Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 10 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 5 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි.
දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා පවත්වන තරගද ඇතුළත්ව ඉසව් 23 කින් මෙවර තරගාවලිය සමන්විත වන අතර ඊට යතුරුපැදි තරග 12 ක් සහ මෝටර් රථ තරග 11 ක් ඇතුළත් වේ.
දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් ඇතුලූ තරගකරුවන් 150 කට ආසන්න පිරිසක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමියත අතර ඊට ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයෝ දෙදෙනක් ද ඇතුළත්ව සිටිති.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ෂෙහාන් සී. අධිකාරි සම්මාන දිනාගත් අතර අරවින්ද පේ‍්‍රමදාස දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සමම්මාන දිනාගත්තේය.
විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට් සමාගම සහ බ‍්‍රවුන්ස් සමාගම එහි සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කරති.
සිංගර් සමාගම නියෝජනය කරමින් එහි අළෙවි හා නිෂ්පාදන කළමාණාකාර අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා, මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු.... මේජර් ජෙනරාල් එස්. ඒ. ඒ. එල් පෙරේරා මහතාද මෙහි සිටියි.
සියැට් සමාගම නියෝජනය කරමින් එහි අළෙවි සහ කළමාණාකරණ උප සභාපති රවී ඩඞ්ලානි මහතා, මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අයුරු....
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.