Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අරවින්ද - ෂෙහාන් වාර්ෂික ශූරතා දිනති

අරවින්ද - ෂෙහාන් වාර්ෂික ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සියැට් - ස්ලාඩා සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අරවින්ද පේ‍්‍රමදාසද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ෂෙහාන් සී. අධිකාරිද සම්මාන දිනාගත්හ.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගනිමින් අරවින්ද පේ‍්‍රමදාස මෙවර තරග වාරයේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්විය. ෂෙහාන් සී. අධිකාරි, වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූයේ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ සහ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ ශූරතා දිනාගනිමිනි.

දක්ෂතම මෝටර් රථ අංශයේ කණ්ඩායම ලෙස ජනක ඩයස් සහ උපුල්වන් සේරසිංහ නියෝජනය කළ සියැට් කණ්ඩායම සම්මාන දිනාගත් අතර දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ෂෙහාන් සී. අධිකාරි සහ ළහිරු ජීවන්ත නියෝජනය කළ එක්සයිඞ් කණ්ඩායම සම්මාන දිනගත්තේය.

ශ‍්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව මේ වසරේ මාර්තු මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා සංවිධානය කරනු ලැබූ සීගිරිය රැලික්‍රොස්, ෆොක්ස් හිල් (නරියා කන්ද) සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි වලදී දස්කම් දැක්වූ කී‍්‍රඩකයෝ මෙම සම්මාන රාති‍්‍රයේදී ඇගයීමට ලක්වූහ.

යතුරුපැදි තරගකරුවන් සඳහා සම්මාන 6 ක්ද, මෝටර් රථ තරගකරුවන් සඳහා සම්මාන 6 ක්ද මෙම සම්මාන උළෙලේදී ප‍්‍රදානය කෙරිණ.

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) වයස අවුරුදු 16 න් පහළ මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමිවන සම්මානය තමන් සතු කරගැනීමට කසුන් තාරක සමත්විය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ අංශයේ ශූරතාව, ජනක ඩයස් සතුවූ අතර මිස්සක නවීන්, එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ අංශයේ ශූරතාව දිනාගත්තේය.  

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ළහිරු ජීවන්ත සම්මාන දිනාගත් අතර සුරාජ් පෙරේරා, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 1100 දක්වා) සුපිරි යතුරුපැදි අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.  

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ සහ එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ දක්ෂතම කී‍්‍රඩකයන් වෙනුවෙන් පිරිනැමෙන සම්මාන ද්විත්වයටම හිමිකම් කීමට ප‍්‍රවීණ මෝටර් රථ තරගකරුවකු වන උපුල්වන් සේරසිංහ සමත්විය.

යුද හමුදාවේ ප‍්‍රධානම මොටෝක්‍රොස් යතුරුපැදිකරුවා වන සමීර පේ‍්‍රමරත්න, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) අංශයේ සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
 

2014 මෝටර් රථ අංශයේ සම්මාන ලාභියෝ

  • එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ අංශයේ ශූරතාව - රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
  • එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ ශූරතාව - උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
  • එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ අංශයේ ශූරතාව - මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
  • එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ ශූරතාව - උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
  • එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ අංශයේ ශූරතාව - ජනක ඩයස් (හොන්ඩා සිවික් 1600)
  • එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ අංශයේ ශූරතාව - අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)


2014 යතුරුපැදි අංශයේ සම්මාන ලාභියෝ

  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) අංශයේ ශූරතාව - කසුන් තාරක (හොණ්ඩා සී. ආර්. 85)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි අංශයේ ශූරතාව - සමීර පේ‍්‍රමරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ ශූරතාව - ෂෙහාන් සී. අධිකාරි (යමහා වයි. ඉසෙඞ්. 125)
  • ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) අංශයේ ශූරතාව - ළහිරු ජීවන්ත (හොන්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
  • එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 1100 දක්වා) සුපිරි යතුරුපැදි අංශයේ ශූරතාව - සුරාජ් පෙරේරා (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ ශූරතාව - ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ ශූරතාව - උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ අංශයේ ශූරතාව - මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ අංශයේ ශූරතාව - ජනක ඩයස් (හොන්ඩා සිවික් 1600)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 1100 දක්වා) සුපිරි යතුරුපැදි අංශයේ ශූරතාව - සුරාජ් පෙරේරා (හොන්ඩා සී. ආර්. එෆ්. 450)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) අංශයේ ශූරතාව - ළහිරු ජීවන්ත (හොන්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)

 

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

අරවින්ද - ෂෙහාන් වාර්ෂික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.