Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිහි ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදී පැවැති ‘හැන්කුක් ඩුබායි 2017 (පැය24)’ (Hankook 24H Dubai 2017) මෝටර් රථ තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ අශාන් සිල්වා සමත් විය.
‘ලැප්57 මෝටර් ස්පොර්ට්’ (Lap57 Motorsport) කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූ අශාන්, හොණ්ඩා ඩී. සී. 5 වර්ගයේ මෝටර් රථයකින් තරගයට එක් විය. ‘ලැප්57 මෝටර්ස්පොර්ට්’ කණ්ඩායමට තවත් ජපන් ජාතිකයෝ තිදෙනෙක් සහ ජර්මානු ජාතිකයෙක්ද ඇතුලත් වූහ.
|
මෙම තරගාවලිය සඳහා ලොව පුරා මෝටර් රථ ධාවකයන් 400 ක් පමණ සහභාගි වූ අතර පැය 24 ක් (එක් දිනක්) පුරා නොකඩවා එක දිගට ධාවන කිරීමෙන් අනතුරුව ජයග්‍රාහකයා තෝරා ගන්නා ලදි.
එහිදී ‘ලැප්57 මෝටර්ස්පොර්ට්’ කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් හොඳම කාලය වාර්තා කිරීමට අශාන් සිල්වා සමත් වූ අතර ඔහුගේ එම කාල ගණනය අවසන් තරගයේදී සිය කණ්ඩායම ඉදිරියෙන් තබා ගැනිමට බෙහෙවින් ඉවහල් විය.
අශාන් නියෝජනය කළ ‘ලැප්57 මෝටර්ස්පොර්ට්’ කණ්ඩායම පළමු පැය 11 තුළදී සෙසු කණ්ඩායම්වලට අභියෝගයක් වෙමින් තරගයේ පළමු ස්ථානය රඳවා ගත්තේය. ඉන් අනතුරුව මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් සිව්වැනි ස්ථානයට දක්වා පහළට ඇද වැටිණ.
නැවතත් ඉතා අභියෝගාත්මක ක්‍රීඩා විලාශයක නිරත වූ ‘ලැප්57 මෝටර්ස්පොර්ට්’ කණ්ඩායමට තෙවැනි ස්ථානය දක්වා යළි ඉහළට පැමිණියේය. කෙසේ වෙතත් ඉතා අවාසනාවන්ත ලෙස ජපන් ජාතික ධාවක ටි. හමානෝ අතින් මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා අශාන් ඇතුළු කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
මෙම තරගාවලියට සහභාගි වීමට පෙර ඉකුත් දෙසැම්බර් මාසයේ ඩුබායිහිදී පැවති ‘එන්. ජී. කේ. එන්ඩියුරන්ස් (පැය2)’ (NGK 2hr Endurance) තරගාවලියේ දෙවැනි අදියරද හොණ්ඩා ඩී. සී. 5 වර්ගයේ මොටර් රථයක් භාවිතා කරමින් ජය ගැනීමට අශාන් සිල්වා සමත් විය. මේ මස 27 සහ 28 දිනවලදී පැවැත්වීමට නියමිත ‘එන්. ජී. කේ. පැය2 එන්ඩුයන්ස්’ (NGK 2hr Endurance) තරගාවලියේ තෙවැනි අදියරට සහභාගි වීම සඳහාද අශාන් සූදානමින් සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.