Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව පළමු වරට සංවිධානය කරන ‘කොළඹ සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලබන ඉරිදා (7 වැනිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද ඇතුළත්ව ඉසව් 22 කින් මෙම තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 11 ක් අන්තර්ගත වන අතර ඒ සඳහා සහභාගීවීමට නියමිත තරගකරුවන් සංඛ්‍යාව 150 කට අධිකය.
ඒ අතරින් මෝටර් රියැදුරන් 11 දෙනෙක් දක්ෂතම මෝටර් රථ ක්‍රීඩකයා කිරුළ දිනාගැනීම සඳහා තරග වදින අතර යතුරුපැදිකරුවන් 10 දෙනෙක් දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ දිනාගැනීම සඳහා තරග වදිති.
එහිදී අෂාන් සිල්වා, උෂාන් පෙරේරා සහ පසිඳු පීරිස් දක්ෂතම මෝටර් රථ ක්‍රීඩකයා කිරුළ දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් වන අතර බුද්ධික ද සිල්වා සහ සමීර ප්‍රේමරත්න දක්ෂතම යතුරුපැදිකරුවා කිරුළ දිනාගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෝ වෙති.
ප්‍රධාන පෙළේ යතුරුපැදිකරුවන් වන ගයාන් සඳරුවන්, ඉෂාන් දසනායක, ෂෙහාන් සී. අධිකාරි, ජාක් ගුණවර්ධන සහ ඉවෝන් බී. ගුරුසිංහ විවිධ ආබාධයන්ට ගොදුරුවී සිටීම නිසා මෙම තරගාවලියට සහභාගි නොවෙති.
තරගාවලිය සංවිධානය කිරීමෙන් ලැබෙන අරමුදල්, යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බව සංවිධායකයෝ පවසති.
තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස ෂෙල් ලිහිසිතෙල්, සියැට්, ස්ට්‍රැෆඞ් මෝටර්ස්, එලිෆන්ට් හවුස්, ප්‍රීමා, මහින්ද්‍රා මෝටර්ස් සහ මැක්ලරන්ස් ලිහිසිතෙල් යන සමාගම් සහ ආයතන කටයුතු කරයි.
සියැට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බිශ්‍රරි ලතීෆ් මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.