Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියතලාව, නරියා කන්ද ධාවන පථයේදී පැවති 23 වැනි ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්‍ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර ඉකුත් වසරේදී දිනාගත් දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානය මේ වසරේදීත් තමන් සතුකර ගැනීමට ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් සමත් විය.
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට අයත් නරියා කන්දේදී තරගාවලිය සෙනසුරාදා (18 වැනිදා) පැවැත්විණ.
සජාඞ් සුහේර් සහ ඩිලාන් සෙනෙවිරත්න නියෝජනය කළ ඊසි රේසිං කණ්ඩායම මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර ශානුක සඳරුවන් සහ ඉමාල් මංචනායක නියෝජනය කළ හොණ්ඩා කණ්ඩායම යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගතතේය.
තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ ඉසව්ව සඳහා කී‍්‍රඩකයන් 14 දෙනකු සහභාගී වීම නිසා එය කී‍්‍රඩකයන් 7 දෙනා බැගින්වූ අදියර 2 කින් පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 5 දිනාගත් කී‍්‍රඩකයන් 10 දෙනා අතර අවසන් මහ තරගයක් පවත්වා මෙවර දක්ෂතම රියැදුරා තෝරාගනු ලැබිණ.
එහිදී පළමු අදියරේ ජය අශාන් සිල්වාට හිමිවූ අතර දෙවැනි අදියරේ ජය මිස්සක නවීන්ට හිමිවිය. කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ප‍්‍රබල කී‍්‍රඩකයන් වන අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස්, ජනක ඩයස්, රිස්වි ෆාරුක් සහ ඩිලාන් සෙනෙවිරත්න මෙන්ම දෙවැනි අදියර ජයගත් මිස්සක නවීන්ද පසුපසට ඇද දමමින් එහි ජය තමන් සතුකරගැනීමට අශාන් සිල්වා සමත් විය.
කළකට පසු නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් අශාන් මෙම ජයග‍්‍රහණය වාර්තා කළ අතර ඔහුට එරෙහිව පැවැති තරග තහනමක් නිසා මාස 6 ක පමණ කාලයක් ඔහු මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සංවිධානය කළ තරගාවලි වලින් ඉවත්ව සිටියේය.
පසුගිය වසරේ දක්ෂතම රියදුරා බවට පත්වූ දිනේෂ් දෙහෙරගොඩ මෙවර තරගාවලියට සහභාගී නොවූ අතර 10 වරක් නරියා කන්ද මෝටර් රථ ශූරතාව දිනාගෙන ඇති අරවින්ද පේ‍්‍රමදාසට එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ අවසන් මහ තරගයේදී තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත විය. ෂෙහාන් සී. අධිකාරි සමග කළ තියුණු තරගයකින් අනතුරුව එම අදියර දෙකම ජයගත් ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. එම තරග දෙකේම දෙවැනි ස්ථාන ෂෙහාන් සී. අධිකාරිට හිමිවිය.
ප‍්‍රබල මොටෝක්‍රොස් තරගකරුවකු වන ගයාන් සඳරුවන් දකුණතේ අබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී නොවීමත්, පළමු අදියරේ තෙවැනි ස්ථානය දිනාගත් ඉෂාන් දසනායක දෙවැනි අදියර අතරතුර ධාවන පථය මත ඇද වැටීම හේතුවෙන් ඉන් ඉවත් වීමත් නිසා කේ. පී. අරවින්ද්ට සහ ෂෙහාන් සී. අධිකාරිට එතරම් අභියෝගක් එල්ල නොවීය.
මෙවර තරගාවලියේ වැඩිම කී‍්‍රඩකයන් සංඛ්‍යාවක් (17 ක්) සහභාගීවූ මෝටර් රථ තරගය වූ එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) තරගය ජයගත් ලාබාල කී‍්‍රඩක කුෂාන් පීරිස්, ඉන් නොනැවතී එස්. එල්. එන්. කාණ්ඩයේම ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) තරගය සහ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයද ජයගත්තේ මෙවර තරගාවලියේ වැඩිම ජයග‍්‍රහණ ප‍්‍රමාණයකට හිමිකම් කී තරගකරුවා බවට පත් වෙමිනි.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය අනෙක් තරගකරුවන්ට මීටර 200 ක පමණ පරතරයක් තබාගනිමින් ජයගැනීමට ඉෂාන් දසනායක සමත් වූ අතර ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි තරග දෙකේම ජයග‍්‍රහණ ශානුක සඳරුවන් හිමිකර ගත්තේය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකම ජය ගැනීමට සජාඞ් සුහේර් සමත් වූ අතර දමිත් වීරසිංහ එම තරග දෙකේම දෙවැනි ස්ථාන වලටද, උපුල්වන් සේරසිංහ තෙවැනි ස්ථාන වලටද පත්වූහ.
