Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner අශාන් - මිස්සක මැග්නි පිල දිනවති

අශාන් - මිස්සක මැග්නි පිල දිනවති

Nisanka Sandeepani - 2018 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථය පුරා අණසක පතුරවාලමින් 17 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස අභිෂේක ලැබීමට අශාන් සිල්වා සමත් විය. අශාන් සහ මිස්සක නවීන් නියෝජනය කළ ‘මැග්නි රේසිං’ කණ්ඩායම තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීවේය. 

තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව අදියර දෙකකින් සමන්විත වූ අතර එම අදියර දෙකේදීම පහසු ජයග්‍රහණ වාර්තා කරමින් අශාන් මෙවර තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් විය. අශාන් ගජබා සුපර් ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියැදුරා බවට පත් වූ සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013, 2015 සහ 2017 යන වසර වලදීද ඔහු එම සම්මානයට හිමිකම් කීවේය. 

කාල ගණනයට අනුව එම ඉසව්වේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය හිමිකර ගෙන සිටි සජාඞ් සුහේර්, පළමු අදියරේ තෙවැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ පස්වැනි ස්ථානයටත් ඇද දැමීමට අශාන් සමත් විය. එම අදියර දෙක පුරා අශාන් හඹාගිය කුෂාන් පීරිස් අදියර දෙකේදීම දෙවැනි ස්ථාන හිමිකරගත් අතර උෂාන් පෙරේරා පළමු අදියරේ සිවුවැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටත් පත් විය. එහෙත් කිසිදු අවස්ථාවක අශාන් පසුකර ඉදිරියට යෑමට ඔවුන් දෙදෙනාටම ඉඩක් නොලැබිණ. 

එම අදියර දෙකේදී ලැබූ දෙවැනි ස්ථාන දෙකට අමතරව එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජය ගනිමින් සහ එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් මෝටර් රථ අංශයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කුෂාන් පීරිස් සමත් විය. 

ඔහුට එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට නොහැකි වූයේ එහි පළමු වටයේදීම ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථ කිහිපයක් එකිනෙක හැප්පී මාර්ගය අවහිර වීම හේතුවෙනි. ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථවලට මාර්ගය අවහිර වී තිබියදී ඉන් නිසි ඵල නෙලාගත් රන්දික නිරෝෂන්, පසුපසින් පැමිණ ඉතා පහසුවෙන්ම තරගයේ ඉදිරිය ලබා ගනිමින් එහි ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය. 

කුෂාන්ගේ සොහොයුරු මිහාන් පීරිස් සහ උපුල්වන් සේරසිංහගේ පුත් දේවින් සේරසිංහ අතරද ඔවුන් සහභාගි වූ තරගවලදී කරට කර සටනක් දැකගත හැකි විය. එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාච් මෝටර් රථ තරගය මිහාන්ට (දෙවැනියා) පසුපසින් පැමිණ තෙවැනියා ලෙස නිමා කළ දේවින්, එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගත්තේ මිහාන් දෙවැනි ස්ථානයට ඇද දමමිනි.

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාච් මෝටර් රථ තරගයේ ජය තරංග සේනාරත්න සතුවෙද්දී, එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ ජය රුමේෂ් ගුණවර්ධනට හිමිවිය.   

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සොෆ්ලොජික් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි. තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා සහභාගි වූහ. 

මෝටර් රථ තරග ප්‍රතිඵල 

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ 

1 තරංග සේනාරත්න (නිසාන් මාර්ච් 1000) 
2 මිහාන් පීරිස් (නිසාන් මාර්ච් 1000) 
3 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000) 

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ 

1 රුමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 තාරුක රත්නායක (ෆෝඞ් ලේසර් 1300)
3 අකිල ද කොස්තා (ෆෝඞ් ලේසර් 1300)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ 

1 දේවින් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 මිහාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1300)
3 අමිල කළුගම්පිටිය (ෆෝඞ් ලේසර් 1300)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ 

1 කුෂාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1500)
2 රන්දික නිරෝෂන් (ෆෝඞ් ලේසර් 1500) 
3 තරිඳු ධර්මරත්න (ෆෝඞ් ලේසර් 1500)

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ 

1 ගිහාන් දීරසේකර (හොණ්ඩා සිවික් 1500) 
2 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1500) 
3 ප්‍රභාත් සේනානායක (හොණ්ඩා සිටි 1500) 

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරග

1 රන්දික නිරෝෂන් (හොණ්ඩා සිවික් 1600) 
2 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600) 
3 ජනක ඩයස් (හොණ්ඩා සිවික් 1600) 

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ 

1 නවීන් හල්වතුර (සුබාරු ලෙගාසි 2200) 
2 ශිරාන් ඩූල් (සුබාරු ලෙගාසි 2200) 
3 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200) 

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ 

1 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800) 
2 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී පෙජරෝ 3200) 
3 චමෝද් සමරකෝන් (මිට්සුබිෂී පෙජරෝ 2800) 

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය

1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000) 

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ අවසන් මහ තරගය

1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000) 


අදහස් (0)

අශාන් - මිස්සක මැග්නි පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.