Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Motorsports හොණ්ඩා - මාග්නි රේසිං කණ්ඩායම් අංශයෙන් පෙරමුණට

හොණ්ඩා - මාග්නි රේසිං කණ්ඩායම් අංශයෙන් පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියැට්-ස්ලාඩා ශූරතා සඳහා පවැත්වෙන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි 6 න් 3 ක් අවසන් වනවිට යතුරුපැදි කණ්ඩායම් අංශයෙන් ‘හොණ්ඩා’ කණ්ඩායම (ලකුණු 100) ද, මෝටර් රථ කණ්ඩායම් අංශයෙන් ‘මාග්නි රේසිං’ කණ්ඩායම (ලකුණු 63) ද ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව තිබේ.

මෙතෙක් පැවැති තරගාවලි 3 න් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් සහ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලි 2 හිදීම දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස සම්මාන හිමිකරගෙන සිටින හොණ්ඩා කණ්ඩායම නියෝජනය කරමින් යතුරුපැදි ජාතික ශූර ගයාන් සඳරුවන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් තරග වදිති.

හොණ්ඩා කණ්ඩායමේ ප‍්‍රබලම ප‍්‍රතිවාදී කණ්ඩායම වන එක්සයිඞ් අංක 1 කණ්ඩායම මේ වන විට ලකුණු 96 ක් ලබා සිටින අතර සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස සම්මාන හිමිකර ගැනීමටද ඔවුහු සමත්වූහ. යොවුන් යතුරුපැදිකරුවන් දෙදෙනකු වන ෂෙහාන් සී. අධිකාරි සහ ළහිරු ජීවන්ත එක්සයිඞ් අංක 1 කණ්ඩායම නියෝජනය කරති.

හොණ්ඩා කණ්ඩායම සහ එක්සයිඞ් අංක 1 කණ්ඩායම මේ වන විට පවතින පරතරය ලකුණු 4 ක් පමණි.

නිමාව දුටු සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ සහ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ කණ්ඩායම බවට පත්වූ මාග්නි රේසිං කණ්ඩායම නියෝජනය කරමින් මෝටර් රථ ජාතික ශූර අශාන් සිල්වා සහ මිස්සක නවීන් තරග වදිති.

ඔවුන්ට වඩා ලකණු 18 ක් පසුපසින් සිටින එක්සයිඞ් කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් අංශයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ප‍්‍රවීණ මෝටර් රථ ධාවක අරවින්ද පේ‍්‍රමදාස සහ චමින්ද වීරසූරිය එක්සයිඞ් කණ්ඩායම නියෝජනය කරති.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ කණ්ඩායම ලෙස සම්මාන දිනාගත් ඩිලාන් සෙනෙවිරත්න සහ සජාඞ් සුහේර් නියෝජනය කරන ඊසි රේසිං කණ්ඩායම අනෙක් තරගාවලි දෙකේදීම වැඩි දස්කම් දැක්වීමට අපොහොසත්වීමද කැපී පෙනේ.

සියැට් සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහය සමගින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන මෙම මෝටර් රථ සහ යතුරුපැදි තරග මාලාවට සහභාගී වන මෝටර් රථ රියැදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට සියැට් - ස්ලාඩා ශූරතා සඳහා ලකුණු රැුස්කිරීමට ඉතිරිව ඇත්තේ ගනර්ස් සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස් සහ කටුකුරුන්ද රොදහැම් යන තරගාවලි 3 පමණි.

එම තරගාවලි 3 න් මුලින්ම පැවැත්වෙන තරගාවලිය වන ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලිය අගෝස්තු මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

 

 

(ඡායාරූප -  ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

යතුරුපැදි කණ්ඩායම් අංශය
කණ්ඩායම  ක්‍රීඩකයන් සීගිරිය රැළි ක්‍රොස්  ‍ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්  කැවල්රි සුපර් ක්‍රොස් මුලු ලකුණු 
හොණ්ඩා  ගයාන් සඳරුවන්       ශානුක සඳරුවන් 28 36 36 100
එක්සයිඞ් (1) ෂෙහාන් සී. අධිකාරි     ළහිරු ජීවන්ත 31 29 36 96
එක්සයිඞ් (2) සම්පත් කුමාර         ඉවෝන් බී. ගුරුසිංහ 9 23 12 44
ටී. වී. එස්. කේ. පී. අරවින්ද්         ඉශාන් දසනායක 18 16 6 40
සියැට්  ජැක් ගුණවර්ධන      දේෂාන් සොලංකි 18 2 8 28
           
මෝටර් රථ කණ්ඩායම් අංශය
කණ්ඩායම  ක්‍රීඩකයන් සීගිරිය රැළි ක්‍රොස්  ‍ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්  කැවල්රි සුපර් ක්‍රොස් මුලු ලකුණු 
මාග්නි රේසිං අශාන් සිල්වා           මිස්සක නවීන් 30 7 26 63
එක්සයිඞ් අරවින්ද පේ‍්‍රමදාස      චමින්ද වීරසූරිය 19 16 10 45
සියැට් (1) ජනක ඩයස්          උපුල්වන් සේරසිංහ 14 16 14 44
සියැට් (2) පසිඳු පීරිස්                 උෂාන් පෙරේරා 21 0 0 21
ඊසි රේසිං  ඩිලාන් සෙනෙවිරත්න  සජාඞ් සුහේර් 0 17 0 17

අදහස් (0)

හොණ්ඩා - මාග්නි රේසිං කණ්ඩායම් අංශයෙන් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.