Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අරවින්ද මින්නේරියේදී ශූරතාව රැකගනි

අරවින්ද මින්නේරියේදී ශූරතාව රැකගනි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විජය පුවත් පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් මින්නේරිය, කාලතුවක්කු යුද හමුදා ධාවන පථයේදී පැවති 9 වැනි ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීමට ෂෙහාන් සී. අධිකාරි සමත්වූ අතර අරවින්ද පේ‍්‍රමදාස දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්විය.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ ක්‍රොස් පළමු යතුරුපැදි තරගයේදී ඉෂාන් දසනායක සමග කළ කරට කර තරගයකින් අනතුරුව ජය ලැබූ ෂෙහාන් සී. අධිකාරි, දෙවැනි යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානය දිනාගනිමින් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි ශූරතාවට හිමිකම් කීවේය.

කලකට පසු එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝ ක්‍රොස් යතුරුපැදි තරගයෙන් ජය ලැබූ ඉෂාන් දසනායක, එම්. එක්ස්. කාණ්ඩයේම (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝ ක්‍රොස් පළමු තරගයේ දෙවැනි ස්ථානයද දිනාගත්තේය.

දෙවැනි තරගයේ පළමු වට 5 නිමාවන විට අනිකුත් තරගකරවන්ට වඩා මීටර 100 ක පමණ පරතරයක් තබාගෙන පළමු ස්ථානය රැකගනිමින් ධාවනයේ යෙදුන ඉෂාන්ගේ යතුරුපැදියේ එන්ජිම ධාවන පථය මැද ඉතා අවාසනාවන්ත ලෙස කි‍්‍රයා විරහිත වී ගියේ වසර කිහිපයකට පසුව සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීමට තිබූ අවස්ථාව ඔහුට අහිමිකරමිනි.

ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ පසුගිය වසරේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වූ ගයාන් සඳරුවන්ට මෙවර තරගාවලියේදී ඔහු සහභාගීවූ පළමු තරගයේදී සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඉෂාන්ගේ පසුබෑමෙන් අනතුරුව, ඉතා පහසුවෙන්ම දෙවැනි තරගය ජය ගැනීමට ගයාන් සමත්වුවත්, දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්වීම සඳහා එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.

ප‍්‍රවීන මෝටර් රථ ධාවක අරවින්ද පේ‍්‍රමදාස, එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මොටර් රථ තරග දෙකම ඉතා පහසුවෙන් ජයගනිමින් දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි සම්මානය තමන් සතු කරගත්තේය. මෙය ඔහු පිට පිටම ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වූ තෙවැනි අවස්ථාව වන අතර මේ වසරේ පැවති මෝටර් රථ තරගාවලියක දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්වූ පළමු අවස්ථාවයි.

මේ වසරේ පැවති සීගිරිය රැලි ක්‍රොස් තරගාවලියේ සහ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනා සිටින අශාන් සිල්වා සහ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන ගත් දිනේෂ් දෙහෙරගොඩ මෙම තරගාවලියට සහභාගී නොවූහ.

එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරුපැදි (සි. ධා. 250 සිට 1000 දක්වා) තරගයෙන් උදික ශී‍්‍රමාල් මලවිගේ ජය ලබාගත්තේ සිලින්ඩර ධාරිතාව 250 ක් වූ යතුරුපැදියක් භාවිතා කරමිනි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන ප‍්‍රවීන යතුරුපැදි ධාවකයන් දෙපළක් වන ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරාට හිමිවූ අතර ඔහුන් දෙදෙනාම සිලින්ඩර ධාරිතාව 450 ක් වූ යතුරුපැදි භාවිතා කරමින් තරගයට එක්වූහ.

ප‍්‍රවීන මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ, එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ ඉසව්වේ තරග දෙකෙන්ම ජය වාර්තා කළේ එම අවස්ථා දෙකේදීම කුෂාන් පීරස් දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

කළකට පසු නැවතත් තම සුපුරුදු දස්කම් අතරට පැමිණි ලහිරු ජීවන්ත, ආර්. එම්. සෆ්රාස් සහ හර්ෂණ ප‍්‍රභාත් සමග කළ තියුණු තරගයකින් අනතුරුව ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද ස්ටී‍්‍රට් ටේ‍්‍රල් යතුරුපැදි තරග 2 ම ජයගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් ආයතනය කටයුතු කළේය.