තවත් වේගවත් තරග ඉසව්වක් වූ එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 750 දක්වා) සුපිරි යතුරුපැදි (සුපර් මෝටාඞ්) තරගය ජයගැනීමට ඉමාල් මංචනායක සමත්වූයේ ප‍්‍රවීණ කී‍්‍රඩක සුරාජ් පෙරේරා, අනාන්ද සම්පත් වීරසිංහ සහ සචිර ගිම්හාන වැනි තරගකරුවන් පසුපසට ඇද දමමිනි.
පළමු ට‍්‍රක් සහ ජීප් තරගය පහසුවෙන්ම ජයගත් බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ, ඉෂ්රාක් වහබ් සමග කළ කරට කර තරගයකින් අනතුරුව දෙවැනි ට‍්‍රක් සහ ජීප් තරගයද ජයගනිමින් ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේය.
ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන් ද සිල්වා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස තරගාවලියට එක්ව සිටියහ.
ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කළේය.
හුවාවි සමාගම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කළ අතර සියැට්, එක්සයිඞ්, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය සම අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කළහ.
තරග ප‍්‍රතිඵල
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා 1300)
2 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)
3 යූ. සී. පෙරේරා (ෆෝඞ් ලේසර් 1300)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි.ධා. 750 දක්වා) සුපිරි යතුරුපැදි පළමු තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
එස්. එල්. ඒ. කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 1050 දක්වා) සමාන්‍ය මෝටර් රථ තරගය
1 යෝගා පෙරේරා (මිනි කොස්මික් 1040)
2 ලක්මාල් විජේරත්න (මොරිස් මිනි 1046)
3 සිතාර පීරිස් (වොක්ස්වැගන් පෝලෝ 1043)
එම්. එක්ස්. කාණ්ඩයේ සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 නාමල් කුමාර (යමහා වයි. ඉසෙඞ්. 125)
3 සුසන්ත සඳරුවන් (යමහා වයි. ඉසෙඞ්. 125)
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ) තරගය
1 ලක්දිනු ගුණසේකර (යමහා වයි. ඉසෙඞ්. 85)
2 කේසර ගොඩගේ (කේ. ටී. එම්. 85)
3 ඞී. එම් ඞී. කල්හාර (යමහා වයි. ඉසෙඞ්. 85)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. VI 1600)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ආර්. VI 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 නිහල් විජේරත්න (යමහා වයි. ඉසෙඞ්. 125)
3 නාමල් කුමාර (යමහා වයි. ඉසෙඞ්. 125)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ඉවෝන බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 හෂේන් පසිඳු (සුබාරු ලෙගාසි 2200)
2 මලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
3 චමින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ටිරෝන් හෙන්ඳාවිතාරන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 මිස්සක නවීන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඩිලාන් සෙනෙවිරත්න (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ට‍්‍රක් සහ ජීප් රථ තරගය
1 රවී මායාදුන්නේ (ලෑන්ඞ් කෘසර් 3000)
2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජෙරෝ 2800)
3 මංජුල විජේසිංහ (මිට්සුබිෂී පෙජෙරෝ 2800)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 125)
2 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ඉෂාන් දසනායක (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 125)
එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය
1 සමන් කරුණාරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
2 නිහල් විජේරත්න (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
3 අනුර එස්. කීර්ති (කවසාකි කේ. ඞී. එක්ස්. 125)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා 1500)
2 ලලින් කිරින්ද (ෆෝඞ් ලේසර් 1500)
3 එච්. එල්. බී. ප‍්‍රනාන්දු (ෆෝඞ් ලේසර් 1500)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)
2 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. ,, 1500)
3 දිනේෂ් සේනානායක (හොණ්ඩා සිවික් 1500)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 1100 සිදක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංනායක (හොණ්ඩා සි. ආර්. එෆ්. 250)
2 ආනන්ද සම්පත් (හොණ්ඩා සි. ආර්. එෆ්. 450)
3 සචිර රාජකරුණා (හොණ්ඩා සි. ආර්. එෆ්. 450)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. VI 1600)
2 දමිත් වීරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
3 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ට‍්‍රක් සහ ජීප් රථ විවෘත තරගය
1 රවී මායාදුන්නේ (ලෑන්ඞ් කෘසර් 3000)
2 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවලූෂන් 3500)
3 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජෙරෝ 2800)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
3 ලහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) අවසන් මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අරවින්ද පේ‍්‍රමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 කේ. පී. අරවින්ද් (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ෂෙහාන් සී. අධිකාරි (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
23 වැනි ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.