Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධාවන පථය පුරා අණසක පතුරවමින් පළමු වරට පැවැති ‘කොළඹ සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට අශාන් සිල්වා සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (7 වැනිදා) වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී පැවැත්විණ. අශාන් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කීවේ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර දෙකම ජයගනිමිනි.
තරගකරුවන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති එම අදියර දෙකේදීම එක් වරක් හෝ තමා පසුකරයෑමට අන් කිසිදු තරගකරුවකුට ඉඩ නොදීමට ඔහු වග බලාගත්තේය. එහිදී ආරම්භයේ සිට අවසානය දක්වාම අශාන් පසුපස හඹාගිය පසිඳු පීරිස්ට අදියර දෙකේදීම දෙවැනි ස්ථාන වලින් සෑහීමකට පත්වීමට සිදුවිය. පළමු අදියරේ තෙවැනි ස්ථානය නිෂාන් වාසලතන්ත්‍රිටද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය මනීෂ් ගුණතිලකටද හිමිවිය.
මේ වසරේදී අශාන් පිට පිටම දිනාගත් තෙවැනි දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය මෙය වන අතර මින් පෙර ඔහු කටුකුරුන්දේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ තරගාවලියේදී මෙන්ම දියතලාවේදී පැවැති ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේදීද දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කිවේය.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත් කුෂාන් පීරිස්, ඉන් නොනැවතී එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයද ජයගත්තේ එම ඉසව් දෙකට සහභාගී වූ ප්‍රවීණ තරගකරුවන් රැසක් පසුපසට ඇද දමමිනි.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය මෙන්ම ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගයද ජයගනිමින් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට මංජුල විජේසිංහ සමත් විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස ෂෙල් ලිහිසිතෙල්, සියැට්, ස්ට්‍රැෆඞ් මෝටර්ස්, එලිෆන්ට් හවුස්, ප්‍රීමා, මහින්ද්‍රා මෝටර්ස් සහ මැක්ලරන්ස් ලිහිසිතෙල් යන සමාගම් සහ ආයතන කටයුතු කළේය.
මෝටර් තරග ප්‍රතිඵල
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1000)
2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
3 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 දුමින්ද ජයසිංහ (මිනි 1275)
2 නීල් වීරසිංහ (ඔටෝබක්ස් මිනි 1275)
3 සෙඩි්‍රක් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරන කරන ලද මෝටර් රථ
1 අජිත් කීර්ති (මිනි ඔටෝ බේස් 1050)
2 එස්. ඒ. හර්ෂ (නිසාන් මාර්ච් 1050)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1050)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමිලියා 1300)
3 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 උපුල්වන් සේරසිංහ (හොන්ඩා වී ටෙක් 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2000 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මංජුල විජේසිංහ (සුබාරු ලෙගාසි 2000)
2 ධනුක වීරකෝන් (සුබාරු ලෙගාසි 2000)
3 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 නිෂාන් වාසලතන්ත්‍රි (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ
1 මංජුල විජේසිංහ (මිට්සුබිෂී 2500)
2 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී 2500)
3 ඉන්දු සමරකෝන් (මිට්සුබිෂී 3200)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
ප්‍රතිඵල අත්හිටුවන ලදි.
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී පෙජරො 3500)
2 දිනේෂ් සේනානායක (ටොයොටා 2000)
3 දුමින්ද ජයසිංහ (ටොයොටා 3800)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 මනීෂ් ගුණතිලක (මිට්සුබිෂී එවොලූෂන් 2000)
|
|
|
|
කොළඹ සුපර්ක්‍රොස් මෝටර්රථ තරගාවලියේ උණුසුම් අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.