Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අරවින්ද - ඉෂාන් ශූරතා දිනති

අරවින්ද - ඉෂාන් ශූරතා දිනති

Dilrukshi - 2015 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි කිරුළ පිට පිටම සිව්වැනි වරටත් තමන් සතුකර ගැනීමට ප‍්‍රවීණ මෝටර් රථ රියැදුරු අරවින්ද පේ‍්‍රමදාස සමත් වෙද්දී, වසර 6 කට පසු දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගනීමට ඉෂාන් දසනායක සමත් විය.

මින්නේරිය, කාලතුවක්කු යුද හමුදා ධාවන පථයේදී 10 වැනි වරට පැවැති මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස විජය පුවත් පත් සමාගම කටයුතු කළේය.

මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට අරවින්ද පේ‍්‍රමදාස නියෝජනය කළ එක්සයිඞ් කණ්ඩායම සමත් වූ අතර යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ඉෂාන් දසනායක සහ ඉවෝන් බී. ගුරුසිංහ නියෝජනය කළ ටී. වී. එස්. කණ්ඩායම සමත් විය.

තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරග දෙකම ඉතා පහසුවෙන් ජයගනිමින් අරවින්ද පේ‍්‍රමදාස, පිට පිටම සිව්වැනි වටරත් දක්ෂතම මෝටර් රථ රියැදුරාට හිමි සම්මානයට හිමිකම් කීවේය.

එම තරග දෙකේදීම අරවින්දට අභියෝගය කිරීමට කිසිදු කී‍්‍රඩකයක් සමත් නොවූ අතර තරග දෙකේම දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා ඩිලාන් සෙනෙවිරත්න, ජනක ඩයස්, පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරා යන තරගකරුවන් අතර තියුණු සටනක් පැවැත්විණ.

එහිදී පළමු තරගයේ තෙවැනි ස්ථානයට සහ දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයට පත්වීමට ජනක ඩයස් සමත් වූ අතර පළමු තරගයේ දෙවැනි ස්ථානයට පත්වූ ඩිලාන් සෙනෙවිරත්න දෙවැනි තරගයේදී ලබාගත් නීතිවිරෝධී ආරම්භය නිසා ඊට දඩුවමක් ලෙස ඔහුට තරගය අතරතුර සිය මෝටර් රථය තත්ත්පර 5 ක කාලයක් නවතා තබා ධාවනයේ යෙදීමට සිදුවිය.

ඉකුත් අපේ‍්‍රල් මාසයේදී පැවැති ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් අශාන් සිල්වාට මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය. එහිදී එකම කණ්ඩායමක් නියෝජනය කළ කී‍්‍රඩකයන් තිදෙනෙකු අශාන්ගේ ගමන් මාර්ගය හරස් කරමින් ඔහුට සුපුරුදු පරිදි ධාවනයේ යෙදීමට නොහැකි වන අයුරින් සිය මෝටර් රථ ධාවනය කළ අයුරු දැකගත හැකි විය.  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු තරගයේ දෙවැනි ස්ථානයට පත්වූ ඉෂාන් දසනායක, ඉන්දීය යතුරුපැදි ශූර කේ. පී. අරවින්ද් සමග කළ කරට කර තරගයකින් අනතුරුව දෙවැනි තරගය ජයගනිමින් පළමු වරට ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි ශූරතාවට හිමිකම් කීවේය.

ඉෂාන් වසර 6 කට පසු තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වී ඇත්තේ 2009 වසරේ පැවැති සීගිරිය රැුලි ක්‍රොස් තරගාවලියේදීය. ඒ වන විට ඔහු 16 වැනි වියේ පසු විය.  

පළමු තරගයේ පළමු වට 5 ක් නිමාවන තෙක්ම පෙරමුණේ රැුදී සිටිමට ඉෂාන් සමත් වුවත්, ඔහුට පසුපසින් පැමිණි ෂෙහාන් සී. අධිකාරි 6 වැනි වටය තුළදී ඉෂාන්ව පසුකර ඉදිරියට ඇදෙමින් එම තරගය ජය ගැනීමට සමත් විය.

කෙසේ වුවත් ඉකුත් වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ෂෙහාන්ට දෙවැනි තරගයේදී තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකිවූ අතර එය හුදෙක්ම ඉෂාන් සහ කේ. පී. අරවින්ද් අතර පැවැති තරගයක් විය.

පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදීද සාර්ථක ආරම්භයක් ලබාගත් ඉෂාන්, පෙරමුණ රැකගනිමින් නියමිත වට 8 අවසානයේ පේ‍්‍රක්ෂක ඔල්වරසන් මැද ජයග‍්‍රාහකයා ලෙස තරගය නිම කළේය. එම වට 8 පුරාම දෙදෙනා අතර පැවැති පරතරය අඩු, වැඩි කරගනිමින් ඉෂාන්ගේ පසුපස හඹාගිය කේ. පී. අරවින්ද්ට දෙවැනියා ලෙස තරගය අවසන් කිරීමට සිදුවිය. ජැක් ගුණවර්ධන එම තරග දෙකේම තෙවැනි ස්ථාන වලට පත්විය.

