Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ඉෂාන් දසනායක පිලිපීනයේදී දස්කම් දක්වයි

ඉෂාන් දසනායක පිලිපීනයේදී දස්කම් දක්වයි

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිලිපීනයේ පලවාන් නුවරදී පැවැති ආසියානු මොටෝක්‍රොස් ශූරතාවලියේ තෙවැනි සහ සිවුවැනි අදියර වලදී පිළිවෙලින් 8 වැනි සහ 6 වැනි ස්ථාන හිමිකර ගැනීමට ජාතික යතුරුපැදි ශූර ඉෂාන් දසනායක සමත් වී තිබේ.

අන්තර් ජාතික මොටෝක්‍රොස් සම්මේලනය සංවිධානය කළ මෙම ශූරතාවලිය කනිෂ්ඨ, විවෘත සහ ප්‍රවීණ ලෙස කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර ඉන් ප්‍රධානම කාණ්ඩය වන විවෘත කාණ්ඩය යටතේ ඉෂාන් දසනායක තරග වැදිණ.

විවෘත කාණ්ඩය යටතේ තරග වැදුණ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ මිතුන් ජයසංක සිගේරාට පළමු සහ දෙවැනි අදියර වලදී හිමි වූයේ පිළිවෙලින් 11 වැනි සහ 10 වැනි ස්ථානයි.

මෙම තරගාවලියේ කණිෂ්ට කාණ්ඩයේ තරග සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද සහභාගි වූ අතර එහිදී ඩී. එම්. ඩී. කල්හාර තෙවැනි අදියරේ සිවුවැනි ස්ථානයටත්, සිව්වැනි අදියරේ පස්වැනි ස්ථානයටත් පත්විය.

කනිෂ්ඨ කාණ්ඩයේ තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සෙසු ක්‍රීඩකයා වූ ස්ටෙෆාන් ප්‍රනාන්දුට අදියරේ දෙකේදීම හිමිවූයේ 9 වැනි ස්ථානයයි.

 


අදහස් (0)

ඉෂාන් දසනායක පිලිපීනයේදී දස්කම් දක්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.