍රීඩා සංගමය මෙම ධාවන පථ නිරීක්ෂක කමිටුව පත්කර ඇති අතර ෂෙහාන් ද තිසේරා මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 


අදහස් (0)

ධාවන පථ නිරීක්‍ෂණයට වෙනම කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.