Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී අද (6 වැනිදා) පැවැති ‘කොළඹ සුපර් ක්‍රොස්’ තරගාවලියේ කාලය මැනීමේ තරග වලදී ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය වාර්තා කිරීමට අශාන් සිල්වා සමත් විය.
ඒ අනුව ඔහු හෙට (7 වැනිදා) පැවැත්වෙන තරගයේදී එම ඉසව්වේ ඉදිරිපළ ආරම්භක ස්ථානයේ සිට තරගය ආරාම්භ කිරීමට නියමිතය. කාලය මැනීමේ තරගයේ එක් වටයක් නිමා කිරීම සඳහා අෂාන්ට ගත වූ අවම කාලය තත්ත්පර 42.033 කි.
තත්ත්පර 42.905 කින් එක් වටයක් නිමා කළ පසිඳු පීරිස් එම ඉසව්වේ දෙවැනි ආරම්භක ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ඉකුත් වසරේ ජාතික මෝටර් රථ ශූරයා බවට පත්වූ උෂාන් පෙරේරා තත්ත්පර 43.100 කින් වටයක් නිමා කරමින් එහි තෙවැනි ආරම්භක ස්ථානයට හිමිකම් කීවේය.
එස්. එල්. එච් කාණඩයේ (සිලින්ඩර ධාරිතාව 1618 දක්වා) මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 47.539) වාර්තා කිරීමට සමත් වූ කුෂාන් පීරිස්, ඉන් නොනැවතී එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ හොඳම කාලය (තත්. 48.776) වාර්ථා කිරීමටද සමත් විය.
කෙසේ වුවත් අද පස්වරුවේ ඇද හැළුණු දාරාණිපාත වර්ෂාව හේතුවෙන් එස්. එල්. එන්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ මෙන්ම ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ මෝටර් රථ තරගයේද කාල ගණනයන් පැවැත්වීම නොහැකි විය.
තරග කිහිපයක කාලය මැනීමේ ප්‍රතිඵල
එස්. එල්. ජී ටී කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා - තත්. 42.033
2 පසිඳූ පීරිස් - තත්. 42.905
3 උෂාන් පෙරේරා - තත්. 43.100
එස්. එල්. එච් කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 47.539
2 සකීර් වහබ් - තත්. 48.249
3 උපුල්වන් සේරසිංහ - තත්. 49.306
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් - තත්. 48.776
2 රන්දික නිරෝෂන් - තත්. 50.014
3 උපුල්වන් සේරසිංහ - තත්. 50.530
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.