Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන්ට තත්පර 19 කින් වාර්තාව මඟහැරෙයි

අශාන්ට තත්පර 19 කින් වාර්තාව මඟහැරෙයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 23 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කිරීමට මෝටර් රථ ක්‍රීඩක අශාන් සිල්වා සමත් විය. 
 
‘එස්-එල්-ජී-ටී.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන්ට එම තරගයේ වටයක් නිමා කිරීම සඳහා අතවූ අඩුම කාලය වූයේ තත්පර 32.61 කි. කෙසේ වුවත් තරගාවලියේ වේගවත්ම කාලය ලෙස සටහන් වී ඇති 32.42 වාර්තාව බිඳ දැමීමට අශාන්ට නොහැකි විය. 
 
ඉකුත් වසරේ (2018) පැවැති තරගාවලියේදී ‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වෙමින් එම වාර්තාව පිහිටවූ ඩිලාන් සෙනෙවිරත්න, මෙවර තරගාවලියේදී වාර්තා කළ වේගවත්ම කාලය තත්පර 32.92 කි. 
 
 පිට පිටම දෙවැනි වසරටත් අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට දුෂාන් මුදලිගේ සමත් විය. ඔහු මෙවර එම සම්මානයට හිමිකම් කීවේ ‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය තත්. 34.43 කින් නිමා කරමිනි. එම කාණ්ඩයේ විවෘත යතුරුපැදි තරගය ජයගනු ලැබුවේද දුෂාන් විසිනි. 
 
මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගත් එකම ක්‍රීඩකයා බවට පත්වීමට යතුරුපැදි ක්‍රීඩක සුපුන් සුරාජ් සමත් වූ අතර ඩිලාන් සෙනෙවිරත්න, රජිත් උළුවිට සහ ඩිලූප පල්ලියගුරු යන ක්‍රීඩකයෝ මෝටර් රථ කාණ්ඩෙයේ ද්විත්ව ජයග්‍රහණ වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.  
 
 
මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 19 ක් සහ යතුරුපැදි ඉසව් 15 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 
Ashan
DSC_0248
DSC_0439
 
මෝටර් රථ තරග ප්‍රතිඵල
 
‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (තත්. 39.02) 
2 ෂෙනාල් ගුණවර්ධන (තත්. 40.14) 
3 සුසන්ත ගුණවර්ධන (තත්. 40.81) 
 
‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (තත්. 39.53) 
2 සුසන්ත ගුණවර්ධන (තත්. 40.36) 
3 ෂෙනාල් ගුණවර්ධන (තත්. 40.89) 
 
‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 රංජය දිසානායක (තත්. 36.90) 
2 චන්දිම ගුණරත්න (තත්. 36.94) 
3 අයේෂ් බණ්ඩාර (තත්. 37.83) 
 
‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්. 33.85) 
 
‘එස්-එල්-එෆ්’ කාණ්ඩයේ (සි. ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගය 
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්. 32.92) 
2 චන්දිම ගුණරත්න (තත්. 40.14) 
 
‘ටී-ජේ’ කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ට්‍රක් සහ ජීප් රථ තරගය
1 කාසිම් වහබ් (තත්. 50.72) 
2 ඉෂ්රාක් වහබ් (තත්. 59.93) 
 
‘ටී-ජේ’ කාණ්ඩයේ ට්‍රක් සහ ජීප් රථ තරගය (විවෘත) 
1 සංජය සේදර සෙනරත් (තත්. 38.62) 
2 ඉෂ්රාක් වහබ් (තත්. 38.91) 
3 කාසිම් වහබ් (තත්. 53.21) 
 
‘එස්-එල්-ඒ’ කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (තත්. 36.40) 
2 මහේන් මඩුගල්ල (තත්. 38.54) 
3 ඩිලංක විජේසූරිය (තත්. 39.69) 
 
‘එස්-එල්-ඒ’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා (මිනි 7) මෝටර් රථ තරගය
1 නාමල් සිල්වා (තත්. 41.24) 
2 නීල් වීරසිංහ (තත්. 41.32) 
3 ප්‍රසාද් වික්‍රමසිංහ (තත්. 42.77) 
 
‘එස්-එල්-එච්’ කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 ඉර්ෆාන් ෆෝඞ් (තත්. 35.54) 
2 රන්දික නිරෝෂන් (තත්. 35.58) 
3 විරේන් බොතේජු (තත්. 35.63) 
 
එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ 
1 ශිරාන් ඩූල් (තත්. 37.93) 
2 මාලික කුරුවිටාරච්චි (තත්. 38.95) 
3 හෂේන් පීරිස් (තත්. 39.32) 
 
‘එස්-එල්-ජී-ටී’ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (තත්. 32.61) 
2 ඩැරින් වීරසිංහ (තත්. 33.12) 
3 ඉෂ්රාක් වහබ් (තත්. 34.40) 
 
‘එස්-එල්-එන්’ කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඩිලූප පල්ලියගුරු (තත්. 41.11) 
2 එම්.එම්.ඒ. ජයනිත් (තත්. 41.35) 
3 කේසර ගොඩගේ (තත්. 42.00) 
 
‘එස්-එල්-ඊ’ කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 නවීන් මාධව (තත්. 40.64) 
2 චාමත් පල්ලියගුරු (තත්. 40.98) 
3 රෂිත පසන් (තත්. 41.20) 
 
