Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමයේ (ස්ලාස්) මැදිහත් වීම මත ප‍්‍රධාන පෙලේ මෝටර් රථ ධාවකයන් දෙදෙනකු වන අශාන් සිල්වා සහ කුෂාන් පීරිස් දෙදෙනාටම නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි වී තිබේ.
නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය වෙනුවෙන් අශාන් සිල්වාගේ සහ කුෂාන් පීරිස්ගේ අයැදුම්පත් භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට තරගාවලියේ සංවිධායක ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සූදානම් වූ අවස්ථාවේ මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය විසින් කරන ලද නියෝගයකට අනුව ඔවුන්ට එම අයැදුම්පත් භාරගැනීමට සිදු වී තිබේ.
මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය මෙම කී‍්‍රඩකයන්ගේ අයැදුම්පත් භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් වී ඇත්තේ ඉකුත් වසරේ පැවැති තරගාවලි වලදී ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් යම් විරෝධතා ඉදිරිපත් වී තිබීම සහ එම විරෝධතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලදී ඔවුන්ට ගෙවීමට නියම වූ දඩ මුදල් තවමත් ගෙවා නොතිබීම හේතුවෙනි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය පවසන්නේ අදාල කී‍්‍රඩකයන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් වී තිබූ විරෝධතා සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර පරීක්ෂණ වලදී ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වී ඇති නිසා ඔවුන් එම දඩ මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
එම නිසා එවැන්නක් හේතු කොටගෙන මෙම කී‍්‍රඩකයන් දෙදෙනාට තරගාවලියට සහභාගී වීමට ඉඩ නොදෙන්නේ නම් එය ඔවුන්ට කරන දැඩි අසාධාරණයක් බවද මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය පවසයි.
මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම වර්ථමානයේ සිය දස්කම් වල උපරිම මට්ටම් වල පසුවන බැවින් ඔවුන්ගේ සහභාගීත්වය තරගාවලියේ තරගකාරීත්වය තවත් වැඩිකිරීමට හේතු වනු ඇති බවද මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය තවදුරටත් පවසයි.
නියමිත දඩ මුදල් නොගෙවන්නේ නම් නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා නොදෙන බව මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය විසින් අශාන්ට සහ කුෂාන්ට දැනුම් දෙනු ලැබ තිබිණ.
ඒ පිළිබඳව කී‍්‍රඩකයන් දෙදෙනා මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය දැනුම්වත් කිරීමත් සමග එම සංගමය ඊට මැදිහත් වී කී‍්‍රඩකයන් දෙදෙනා ඔවුන්ට විරුද්ධව පැවැති පරීක්ෂණ වලින් නිදොස් බවත්, එම නිසා ඔවුන් දඩ මුදල් ගෙවියුතු නැති බවත් පවසමින් ඔවුන්ගේ අයැදුම්පත් භාරගෙන ඔවුන්ට තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව දෙන ලෙස මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයට ලිපියක් මගින් දන්වා තිබේ.
නරියා කන්ද තරගාවලියේ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග වලට සහභාගී වීම සඳහා අශාන් සිල්වා අයැදුම්පත් ඉදිරිපත් කර ඇති අතර එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා සහ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරග වලට සහභාගී වීම සඳහා කුෂාන් පීරිස් අයැදුම්පත් යොමුකර ඇත.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.