Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන් පස්වැනි ශූරතාව හඹා යයි

අශාන් පස්වැනි ශූරතාව හඹා යයි

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතර වතාවක්ම නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ අශාන් සිල්වා, පස්වැනි වරටත් ශූරතාව දිනාගැනීමේ අරමුණින් මෙවරත් නරියා කන්ද සුපර්ක්‍රොස් තරග බිමට පිවිසෙයි. ඔහුට අභියෝග කරන්නන් අතර උෂාන් පෙරේරා සහ කුෂාන් පීරිස් දෙනාම පෙරමුණේ සිටියද උෂාන් හෝ කුෂාන් තවමත් එක් වරක් හෝ එම සම්මානයට හිමිකම් කීමට සමත්ව නැත. 

අශාන් 2013, 2015, 2017 සහ 2018 වසරවලදී නරියාකන්ද තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා සම්මානය දිනා සිටින අතර මෝටර් ක්‍රොස් තරග ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් හිමි පළපුරුදු රියැදුරෙකි. 

පිට පිටම තෙවරක් (2016, 2017 සහ 2018) නරියාකන්ද තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනා සිටින ඉෂාන් දසනායකට, මේ වසරේදී සිය ශූරතාව රැක ගැනීම සඳහා බුද්ධික කසුන් සිල්වා, ඉවෝන් බී. ගුරුසිංහ සහ ජාක් ගුණවර්ධන වැනි ප්‍රබල ප්‍රතිවාදීන් සමග කරට කර තරගයක නිරත වීමට සිදුවනු ඇත. 

ඉකුත් වසරේ (2018) ජාතික මොටෝ ක්‍රොස් ශූරයා බවට පත් වූ බුද්ධික කසුන් සිල්වාට එවර නරියාකන්ද තරගාවලියේ ශූරතාව අහිමි වී ගියේ නූලෙනි. එබැවින් මෙවර තරගාවලියේදී බුද්ධික සහ ඉෂාන් අතර ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය. 

දක්ෂතම මෝටර් රථ රියදුරා තෝරාගනු ලබන ඉසව් 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව් 2 ද සමග, මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 14 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 250 කට ආසන්නය. 

දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලිය මේ මස 21 වැනිදා උදෑසන 8.30 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය 27 වැනි වරට මෙම තරගාවලිය සංවිධානය කරයි. 

මෙවර නරියාකන්ද තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.  

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

අශාන් පස්වැනි ශූරතාව හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.