Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන් - ෂෙහාන් වසරේ ශූරතා දිනති

අශාන් - ෂෙහාන් වසරේ ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

‘සියැට් - ස්ලාඩා’ මෝටර් රථ සහ යතුරුපැදි සම්මාන රාති‍්‍රයේදී වසරේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ෂෙහාන් සී. අධිකාරි සම්මාන දිනාගතතේය. එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව දිනාගනිමින් ඔහු එම සම්මානයට හිමිකම් කීවේය.

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගනිමින් මෙවර තරග වාරයේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස හිමිකරගත් අශාන් සිල්වා, තමාට හිමි සම්මානය ලබාගැනීම සඳහා පැමිණ සිටියේ නැත.

දක්ෂතම මෝටර් රථ කණ්ඩායම ලෙස ජනක ඩයස් සහ උපුල්වන් සේරසිංහ නියෝජනය කළ සියැට් කණ්ඩායම සම්මාන දිනාගත් අතර දක්ෂතම යතුරුපැදි කණ්ඩායම ලෙස ශානුක සඳරුවන් සහ ඉමාල් මංචනායක නියෝජනය කළ හොණ්ඩා කණ්ඩායම සම්මාන දිනගත්තේය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ සහ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ යන අංශ දෙකේම දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්වෙමින් සම්මාන ද්විත්වයක් තමන් සතුකර ගැනීමට සජාඞ් සුහේර් සමත් විය.

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ඉවෝන් බී. ගුරුසිංහ සම්මාන දිනාගත් අතර ඉමාල් මංචනායක, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 1100 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි අංශයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ සහ එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ දක්ෂතම කී‍්‍රඩකයන් වෙනුවෙන් පිරිණැමෙන සම්මාන ද්විත්වයම යොවුන් කී‍්‍රඩක කුෂාන් පීරිස් විසින් දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන මිතුන් ජයසංක සිගේරා එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) වයස අවුරුදු 16 න් පහළ මොටෝක්‍රොස් යතුරුපැදි දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ඉන්දීය කී‍්‍රඩක රුග්විද් බරුගුජි සම්මාන ලැබීය.  

කටුකුරුන්ද රොදර්හැම් තරගාවලියේදී ප‍්‍රබල යතුරුපැදිකරුවන් රැසක් පරාජය කරමින් ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය ජයගත් 13 හැවිරිදි හංසිකා අබේසිංහ වසරේ නැගී එන කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

මේ වසරේ අපේ‍්‍රල් මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා ශ‍්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරනු ලැබූ නරියා කන්ද සුපර්ක්‍රොස්, ගනර් සුපර්ක්‍රොස්, සීගිරිය රැලික්‍රොස්, ගජබා සුපර්ක්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි වලදී දස්කම් දැක්වූ කී‍්‍රඩකයෝ මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූහ.

මෙහිදී මෝටර් රථ රියැදුරන් සඳහා සම්මාන 5 ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන 7 ක්ද ප‍්‍රදානය කෙරිණ.

 


මෝටර් රථ අංශයේ සම්මාන ලාභියෝ

  • එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ ශූරතාව - කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1300)
  • එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ අංශයේ ශූරතාව - සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
  • එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ අංශයේ ශූරතාව - කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1500)
  • එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ අංශයේ ශූරතාව - සජාඞ් සුහේර් (හොන්ඩා ඊ. ආර්. IV 1618)
  • එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ අංශයේ ශූරතාව - අශාන් සිල්වා (මිට්සුබිෂී ලාන්සර් එවොලූෂන් 2000)

 


යතුරුපැදි අංශයේ සම්මාන ලාභියෝ

 

  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) අංශයේ ශූරතාව - රුග්විද් බරුගුජි (හොණ්ඩා සී. ආර්. එෆ්. 85)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සන්නද්ධ සේවා රේසිං යතුරුපැදි අංශයේ ශූරතාව - මිතුන් ජයසංක සිගේරා (යමහා වයි. ඉසෙඞ්. 125)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ ශූරතාව - ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
  • ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) අංශයේ ශූරතාව - ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
  • එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 1100 දක්වා) සුපිරි යතුරුපැදි අංශයේ ශූරතාව - ඉමාල් මංචනායක (හොන්ඩා සී. ආර්. එෆ්. 450)
  • එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි අංශයේ ශූරතාව - ෂෙහාන් සී. අධිකාරි (හොන්ඩා සී. ආර්. එෆ්. 250)

 


මෝටර් රථ කණ්ඩායම් ශූරතාව

  • සියැට් කණ්ඩායම (ජනක ඩයස් සහ උපුල්වන් සේරසිංහ)

 

යතුරුපැදි කණ්ඩායම් ශූරතාව

  • හොණ්ඩා කණ්ඩායම (ශානුක සඳරුවන් සහ ඉමාල් මංචනායක)


වසරේ නැගී එන කී‍්‍රඩිකාව

  • හංසිකා අබේසිංහ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

‘සියැට් - ස්ලාඩා’ මෝටර් රථ සහ යතුරුපැදි සම්මාන රාති‍්‍රය

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

අශාන් - ෂෙහාන් වසරේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.