Last Update  :  2024-11-24 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports මෝටර් රථ තරගකරුවන්ට තරග බහුල අගෝස්තුව

මෝටර් රථ තරගකරුවන්ට තරග බහුල අගෝස්තුව

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ගනර්ස් සුපර්ක්‍රොස්, කොමාන්ඩෝ 4×4 අභියෝගය, වලව සුපර්ක්‍රොස් සහ ගජබා සුපර්ක්‍රොස් යන මෝටර් රථ තරගාවලි 4 ම පැවැත්වෙන අගෝස්තු මාසය මේ වසරේ මෝටර් රථ කී‍්‍රඩා දින දර්ශකයේ ඉතාමත් කාර්ය බහුල මාසයක් බවට පත්ව තිබේ.

ඉන් පළමු තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 9 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ තරගාවලියයි. මෙම තරගාවලිය අගෝස්තු මස 3 වැනිදා මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රයේ මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.

යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුව විසින් නිසාන් පෙට්‍්‍රල් 4×4 සංගමය සමග එක්ව පළමු වරට සංවිධානය කරනු ලබන ‘කොමාන්ඩෝ 4×4 අභියෝගය’ එදිනම ආරම්භ වේ.

තෙවැනි තරගාවලිය වන්නේ ‘වලව සුපර්ක්‍රොස්’ තරගාවලියයි. එය  අගෝස්තු මස 17 වැනිදා උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තු විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව සිව්වැනි වරටත් සංවිධනය කරනු ලබේ.

මේ මාසයේදී පැවැත්නෙ අවසන් තරගාවලිය වන්නේ ‘ගජබා සුපර්ක්‍රොස්’ තරගාවලියයි. එය අගෝස්තු මස 31 වැනිදා සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කරනු ලබන්නකි.

ඒ අනුව අගෝස්තු මාසයේ ඇති ඉරිදාවල් 5 න් එකක් හැර එකක් මෝටෝ ක්‍රොස් තරගාවලි පැවැත්වෙන අතර පළමු ඉරිදා ආරම්භ වන 4×4 දින 6 ක් පුරා පැවැත්වේ. මින් පෙනී යන්නේ මේ වසරේ අගෝස්තු මාසය මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන්ට මෙන්ම කී‍්‍රඩාලෝලීන්ටද ඉතාමත් කාර්යබහුල මසයක් බවයි.


අදහස් (1)

මෝටර් රථ තරගකරුවන්ට තරග බහුල අගෝස්තුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.