Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 25 වැනි වරටත් පැවැති මෙම තරගාවලිය සෙනසුරාදා (22 වැනිදා) දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්විණ. දිනේෂ් ජයවර්ධන සහ ඔහුගේ බිරිඳ ශෙහාරා ජයවර්ධන නියෝජනය කළ මැක්ලරන්ස් කණ්ඩායම තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනිමට සමත් විය.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙක් සහභාගී වීම නිසා එය ක්‍රීඩකයන් 10 දෙනා බැගින්වූ අදියර 2 කින් පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 6 දිනාගත් ක්‍රීඩකයන් 12 දෙනා අතර අවසන් මහ තරගයක් පවත්වා මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා තෝරාගැනින.
එහිදී පළමු අදියර ජය ගැනීමට අශාන් සිල්වා සමත් වූ අතර දෙවැනි අදියර ජය ගැනීමට සජාඞ් සුහේර් සමත් විය. කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රබල ක්‍රීඩකයන් වන දිනේෂ් ජයවර්ධන, උෂාන් පෙරේරා, ජනක ඩයස්, ඉශ්රාක් වහබ් සහ මිස්සක නවීන් මෙන්ම දෙවැනි අදියර ජයගත් සජාඞ් සුහේර්ද පසුපසට ඇද දමමින් එහි ජය තමන් සතුකරගැනීමට අශාන් සිල්වා සමත් විය.
අවසන් මහ තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සෙසු තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ. එහිදී දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සජාඞ් සුහේර් සමත් වූ අතර දිනේෂ් සේනානායක තෙවැනි ස්ථානයටත්, කුෂාන් පීරිස් සිවුවැනි ස්ථානයටත් පත් විය. ඉකුත් වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වූ උෂාන් පෙරේරාට හිමිවූයේ අවසන් මහ තරගයේ 5 වැනි ස්ථානයයි.
|
අශාන්, නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2013 සහ 2015 යන වසර වලදීද නරියාකන්ද තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ශූරතාවට හිමිකම් කියා තිබේ.
වසරක කාලයක් පුරා දේශිය තරග බිමෙන් ඉවත්ව සිටි අශාන්, මේ වසරේදී නැවතත් දේශීය තරග බිමට අවතීර්ණ වීමෙන් අනතුරු ලබාගත් දෙවැනි දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය මෙය වන අතර ඉකුත් මාර්තු මාසයේ කටුකුරුන්ද ධාවන පථයේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ තරගාවලියේදී ඔහු මේ වසරේ දිනාගත් පළමු දක්ෂතම මෝටර් රථ රියදුරා සම්මානයට හිමිකම් කීවේය.
පසුගිය වසරේ පැවැති නරියාකන්ද තරගාවලියේ දක්ෂතම රියදුරා බවට පත්වූ පසිඳු පීරිස් මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට අපොහොසත් විය. පළමු අදියර සඳහා සහභාගි වූ ඔහු එහි මුල් තරග වට කිහිපයේදී අශාන්ට හොඳ තරගයක් දුන්නද, තරගය අතරතුරදී අනතුරකට ලක්වීම නිසා ඔහුට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
ප්‍රවීණ තරග කරුවන් රැසක් පසුපසට ඇද දමා එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා තරගය සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගනිමින් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයක් අත්කර ගැනීමට ලාබාළ ක්‍රීඩක කුෂාන් පීරීස් සමත් විය.
මෙතෙක් පැවැති තරගාවලි 25 ටම සහභාගී වෙමින් නරියා කන්ද ධාවන පථයේ ප්‍රවිණතම මෝටර් රථ රියදුරා ලෙස නම් දරා සිටින දිනේෂ් සේනානායකට මෙවර තරගාවලියේ ට්‍රක් සහ ජීප් විවෘත මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයෙන් සැහීමට පත්වීමට සිදුවිය. ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් වටයේ තරග නිමාව පෙනෙන මානයේදී දිනේෂ් පසුකර ගිය ඉෂ්රාක් වහබ් එම තරගයේ ජය ගත්තේය.
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස ප්‍රීමා, ඩිමාර්ක්, රේන්කෝ, එක්සයිඞ්, එඩින්බරෝ, කොකා කෝලා, සියැට්, නෝර්ත් පෝල්, වර්ත් ලංකා, හොණ්ඩා සහ එලිෆන්ට් හවුස් යන ආයතන කටයුතු කළේය.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.
තරග ප්‍රතිඵල
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 සමන්ත මාර්කස් (ඔස්ටින් මිනි 1000)
2 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
3 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ස්වප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 බිනුර පඬුවාවල (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 දුමින්ද ජයසිංහ (මිනි 1000)
2 තිරාන් පෙරේරා (මිනි 1000)
3 චාරක රත්නායක (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
1 සිතාර පීරිස් (වොක්ස්වැගන් පොලෝ 1043)
2 යසිත් ගමගේ (නිසාන් මාරච් 1050)
3 යෝගා පෙරේරා (කෙස්මික් මිනි 1050)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 නධීර ජිනසේන (හොණ්ඩා සිවික් 1600)
3 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් ට්‍රක් සහ ජීප් රථ තරගය
1 මංජුල විජේසිංහ (මිට්සුබිෂී 2500)
2 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී 2800)
3 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී 2500)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
2 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
3 දිලාන් අධිකාරි (ෆෝඞ් ලේසර් 1500)
ටී. සහ ජේ. කාණ්ඩයේ විවෘත ට්‍රක් සහ ජීප් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී 3500)
2 දිනේෂ් සේනානායක (ටොයොටා 2000)
3 යකූබ් අරීෆ් (සුසුකි 1995)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) අවසන් මෝටර් රථ තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
සජාඞ් සුහේර් |
දිනේෂ් ජයවර්ධන |
කුෂාන් පීරිස් |
ඉෂ්රාක් වහබ් සහ දිනේෂ් සේනානායක |
නරියාකන්ද මෝටර්රථ තරගාවලියේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.