Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන් සිල්වා ඉදිරිපෙළ ස්ථානය සොයාගනී

අශාන් සිල්වා ඉදිරිපෙළ ස්ථානය සොයාගනී

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී අද (21 වැනිදා) පැවැති ‘නරියා කන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ කාලය මැනීමේ තරග වලදී ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වන එස්. එල්. ජී ටී කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය වාර්තා කිරීමට  අශාන් සිල්වා සමත් විය. කාලය මැනීමේ තරගයේ හොඳම කාලය වාර්තා කිරීම හේතුවෙන් හෙට (22 වැනිදා) පැවැත්වෙන තරගයේදී එම ඉසව්වේ ඉදිරිපළ ආරම්භක ස්ථානයේ සිට තරගය ආරම්භ කිරීමට නියමිතය.

කාලය මැනීමේ තරගයේ එක් වටයක් නිමා කිරීම සඳහා අෂාන්ට ගත වූ අවම කාලය තත්ත්පර 40.445 කි.

මෙය වසර 25ක ෆොක්ස් හිල් ඉතිහාසයේ තරග වටයක් සඳහා මෝටර්රථ රියදුරකු විසින් වාර්තා කරන ලද අවම කාලයයි.


තත්ත්පර 41.202 කින් එක් වටයක් නිමා කළ සජාඞ් සුහේර් එම ඉසව්වේ දෙවැනි ආරම්භක ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ශූරයා බවට පත්වූ පසිඳු පීරිස් තත්ත්පර 41.473 කින් වටයක් නිමා කරමින් එහි තෙවැනි ආරම්භක ස්ථානයට හිමිකම් කීවේය.

ඉකුත් වසරේ පැවැති මෝටර් රථ තරගාවලි රැසකදී දක්ෂතම මෝටර් රථ ශූරයා බවට පත්වෙමින් 2016 වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වූ උෂාන් පෙරේරාට එහිදී හිමිවූයේ තරගකරුවන් 19 දෙනෙක් අතුරින් 8 වැනි ස්ථානයයි.

එස්. එල්. එච් කාණඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 44.259) වාර්තා කිරීමට සමත් වූ කුෂාන් පීරිස්, ඉන් නොනැවතී එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 47.096) වාර්ථා කිරීමටද සමත් විය.

මෙතෙක් පැවැති නරියා කන්ද තරගාවලි 24 ටම සහභාගි වූ දිනේෂ් සේනානායක ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ කාණ්ඩයේ හොඳම කාලය වාර්තා (තත්. 47.013) කිරීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.


කාලය මැනීමේ තරග ප්‍රතිඵල

එස්. එල්. ජී ටී කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා - තත්. 40.445
2 සජාඞ් සුහේර් - තත්. 41.202
3 පසිඳූ පීරිස් - තත්. 41.473

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 දිනේෂ් සේනානායක - තත්. 47.013
2 දුමින්ද ජයසිංහ - තත්. 49.670
3 ඉෂ්රාක් වහබ් - තත්. 49.705

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා.5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගය
1 මංජුල විජේසිංහ - තත්. 52.866
2 ඩබ්ලිව්. ප්‍රියන්ත - තත්. 53.634
3 කාසිම් වහබ් - තත්. 53.777

එස්. එල්. එච් කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලින්ද ගුණසේකර - තත්. 46.379
2 මාලික කුරුවිටාරච්චි - තත්. 47.490
3 හෂේන් පීරිස් - තත්. 47.799

එස්. එල්. එච් කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 44.259
2 සකීර් වහබ් - තත්. 45.868
3 උපුල්වන් සේරසිංහ - තත්. 46.195

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ - තත්. 48.528
2 රජිත් උලුවිට - තත්. 48.963
3 ඩිලන් අදිකාරි - තත්. 49.273

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 47.096
2 රජිත් උලුවිට - තත්. 47.776
3 ඬේවින් සේරසිංහ - තත්. 47.895

එස්. එල්. ඊ. කාණ්ඩයේ  (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 තිරාන් පෙරේරා - තත්. 51.136
2 දුමින්ද ජයසිංහ - තත්. 51.952
3 චාරක රත්නායක - තත්. 55.859

එස්. එල්. ඒ. කාණ්ඩයේ  (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
1 සිතාර පීරිස් - තත්. 47.352
2 යසිත් ගමගේ - තත්. 48.382
3 එස්. ඒ. හර්ෂ - තත්. 48.357

එස්. එල්. ඊ. කාණ්ඩයේ  (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඬේවින් සේරසිංහ - තත්. 52.516
2 බිනුර පඬුවාවල - තත්. 55.911
3 ස්වප්න වීරසේකර - තත්. 56.190

එස්. එල්. ඒ. කාණ්ඩයේ  (සි. ධා. 1000 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 මාර්කස් ගුණවර්ධන - තත්. 59.163
2 කේ. පරමේෂ්වරන් - විනාඩි 1:00.205
3 අජිත් කීර්ති - විනාඩි 1:00.752  

 


අදහස් (0)

අශාන් සිල්වා ඉදිරිපෙළ ස්ථානය සොයාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.