Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු මොටෝ ක්‍රොස් යතුරුපැදි ජාතික ශූරයකු වන ගායන් සඳරුවන් මෙම තරගාවලියේදී යළි තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි.
ඉකුත් පෙබරවාරි මාසයේ පන්නලදී පැවැති මොටෝ ක්‍රොස් තරගාවලියක පුහුණුවීම් කරමින් සිටියදී ධාවන පථය මත ඇද වැටී, වම් අතේ අස්ථි බිඳීමකට ලක්වූ නිසා ගයාන්ට මාස 6 ක පමණ කාලයක් මොටෝ ක්‍රොස් තරගවලින් තාවකාලිකව ඉවත් වී සිටීමට සිටීමට සිදුවිය.
කෙසේ වුවත් ‘ලංකාදීප’ කළ විමසුමකදී ගයාන් කියා සිටියේ මේ වන විට ඔහුගේ ආබාධ තත්ත්වය බොහෝ සෙයින් සුව අතට හැරී ඇති බවත්, ඉකුත් සති අන්තයේදී තමා ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ පුහුණුවීම් කළ බවත්ය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී තමා අනෙක් තරගකරුවන්ට හොඳ තරගයක් දීමට සූදානමින් සිටින බවය.
ඉකුත් වසරේ පැවැති ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය ගයාන් අවසන් වරට සහභාගී වූ තරගාවලිය වන අතර එහිදී ඔහු දරුණු අනතුරකට මුහුණ දීමෙන් පසු පළමු තරගයේ සිව්වැනි ස්ථානයත්, දෙවැනි තරගයේ පළමු ස්ථානයත් දිනාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.