Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව හත්වැනි වරටත් සංවිධානය කරන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 2 වැනිදා උදෑසන 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
‘ශ්‍රී ලංකා සුපර් සීරීස් 2017’ තරගාවලි මාලාවේ තෙවැනි අදියර ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් 150 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. එහිදී පැවැත්වීමට නියමිත තරග ඉසව් සංඛ්‍යාව 24 ක් වන අතර ඊට මෝටර් රථ තරග 12 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ.
අවසන් වරට පැවැති ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට උෂාන් පෙරේරා සමත් වූ අතර දක්ෂතම යතුරුපැදිධාවකයා බවට පත්වීමට ඉෂාන් දසනායක සමත් විය.
යුද්ධයේදී මියගිය පත්වූ සහ විවිධ ආබාධිත වූ සන්නහ සන්නද්ධ බළකායේ සෙබළුන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම, තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.
සියැට් කැලණි සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කටයුතු කරයි.
(ඡායාරූපය - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.