Last Update  :  2024-11-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports වලව සුපර්ක්‍රොස් තරගාවලිය 17 දා

වලව සුපර්ක්‍රොස් තරගාවලිය 17 දා

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 17 වැනිදා පෙරවරු 9.00 සිට උඩවලව, සෙවනගල යුද හමුදා කඳවුරේදී පැවැත්වේ.  

තරග ඉසව් 23 කින් සමන්විත වන මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත්වේ.

දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර රථ ධාවකයන් සහ යතුරුපැදිකරුවන් ඇතුළුව මෝටර් රථ ධාවකයන් 70 ක් සහ යතුරුපැදිකරුවන් 130 ක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ඉකුත් වසරේ පැවති තෙවැනි ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යතුරුපැදි අංශයේ වැඩි දස්කම් දැක්වීමට ගයාන් සඳරුවන්ද, මෝටර් රථ අංශයේ වැඩි දස්කම් දැක්වීමට අශාන් සිල්වාද සමත්වූහ. එහිදී යොවුන් මෝටර් රථ ධාවකයකු වන කුෂාන් පීරිස්, මෝටර් රථ තරග 3 ක ප‍්‍රථම ස්ථාන 3 ක් දිනාගැනීමට සමත්වූයේ වැඩි දෙනාගේ අවධානය දිනාගනිමිනි.

කෝස්වේ පේන්ට්ස් සමාගම මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්ව සපයන අතර සම අනුග‍්‍රහකයන් ලෙස ඞීමෝ ආයතනය සහ සියැට් ආයතනය කටයුතු කරයි. කීල්ස් සහ කික්කෝලා සමාගම් තරගාවලියේ සහාය අනුග‍්‍රාහයන් සේ කටයුතු කරති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

කෝස්වේ පේන්ට්ස් සමාගමේ නියෝජිත බී. කිරිගරන් මහතා, කර්නල් දුමින්ද සිරිනාග මහතාට අනුග‍්‍රාහක චෙක්පත පිරිනැමූ අයුරු....

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

වලව සුපර්ක්‍රොස් තරගාවලිය 17 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.