Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ශ්රී ලංකා සුපර් සීරිස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරග මාලාවේ දෙවැනි අදියර මේ මස 11 වැනිදා උදෑසන 9.00 සිට කටුකුරුන්ද ගුවන් හමුදා කෘතිම ධාවන පථයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය පන්නල කෘතිම ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මේ දින වලදී එම ධාවන පථයේදී නවීකරන කටයුතු සිදුකෙරන බැවින් එය කටුකුරුන්ද ගුවන් හමුදා කෘතිම ධාවන පථයේදී පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
ශ්රී ලංකා රේසිං මෝටර් රථ රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), කාල්ටන් මෝටර් රථ ක්රීඩා සමාජය සහ ආසියානු මෝටර් රේසිං සමාජය එක්ව මෙම ‘ශ්රී ලංකා සුපර් සීරිස්’ තරග මාලාව සංවිධානය කරයි.
දිවයිනේ ප්රධාන පෙලේ මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුලූ තරගකරුවන් 100 ක් පමණ මේ වන විටත් තරගාවලිය සඳහා අයදුම් පත් යොමුකර තිබේ.
මෙහි පළමු අදියර පසුගිය මාර්තු මාසයේදී තිස්සමහාරාම මොටෝක්රොස් ධාවන පථයේදී පැවති අතර එහිදී දක්ෂතම රියදුරා ලෙස අශාන් සිල්වාත්, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉවෝන් බී. ගුණසිංහත් සම්මාන හිමිකරගත්හ.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.