Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ඉෂාන් තෙවැනි වරටත් යතුරුපැදි ශූරතාව දිනයි

ඉෂාන් තෙවැනි වරටත් යතුරුපැදි ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතා තියුණු තරගයකින් අනතුරුව පිට පිටම තෙවැනි වරටත් ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසනායක සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (21) දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්විණ.

තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ ඉෂාන් දසනායක දෙවැනි අදියර ජයගනිමින් මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

කරට කර තරගයක නිරතවූ බුද්ධික කසුන් සිල්වා සහ සමීර ප්‍රේමරත්න පිළිවෙලින් පළමු අදියරේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් අතර තරගය නිමාවන තෙක්ම ඔවුන් පසුපස හඹාගිය ඉෂාන් තෙවැනියා ලෙස පළමු අදියර නිමා කළේය. දෙවැනි අදියර ආරම්භයේදීම බුද්ධික ධාවන පථය මත ඇද වැටුණ අතර සමීරටද සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි විය.

ඉන් නිසි ඵල නෙලාගත් ඉෂාන්, සෙසු තරගකරුවන් පසුකර වේගයෙන් ඉදිරියට ඇඳුණ අතර තරගය නිමාවන තෙක්ම කිසිදු තරගකරුවකුට ඔහු පසුකර යෑමට අවස්ථාවක් නොලැබිණ. ඉෂාන්ට හොඳ තරගයක් දුන් ඉවෝන් බී. ගුරැසිංහ සහ සිය අවසන් නරියාකන්ද තරගාවලියට සහභාගි වූ ගයාන් සඳරුවන් පිළිවෙළින් එම අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූහ.

වසර 8 කට පසු නරියාකන්ද තරගාවලියට සහභාගි වූ ප්‍රවීන යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ, පිළිවෙලින් එම අදියරේ දෙකේ පස්වැනි සහ සිවුවැනි ස්ථානවලට පත්විය. සිය පියාගේ අංකය වන අංක 15 යටතේ එහිදී ඔහු තරග වැදිණ.

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ පළමු අදියර ජයගැනීමට ඉමාල් මංචනාක සමත් වූ අතර දෙවැනි අදියර ජයගැනීමට දේෂාන් සොලංකි සමත් විය.  ‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ට්‍රීට් ට්‍රේල්) යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගැනීමට ළහිරු ජීවන්ත සමත් වෙද්දී, එහි දෙවැනි අදියරේ ජය ඉවෝන් බී. ගුරුසිංහ සතුවිය.

ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 12 න් පහළ) තරගය ජයගැනීමට රශ්මි කරුණාරත්න සමත් වූ අතර එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ) තරගය ජයගැනීමට ස්ටීවන් ප්‍රනාන්දු සමත් විය. ලාබාලම තරගකරුවන් සහභාගි වූ වයස අවුරුදු 10 න් පහළ ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) යතුරුපැදි තරගය ජයගනු ලැබුවේ බිම්සර අමරනාත් විසිනි.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බි්‍රගේඩියර් ප්‍රියන්ත සේනාරත්න යන මහතවරු සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ප්‍රීමා සමාගම කටයුතු කළේය.


තරග ප්‍රතිඵල


ජේ. කාණ්ඩයේ (සි. ධා. 65 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 12 න් පහළ)

1 රුෂ්මි කරුණාරත්න (කේ.ටී.එම්. 85)
2 හිරුෂ පාදුක්ක (හොණ්ඩා සී.ආර්. 85)
3 පැතුම් රෂ්මික (යමහා වයි.ඉසෙඞ්. 85)


එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)

1 නිහාල් විජේරත්න (කේ.ටී.එම්. 125)
2 එම්.එන්. පෙරේරා (කේ.ටී.එම්. 125)
3 කනිල් සංදීප (යමහා වයි.ඉසෙඞ්. 125)


ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 බිම්සර අමරනාත් (යමහා පී.ඩබ්ලිව්. 50)
2 දිනෙත් මිහිරංග (යමහා පී.ඩබ්ලිව්. 50)
3 ඉමාෂ උදානර (යමහා පී.ඩබ්ලිව්. 50)


එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඩ් පළමු යතුරුපැදි තරගය

1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ.එක්ස්. 250)
3 බුද්දික දිනේෂ් (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 සිට 150 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය (අවුරුදු 15 න් පහළ)

1 ස්ටීවන් ප්‍රනාන්දු (හෂ්ක්වානා 85)
2 ඩී.එම්.ඩී. කල්හාර (කේ.ටී.එම්. 85)
3 ගඟන ප්‍රනාන්දු (කේ.ටී.එම්. 85)


එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)

1 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තරගය

1 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි.ඉසෙඞ්. 125)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය

1 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 ඉෂාන් දසනායක (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)


එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)

1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
2 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


එස්.එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඩ් දෙවැනි යතුරුපැදි තරගය

1 දේෂාන් සොලංකි (කවසාකි කේ.එක්ස්. 250)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 ආර්.එම්. සෆ්‍රාස් (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය

1 ඉෂාන් දසනායක (ටී.වී.එස්. ආර්.ටී.ආර්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)

 

ඉෂාන් දසනායක

බුද්ධික කසුන් සිල්වා සහ සමීර ප්‍රේමරත්න

ඉවෝන් බී. ගුරුසිංහ

ගයාන් සඳරුවන් සහ කේන් වෙඩිසිංහ

ස්ටීවන් ප්‍රනාන්දු

 

නරියාකන්ද යතුරුපැදි තරගවල විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ඉෂාන් තෙවැනි වරටත් යතුරුපැදි ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.