තරග ප‍්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 සිට 85 දක්වා) යතුරුපැදි  (වයස අවුරුදු 13 න් පහළ)
1 වෙනුෂ්ක ටී. සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)
2 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස් . 85)
3 ලක්දිණු ගුණසේකර (යමහා වයි. ඉසෙඞ්. 85)
 
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මොටර් රථ
1 රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
2 ලක්මාල් විජේරත්න (ඔස්ටින් මිනි 1000)
3 දමිත් වීරසිංහ (ඩයිහට්සු චැරඞ් 1000)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 තාරුක රුමීෂ (යමහා පී. ඩබ්ලිව්. 50)
2 කේසර ගොඩගේ (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ජේ. එම්. බණ්ඩාර (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1300)
3 ප‍්‍රසන්නද ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 කසුන් තාරක (හොණ්ඩා සී. ආර්. 85)
2 කවිදු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 85)
3 විනුෂ්ක සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 85)

එම්. කාණ්ඩයේ සන්නද්ධ සේවා සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි
1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 රුවන් මඳුරංග (කේ. ටී. එම්. 125)
3 එම්. කරුණාරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ පළමු තරගය
1 සජාඞ් සුහේර් (හොන්ඩා ඊ. ආර්. XI 1600)
2 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 ජනක ඩයස් (හොන්ඩා සිවික් 1600)

එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි
1 සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (හොන්ඩා සී. ආර්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ආර්. එම්. සෆ්රාස්  (හොන්ඩා සී. එෆ්. ආර්. එක්ස්. 250)
3 හර්ෂණ ප‍්‍රභාත් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)

එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මොටර් රථ තරගය
1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 ඩිලාන් සෙනෙවිරත්න (සුබාරු ඩබ්. ආර්. එක්ස්. 2000)
3 දමිත් වීරසිංහ (මිට්සුබිශී එවොලූෂන් 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ෂෙහාන් සී. අධිකාරි (යමහා වයි. ඉසෙඞ්. 125)
3 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 දිනේෂ් සේනානායක (හොන්ඩා සිවික් 1500)
2 මිස්සක නවීන් (හොන්ඩා සිවික් 1500)
3 කෞෂාල් සමරසිංහ (හොන්ඩා ඊ. ජී. III 1500)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 හර්ෂණ ප‍්‍රභාත් (යමහා ඩබ්ලිව්. ආර්. එෆ් 250)
3 ආර්. එම්. සෆ්රාස්  (හොන්ඩා සී. එෆ්. ආර්. එක්ස්. 250)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියර් 1500)
3 චමින්ද වීරසූරිය (ෆෝඞ් ලේසර් 1500)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට 1000 දක්වා) සුපිරි යතුරුපැදි
1 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 සුරාජ් පෙරේරා (හොන්ඩා සී. ආර්. එෆ්. 450)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)    
3 ජේක්ස් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)  

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මොටර් රථ දෙවැනි තරගය
1 සජාඞ් සුහේර් (හොන්ඩා ඊ. ආර්. XI 1600)
2 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 ජනක ඩයස් (හොන්ඩා සිවික් 1600)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 දිනේෂ් සේනානායක (ටොයෝටා රේව් IV 2000)
2 ඉශ්රාක් වයබ් (මිට්සුබිශී පෙජරෝ 3000)
3 සංජය සේදර සෙනරත් (මිට්සුබිශී එවොලූෂන් 3000)

එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මොටර් රථ තරගය
1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 දමිත් වීරසිංහ (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 ඩිලාන් සෙනෙවිරත්න (සුබාරු ඩබ්. ආර්. එක්ස්. 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ගයාන් සඳරුවන් (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
3 ජේක්ස් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

 

 9 වැනි ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

 


අදහස් (0)

අරවින්ද මින්නේරියේදී ශූරතාව රැකගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.