Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 20 වැනි වරටත් සංවිධානය කරන ‘සදර්න් එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 26 වැනිදා මාතර, ‘බ්‍රවුන්ස් හිල්’ හිදී පැවැත්වේ.
මීටර් 700 ක දුරකින් යුත් වංගු සහ බැවුම් සහිත මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලියට අයත් ඉසව් ගණන 32 කි. ඊට මෝටර් රථ තරග 20 ක් සහ යතුරුපැදි තරග 12 ක් අන්තර්ගත වේ. මෝටර් රථ සහ යතුරුපැදි තරගකරුවන් 150 කට අධික පිරිසක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එහිදී සෑම තරගකරුවකුටම තම උපරිම දක්ෂතාව දැක්වීම සඳහා අවස්ථා 2 බැගින් හිමිවේ.
තරගාවලියට සහභාගි වන සියලුම තරගකරුවන් පෙරවරු 7.30 වන විට ඔවුන්ගේ මෝටර් රථ සහ යතුරුපැදි සමගින් තරග පැවැත්වෙන ස්ථානයට වාර්තා කළ යුතු අතර පෙරවරු 9.00 ට තරගාවලිය ආරම්භ කෙරේ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම පස්වරු 3.00 ට පැවැත්වේ.
තරගාවලියේ හොඳම තරග නිමි කාලය වාර්තා කරන ක්‍රීඩකයාට ‘ප්‍රීති පල්ලියගුරු’ අනුස්මරණ කුසලාන පිරිනැමේ. සියලුම ඉසව්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන්ට කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.
දුරකථන අංක 071-4045132 ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.