Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස පිට පිට තෙවරක්ම ශූරතා දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසට මේ වසරේදී සිය ශූරතාව රැකගැනීම සඳහා අනිකුත් තරගකරුවන්ගෙන් ප‍්‍රබල අභියෝගයක් එල්ලවී තිබේ.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 05 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ.
අපේ‍්‍රල් මාසයේදී පැවැති ‘නරියා කන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්වූ අශාන් සිල්වා සෙසු තරගකරුවන් අතරේ ඉදිරියෙන්ම සිටින අතර ඉශ්රාක් වහබ්, පසිඳු පීරිස්, මිස්සක නවීන් සහ ජනක ඩයස් වැනි තරගකරුවන්ගෙන් අරවින්දට එල්ල වන අභියෝගයද සුළුපටු එකක් නොවේ.
කෙසේ වුවත් සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා මේ වසරේදී මෙතෙක් පැවති එකම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය වූ ‘නරියා කන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේදී අරවින්ද සහභාගී වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ අවසන් මහ තරගයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එම නිසා ‘නරියා කන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේදී තමා අතින් සිදුවූ වැරදි මෙම තරගාවලියේදී නිවැරදි කර නොගත්තෝතින් ‘ගනර් සුපර්ක්‍රොස්’ ධාවන පථයේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පිට පිටම සිව් වරක් කිරුළ පැළදීමට ඇති අවස්ථාව අරවින්දට අහිමිවී යනු ඇත.
අරවින්ද පේ‍්‍රමදාස ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයේදී.... |
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පැවැත්වෙන ‘සීගිරිය රැලි ක්‍රොස් තරගාවලිය සහ ‘කැවල්රි සුපර්ක්‍රොස්’ තරගාවලිය විවිධ හේතූන් මත දින නියමයක් නොමැතිව කල් දැමීම නිසා මෙවර ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ තරගාවලිය පැවැත්වෙන්නේ සියැට් - ස්ලාඩා ශූරතාවලියේ දෙවැනි තරගාවලිය ලෙසයි.
මෙම තරගාවලියේ ඉකුත් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ෂෙහාන් සී. අධිකාරිට අභියෝග කිරීම සඳහා මෙවර ඉෂාන් දසනායක, ජැක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුණසිංහ වැනි තරගකරුවෝ සූදානමින් සිටිති.
ප‍්‍රධාන පෙලේ ඉන්දීය යතුරුපැදිකරුවකු වන කේ. පී. අරවින්ද් සහ ලාබාල ඉන්දීය යතුරුපැදිකරුවකු වන රිග්වෙත් බරුගුජි යන කී‍්‍රඩකයන් දෙදෙනා මෙවර තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබීමද ෂෙහාන්ට හිසරදයක් වනු නොඅනුමානය.
මෙම කී‍්‍රඩකයන් අතුරින් ‘නරියා කන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසද සම්මාන දිනා සිටින කේ. පී. අරවින්ද් සහ ඉකුත් වසරේ පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී ෂෙහාන් සමග කරට කර තරගයක නිරත වූ ඉෂාන් දසනායක, මෙවර දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි ශූරතාව දිනා ගැනීම සඳහා වැඩි ඉඩකඩක් සහිත කී‍්‍රඩකයෝ වෙති.
කෙසේ වුවත් ෂෙහාන්ට අභියෝගයක් විය හැකි තවත් කී‍්‍රඩකයන් දෙදෙනකු වන හිටපු ජාතික මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමීර ප්‍රෙමරත්න විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී නොවන බව ප‍්‍රකාශ කර තිබේ.
ෂෙහාන් සහ ඉෂාන් අතර කරට කර සටනක්... |
දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරාගනු ලබන ඉසව්ව වන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 23 කින් මෙවර තරගාවලිය සමන්විත වේ.
දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු තරගකරුවන් 150 කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට් සමාගම සහ බ‍්‍රවුන්ස් සමාගම එහි සම අනුග‍්‍රහකයෝ ලෙස කටයුතු කරති.
අරවින්ද ප්‍රේමදාස අනෙකුත් තරගකරුවන් පසුකර ඉදිරියට ඇදෙමින්.... |
ඉෂාන් දසනායක සහ ජැක් ගුණවර්ධන, ෂෙහාන් සී. අධිකාරි හඹායමින්.... |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.