Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේ එලයිට් ස්පීඞ්වේ ධාවන පථයේදී පැවැති රොටැක්ස් මැක්ස් ශූරතා ආසියානු කාර්ටින් තරගාවලියයේ හයවැනි සහ අවසන් තරගය ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මුහුණු වරකින් මේ වසරේ (2018) තරග නිමාවට පත්කිරීමට ශ්‍රී ලංකා ධාවන ශූර එෂාන් පීරිස් සමත් විය.
එම ජයග්‍රහණයත් සමග එෂාන්, 2018 වසරේ රොටැක්ස් මැක්ස් ආසියානු ශූරතා සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත් අතර නොවැම්බර් මස අවසානයේදී බ්‍රසීලයේදී පැවැත්වෙන රොටැක්ස් ලෝක ශූරතා තරගාවලියේදී ආසියාව නියෝජනය කිරීමේ වරම්ද හිමිකර ගත්තේය.
අවසන් තරගය ආරම්භයේදීම ධාවන පථය පිහිටි ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් දක්නට ලැබුණු අතර තුන් වන වටයේදී තරමක වැස්සක් ඇද හැලුණි. කෙසේ වෙතත් තෙවැනි වටයේදී එතෙක් තරගයේ පෙරමුණ ගෙන සිටි සෙන්නා සුලෙයිමාන් නූර් පසුකර ඉදිරියට ඒමට එෂාන් සමත් වූයේ වර්ෂාව මධ්‍යයේය.
තරගයේ 13 වන වටයේදී ලිස්සන සුළු තත්වය තව දුරටත් වැඩි වූ අතර තරග නිළධාරීන් විසින් 16 වන වටයේදී තරගය නතර කිරීමට පියවර ගන්නා විට දෙවෙනියාට වඩා තත්ත්පර 3 කින් පෙරමුණ ගනිමින් තරගය ජයගැනීමට එෂාන් සමත් විය.
මැලේසියාවේ සෙපැන්ග් ධාවන පථයේදී පැවැති 2018 රොටැක්ස් ආරාධිත තරගයේද පළමු ස්ථානය දිනාගනු ලැබුවේ එෂාන් පීරිස් විසිනි. එසේම මෙම වසරේදී පැවැති X30 අග්නි දිග ආසියානු තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද ඔහු සමත් විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.