Last Update  :  2024-11-24 17:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports සීගිරිය රැළි ක්‍රොස් අගෝස්තු 2 දා

සීගිරිය රැළි ක්‍රොස් අගෝස්තු 2 දා

ශනුක අරවින්ද - 2015 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 7 වැනි වරටත් සංවිධානය කරන ‘සීගිරිය රැළි ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා පෙරවරු 8.30 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

සියැට්-ස්ලාඩා ශූරතාව සඳහා පැවැත්වෙන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද සමගින් තරග ඉසව් 22 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට මෝටර් රථ තරග 10 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ.

දිවයිනේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන්ද සමගින් තරගකරුවන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස අශාන් සිල්වා සම්මාන දිනාගත් අතර දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් සම්මාන දිනාගත්තේය.  

ලංකා බැංකුව තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙසද, සියැට් සමාගම එහි විශේෂ අනුග‍්‍රාහකයා ලෙසද කටයුතු කරන අතර හොණ්ඩා, ඊටෙල් යන සමාගම් සහ මහජන බැංකුව තරගාවලියේ සම අනුග‍්‍රහකයෝ ලෙස කටයුතු කරයි.

ලංකා බැංකුවේ නියෝජිත පාලිත ජිනසෝම මහතා විසින් ගුවන් කොමදෝරු සංජක විජේමාන්න මහතාට අනුග‍්‍රාහක චෙක්පත ලබාදුන් අයුරු....

සියැට් ආයතනයේ නියෝජිත ශිරාන් ජයසූරිය මහතා විසින් ගුවන් කොමදෝරු සංජක විජේමාන්න මහතාට අනුග‍්‍රාහක චෙක්පත ලබාදුන් අයුරු....

ඡායාරූප - ගයාන් අමරසේකර

 


අදහස් (0)

සීගිරිය රැළි ක්‍රොස් අගෝස්තු 2 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.