‘එස්-එල්-ඊ’ කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 සඳරු වීරසිංහ (තත්. 39.70) 
2 දුලාංජන පෙරේරා (තත්. 40.69) 
3 දයාන් රාජපක්ෂ (තත්. 40.89) 
 
‘එස්-එල්-එස්’ කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 දිලීප ප්‍රනාන්දු (තත්. 43.52) 
2 කලීම් ඉක්බාල් (තත්. 44.96) 
 
‘ඩී’ කාණ්ඩයේ විවෘත ඩීසල් මෝටර් රථ තරගය (ක්‍රීඩා සමාජයේ තරගකරුවන් සඳහා) 
1 ඩිලූප පල්ලියගුරු (තත්. 42.93) 
2 ප්‍රසන්න ද සිල්වා (තත්. 43.42) 
3 උදාර පල්ලියගුරු (තත්. 44.46) 
 
ක්‍රීඩා සමාජයේ ආධුනික තරගකරුවන් සඳහා පැවැති මෝටර් රථ තරගය 
1 චමත් පල්ලියගුරු (තත්. 40.64) 
2 රසිත පසන් (තත්. 41.95) 
3 දුමින්ද ගුණසේකර (තත්. 44.09) 
 
යතුරුපැදි තරග ප්‍රතිඵල
 
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 සංජීව උදය කුමාර (තත්. 42.28) 
2 ආර්.එම්.ආර්. රණතුංග (තත්. 42.62) 
3 ශමින්ද සුභසිංහ (තත්. 43.51) 
 
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 අසංක සමරවික්‍රම (තත්. 38.71) 
2 මංගල පතිරගේ (තත්. 39.62) 
3 නිලික පතිරගේ (තත්. 42.62) 
 
ස්වංක්‍රීය සම්ප්‍රේෂක ස්කූටර් (සි. ධා. 110 දක්වා) යතුරුපැදි තරගය
1 විනුල පතිරගේ (තත්. 44.89) 
2 මංගල පතිරගේ (තත්. 48.28) 
3 නිලික පතිරගේ (තත්. 48.53) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 නිපුන් ඩිලංක (තත්. 36.13) 
2 ජානක දිනේෂ් (තත්. 36.61) 
3 විනුල පතිරගේ (තත්. 39.11) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 450 සිට 600 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 සුපුන් සුරාජ් (තත්. 38.48) 
2 අනුරාධ දිසානායක (තත්. 43.87) 
3 නවීන් ඩිල්ෂාන් (තත්. 45.87) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 900 සිට 1000 දක්වා) නවීකරණය කළ යතුරුපැදි තරගය
1 මධුරංග කල්දේරා (තත්. 37.26) 
2 ඉන්සාෆ් බාෂීර් (තත්. 37.79) 
3 ළහිරු හංස (තත්. 39.92) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය
1 ධනුෂ්ක ද සිල්වා (තත්. 41.74) 
2 සංජීව උදය කුමාර (තත්. 42.45) 
3 උදාර චන්දිමාල් (තත්. 45.64) 
 
සංචාරය සඳහා නවීකරණය කළ (සි. ධා. 700 දක්වා) ක්‍රීඩා යතුරුපැදි තරගය
1 ශෂික සඳරුවන් (තත්. 38.46) 
2 මංගල පතිරගේ (තත්. 39.16) 
3 රුක්ෂාන් තාරුක (තත්. 42.44) 
 
‘එම්’ කාණ්ඩයේ නවීකරණය නොකළ බුවෙල් යතුරුපැදි තරගය
1 බුද්ධික ජයලාල් (තත්. 39.58) 
2 අමිල හෂාන් (තත්. 42.33) 
3 අෂාන් සංජුන (තත්. 44.97) 
 
‘එම්’ කාණ්ඩයේ නවීකරණය නොකළ කවසාකි ට්‍රැකර් යතුරුපැදි තරගය
1 සුපුන් සුරාජ් (තත්. 38.82) 
2 එම්. රිස්වි (තත්. 39.18) 
3 එච්.එච්.එස්. භානුක (තත්. 39.30) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) ස්ට්‍රීට් ට්‍රේල්  යතුරුපැදි තරගය
1 සුපුන් සුරාජ් (තත්. 38.60) 
2 ආර්.එම්. නිම්ෂාඞ් (තත්. 39.39) 
3 මහීල් පවිත්‍ර (තත්. 39.97) 
 
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) යතුරුපැදි තරගය (ක්‍රීඩා සමාජයේ තරගකරුවන් සඳහා) 
1 කසුන් විමුක්ති (තත්. 41.97) 
2 ඥාන ප්‍රකාශ් (තත්. 42.62) 
3 දමිත් රුවන් (තත්. 44.46) 
 
‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 දුෂාන් මුදලිගේ (තත්. 34.43) 
2 නිපුන් දිංලක (තත්. 37.28) 
3 දිලීප් කුමාර (තත්. 37.74) 
 
‘එස්-එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය (විවෘත)
1 දුෂාන් මුදලිගේ (තත්. 35.66) 
2 දිලීප් කුමාර (තත්. 37.75) 
3 දමිත් මධුෂංක (තත්. 41.35) 
 
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය (ක්‍රීඩා සමාජයේ තරගකරුවන් සඳහා) 
1 ආර්.එම්.ආර්. රණතුංග (තත්. 42.62) 
2 ඩිලාන් රත්නායක (තත්. 43.06) 
3 නිමුදු ලක්මාල් (තත්. 44.22) 
 
 

අදහස් (0)

අශාන්ට තත්පර 19 කින් වාර්තාව මඟහැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.