අනෙක් තරගකරුවන්ට වඩා මීටර 200 ක පමණ පරතරයක් තබාගනිමින් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයෙන්ද ජය ලැබීමට ඉෂාන් දසනායක සමත් විය.

එස්. එම්. කාණ්ඩයේ සුපිරි යතුරුපැදි (සි. ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ පැවැති තරග දෙකම ජය ගැනීමට ඉමාල් මංචනායක සමත් වූයේ ආනන්ද වෙඩිසිංහ, උදික ශ්‍රීමාල් මලවිගේ, ආනන්ද සම්පත් සහ සචිර රාජකරුණා වැනි එම ඉසව්වේ ප‍්‍රභල තරගකරුවන් පසුපසට ඇද දමමිනි. එම තරග දෙක ජයගැනීම සඳහා ඔහු සිලින්ඩර ධාරිතාව 250 ක් වූ යතුරුපැදියක් භාවිතා කිරීමද කැපීපෙන සිදුවීමක් විය.

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ ඉසව්වේ පැවැති තරග දෙකෙන්ම ජය වාර්තා කිරීමට යොවුන් කී‍්‍රඩක කුෂාන්පීරිස් සමත් වූයේ එම තරග දෙකේදීම ප‍්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

කළකට පසු නැවතත් තම සුපුරුදු දස්කම් අතරට පැමිණි දමිත් වීරසිංහ, එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා* මෝටර් රථ ඉසව්වේදී ද්විත්ව ජයග‍්‍රහණයන්ට හිමිකම් කී අතර ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට සංජය සේදර සෙනරත් සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර සියැට් සමාගම සහ බ‍්‍රවුන්ස් සමාගම එහි සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළේය.

තරග ප‍්‍රතිඵල

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)

1 කවිඳු කෙවිටියාගල (හොණ්ඩා සී. ආර්. 85)
2 රිග්වෙත් බාබුජී (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
3 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 85)

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එකස්. 125)
2 ප‍්‍රදීප් කුමාර (කවසාකි කේ. ඞී. එකස්. 125)
3 නිෂාන්ත වික‍්‍රමගේ (කවසාකි කේ. ඞී. එකස්. 125)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)

1 නිම්න අභිෂේක් (යමහා පී. ඩබ්ලිව්. 50)
2 ගගන ප‍්‍රනාන්දු (යමහා පී. ඩබ්ලිව්. 50)
3 දෙමිත් ජයවර්ධන (යමහා පී. ඩබ්ලිව්. 50)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 යූ. සී. පෙරේරා (ෆෝඞ් ලේසර් 1300)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටොක්‍රොස් සන්නද්ධ සේවා යතුරුපැදි

1 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ

1 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)
2 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)
3 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1000)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා)සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා)මෝටර් රථ පළමු තරගය

1 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී.VI 1600)
2 උපුල්වන් සේරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
3 සංජීව ද මෙල් (හොන්ඩා ඊ. ජී. VI 1600)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි

1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ

1 ටිරෝන් හෙන්ඳාවිතාරණ (සුබාරු ලෙගාසි 2200)
2 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
3 චමින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2200)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය

1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ඩිලාන් සෙනෙවිරත්න (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)

1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
2 බුද්ධික ශ්‍රී සඳකැලූම් (හොණ්ඩා සී. ආර්. 85)
3 ඞී. එම්. ඞී. කල්හාර (යමහා වයි. ඉසෙඞ්. 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි පළමු තරගය

1 ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)
2 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
3 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ

1 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)
2 මයිකල් විජේසූරිය (නිසාන් මාර්ච් 1500)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපිරි යතුරුපැදි පළමු තරගය

1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 සචිර රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

1 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 සම්පත් කුමාර (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 චමින්ද වීරසූරිය (ෆෝඞ් ලේසර් 1500)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය

1 ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ආනන්ද සම්පත් (හොන්ඩා සී. ආර්. එෆ්. 450)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 දමිත් වීරසිංහ (හොන්ඩා ඊ. ජී. VI 1600)
2 උපුල්වන් සේරසිංහ (හොන්ඩා ඊ. ජී.VI 1600)
3 ලක්මාල් විජේරත්න (හොන්ඩා ඊ. ජී. VI 1600)

ට‍්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ

1 සංජය සේදර සෙනරත් (මිට්සුබිශී එවොලූෂන් 3000)
2 රවී මායාදුන්නේ (ලෑන්ඞ් කෘසර් 300)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිශී පෙජරෝ 2800)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය

1 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
3 ජැක් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

අරවින්ද - ඉෂාන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.