Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝ වීල් රියදුරු සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය එක්ව පස්වැනි වරටත් සංවිධානය කරන ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ ඕෆ් රෝඞ් තරගාවලිය මේ මස 20 වැනිදා තුංකම, ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැත්වේ.
ෆෝ වීල් රියදුරු සංගමය සංවිධානය කරන 4x4 ශූරතාවලියේ තෙවැනි මෙන්ම අවසන් අදියර වන මෙම තරගාවලියේදී සාමාන්‍ය (ස්ටෑන්ඩඞ්), සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටෑන්ඩඞ් මොඩිෆයිඞ්), සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු, සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි සහ අත්‍යන්ත (එක්ස්ටී්රම්) යන කාණ්ඩ 5 ක් යටතේ තරග පැවැත්වේ.
මෙවර තරගාවලිය සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 18 ක් සහභාගීවීමට නියමිතව ඇති අතර ඊට දේශීය කණ්ඩායම් 14 ක් සහ විදේශීය කණ්ඩායම් 4 ක් ඇතුළත්ව සිටිති.
යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සුබසාධන කටයුතු සඳහා මුදල් රැුස්කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසති.
චන්ද්‍රිකා වැව ආසන්නයේ පිහිටි යුද හමුදා ඉංජිනේරු පාසලේ ධාවන පථය, ස්වභාවික පරිසරයේ ඇති විවිධ රළු ස්වභාවයන්ට සරිලන ආකාරයෙන් බාධක සහිතව ඉදිකර ඇත. මෙහි ප්‍රධානතම ලක්ෂණය වනුයේ ධාවන පථයේ කොටසක් අටේ (8) ඉලක්කමේ හැඩයට, ඉහළින් සහ පහළින් ගමන් කිරීමට හැකිවන ආකාරයට තනා තිබීමයි. එම අටේ ඉලක්කමේ හැඩය ගන්නා ධාවන පථය මැද හමුදා පාලමකට සමාන ‘කම්පැක්ට් 200’ පාලමක්ද ඉදිකර ඇත.
ඒ අනුව ධාවනයේ යෙදෙන තරගකරුවන්ට එහිදී විවිධ බාධක වලට මුහුණදීමට සිදුවන අතර, අසම භූමියේ සංධි ඇතිවන අයුරින් එම බාධක තනා තිබේ. එහිදී තරගකරුවන් ගුරුත්වාකර්ෂණ බලයෙන් එල්ල වන අභියෝගය මැඩපවත්වා ගන්නා අයුරු පරික්ෂාවට ලක් කෙරේ. ඉන්පසුව ධාවකයිනට හමුවන්නේ ඉංගී්රසි හෝඩියේ ඪ අක්ෂරයේ හැඩයට හාරන ලද මංතීරුවකි. වැලි තලා, ගල් කදු සහ ජල තරණය එහි අනෙකුත් බාධක වේ.
මෙම තරගාවලියට සමගාමීව එදිනම යතුරුපැදි ඉසව් 12 කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමටද සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. එම තරගාවලිය 4x4 ධාවන පථය අසල පිහිටි අලූතින් නිම කරන ලද යතුරුපැදි ධාවන පථයක පැවැත්වේ.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී අත්‍යන්ත (එක්ස්ටී්රම්) කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ඉන්දික සංජය (රියදුරු) සහ නවීන් මාරපන (සහයක රියදුරු) සමත් වූ අතර සාමාන්‍ය (ස්ටෑන්ඩඞ්) කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට තේමිය අබේවික්‍රම (රියදුරු) සහ අජිත් රත්නායක (සහයක රියදුරු) සමත් වූහ.
වී. වී. කරුණාරත්න මැෂිනරි ඇන්ඞ් ඉක්විප්මන්ට්ස්, සෙනොක් ටේ්රඞ් කම්බයින්ඞ්, ස්විඩිෂ් ටේ්රඩිං, සියැට් කැළණි ටයර්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් යන සමාගම් තරගාවලියේ අනුග්රාහකයන් ලෙස තටයුතු කරති.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.