Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිම මත ලිස්සායාමේදී අනතුරට පත් ෆෝමියුලා , කාණ්ඩයේ හිටපු මෝටර් රථ ශූරයා වන මයිකල් ෂූමාකර්ගේ සෞඛ්‍ය තත්ත්වය අද (31 වැනිදා) වන විට යන්තමින් යහපත් තත්ත්වයට පත්ව තිබූ බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. එහෙත් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් තවමත් සිථිරව යමක් කීමට වෛද්‍යවරු පසුබට වෙති.
ඉකුත් ඉරිදා (29 වැනිදා) ප්‍රංශයේ ඇල්ප්ස් කඳු පන්තියේදී හිම මත ලිස්සා යාමට ගිය මයිකල් ෂූමාකර්ගේ හිස පර්වතයක ඇනීම නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලැබීය. ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිතරව සිටි බව වෛද්‍යවරු කීහ.
”තත්ත්වය ඊයේට (30 වැනිදාට) වඩා අද වන විට තරමක් යහපත් අතට හැරී තිබෙනවා. ඒත් ඔහු මුහුණ දී සිටින අනතුරුදායක තත්ත්වයෙන් මිදිලා ඉන්න බවක් දැන්ම කියන්න බෑ” යයි මයිකල්ට ප්‍රතිකාර කරන වෛද්‍ය ජෝන් ෆ්රන්කොන්සිස් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.