Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය රැලි ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ පිට පිටම දෙවතාවක්ම (2013 සහ 2014) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස ශූරතා දිනා සිටින අශාන් සිල්වාට මේ වසරේදී සිය ශූරතාව රැකගැනීම සඳහා ප‍්‍රවීණ කී‍්‍රඩක අරවින්ද පේ‍්‍රමදාසගෙන් දැඩි අභියෝගයක් එල්ලවී තිබේ.
මේ වසරේදී පැවැති සියැට් - ස්ලාඩා ශූරතාවලියේ පළමු අදියර වූ ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වුවද, එහි දෙවැනි අදියර වූ ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඔහු අපොහොසත් විය.
‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේදී අශාන්ට පමණක් දෙවැනි වෙමින් දෙවැනි ස්ථාන දෙකක් දිනාගත් අරවින්ද පේ‍්‍රමදාස, ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී අශාන්ව පසුකර යමින් එම තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවටද පත්විය.
එම නිසා සියැට් - ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි අදියර වන සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේදී පේ‍්‍රක්ෂකයන්ට මෙම කී‍්‍රඩකයන් දෙදෙනා අතර ද්වන්ද සටනක් දැකගැනීමට අවස්ථාව උදාවනු ඇති අතර ඔවුන් දෙදෙනාටම තම ප‍්‍රසාද ලකුණු මට්මම් ඉහළ දමා ගැනීම සඳහාද මෙය ඉතා තීර්ණාත්මක තරගාවලියක් වනු ඇත.
මේ වන විට (පළමු අදියර දෙක අවසානයේ) අරවින්ද පේ‍්‍රමදාස ලකුණු 38 ක් ලබා සියැට් - ස්ලාඩා ප‍්‍රසාද ලකුණු සටහනේ මෝටර් රථ අංශයේ පෙරමුණේ රැදී සිටින අතර ලකුණු 25 ක් ලබා අශාන් සිල්වා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
තෙවැනි වරටත් සීගිරිය ධාවන පථයේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා අරවින්දගෙන් එල්ල වන අභියෝගයට අමතරව සියැට් ධාවන කණ්ඩායම නියෝජනය කරන පසිඳු පීරිස්, ජනක ඩයස් සහ උෂාන් පෙරේරා යන කී‍්‍රඩකයන්ගෙන් අශාන්ට එල්ල වන අභියෝගයද එතරම් සුළුපටු එකක් ලෙස සැළකිය නොහැක.
මක්නිසාදයත් පසිඳු පීරිස්, ජනක ඩයස් සහ උෂාන් පෙරේරා යන කී‍්‍රඩකයන්ගේ එකමුතු සහ උපක‍්‍රමශීලි කී‍්‍රඩා විලාශය, ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී අශාන්ට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වීමට ප‍්‍රධානතම හේතුව වූ බැවිනි.
එම නිසා අශාන්ට තවත් වසරක් සඳහා සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ ශූරතාව රැකගැනීමට නම් ඉහත කී සියලූ අභියෝග වලට මුහුණදී ඒවා සාර්ථකව ජයගැනීමට සිදුවන අතර ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී තමා අතින් සිදුවූ වැරදි නිවැරදි කරගැනීමටද සිදුවේ.
ඉකුත් වසරේ පැවැති සීගිරිය රැළි ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද්ගෙන් එම ශූරතාව ඩැහැගැනීම සඳහා මෙවර ඉෂාන් දසනායක සහ ෂෙහාන් සී. අධිකාරි ඉතා තියුණු සටණක නිරත වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
මේ වසරේ පැවැති ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ කේ. පී. අරවින්ද්, ඉෂාන්ගේ සහ ෂෙහාන්ගේ දස්කම් හමුවේ ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේදී යම් පසුබෑමකට ලක්වීම ඊට ප‍්‍රධානතම හේතුව ලෙස හැදින්විය හැක. අරවින්ද් සහ ෂෙහාන් සමග කළ තියුණු තරගයකින් අනතුරුව ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශූරතා දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් විය.
මේ වන විට කේ. පී. අරවින්ද් ලකුණු 33 ක් ලබා සියැට් - ස්ලාඩා ප‍්‍රසාද ලකුණු සටහනේ යතුරුපැදි අංශයේ පෙරමුණේ රැදී සිටින අතර ලකුණු 31 ලබා ෂෙහාන් එහි දෙවැනි ස්ථානයේත්, ලකුණු 24 ක් ලබා ඉෂාන් එහි තෙවැනි ස්ථානයේත් සිටිති.
යොවුන් කී‍්‍රඩකයන් වන ජැක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුරුසිංහ මෙන්ම නැගී එන කී‍්‍රඩකයකු වන බුද්ධික සිල්වාද තමන්ට ලැබෙන සුළු අවස්ථාවන්ගෙන් පවා ප‍්‍රයෝජන ගැනීමට සූදානමිව සිටින බැවින් ඉෂාන්ට සහ ෂෙහාන්ට ශූරතාව කරා යෑමේදී ඔවුන් අතින් සිදුවන අඩුපාඩු අවම කරගැනීමට සිදුවනු ඇත.
කෙසේ වුවත් හිටපු ජාතික මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමීර ප්‍රෙමරත්න විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් මෙවර තරගාවලියටද සහභාගී නොවන බව ප‍්‍රකාශ කර තිබීම අරවින්ද්ට සිය ශූරතාව රැකගැනීම සඳහා යම් තරමක හෝ අස්වැසිල්ලකි.
සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග 2 සහ එම්. එක්ස්. කාණ්ඩයේ යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 22 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනකුද සමගින් දේශීය තරගකරුවන් 150 දෙනෙක් පමණ සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 7 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ලංකා බැංකුව කටයුතු කරන අතර හොණ්ඩා, ඊටෙල් යන සමාගම් සහ මහජන බැංකුව තරගාවලියේ සම අනුග‍්‍රහකයෝ ලෙස කටයුතු කරති.
තරගාවලිය අගෝස්තු මස (2 වැනිදා) පෙරවරු 8.30 සිට සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.