Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ජාක් කලකට පසු දස්කම් අතරට

ජාක් කලකට පසු දස්කම් අතරට

ශනුක අරවින්ද - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කලකට පසු නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 16 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ලාබාල ක්‍රීඩක ජාක් ගුණවර්ධන සමත් විය.

තරගාවලියේ යතුරුපැදි අංශයේ කණ්ඩායම් ශූරතාවට දිනාගැනීමට ‘හොණ්ඩා’ කණ්ඩායම සමත් වූ අතර ගයාන් සඳරුවන් සහ ශානුක සඳරුවන් එම කණ්ඩායම නියෝජනය කළහ.

තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව අදියර දෙකකින් සමන්විත වූ අතර සෙසු තරගකරුවන් පසු පසට ඇද දමමින් එම අදියර දෙකම ජයගත් ජාක් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. ජාක් ගුණවර්ධන ගජබා සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියදුරා බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2015 වසරේ පැවැති තරගාවලියේදීද ඔහු එම සම්මානයට හිමිකම් කියා තිබේ.

එම අදියර දෙක පුරා ජාක් පසුපස හඹාගිය ප්‍රවීණ ක්‍රීඩක ගයාන් සඳරුවන්ට අදියරේ දෙකේදීම දෙවැනි ස්ථාන වලින් සෑහීමකට පත්වීමට සිදුවූ අතර ඉවෝන් බී. ගුරුසිංහ සහ බුද්ධික කසුන් සිල්වා පිළිවෙළින් එම අදියරවල තෙවැනි ස්ථාන වලට පත්වූහ.

ජාක් ගුණවර්ධන

ඉකුත් වසරේ පැවැති ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ඉෂාන් දසනායක, මෙවර තරගාවලියේදී සිය සුපුරුදු ඉසව්වට අමතරව සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වටද සහභාගි විය. එහෙත් සුපර් මෝටාඞ් ඉසව්වේ පළමු අදියර තුළ ධාවන පථය මත ඇද වැටීමෙන් උරහිසේ අබාධයකට ලක්වීම නිසා ඔහුට එම තරගයෙන් ඉවත් වීමට සිදුවූවා පමණක් නොව, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර නිමා කිරීමටද නොහැකි විය.

කෙසේ වුවත් ආබාධ තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටියදීද, එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයට සහභාගි වූ ඉෂාන් එම තරගය ජයගත්තේ ප්‍රේක්ෂක ඔල්වරසන් මැදිනි. අවාසනාවකට මෙන් සුපර් මෝටාඞ් ඉසව්වේ දෙවැනි අදියර තුළදී නැවතත් ධාවන පථය මත ඇද වැටීම නිසා ඉෂාන්ට එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ දෙවැනි අදියරට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවී ගියේය.

දේෂාන් සොලංකි සහ උද්දික ශ්‍රීමාල් මලවිගේ සමග කළ තියුණු තරගයකින් අනතුරුව එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් ‘ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ කුසලාන’ හිමිකර ගැනීමට ඉමාල් මංචනායක සමත් විය. මේ වසරේ අප්‍රේල් මස නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ආනන්ද වෙඩිසිංහ මහතා සිහිපත් කිරීම පිණිස එම සම්මානය ප්‍රධානය කෙරිණ.

ලාබාලම තරගකරුවන් සහභාගි වන ඉසව්ව ලෙස සැලකෙන වයස අවුරුදු 10 න් පහළ ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි තරගය ජයගත් මිනුක රත්නායක, තරගාවලියේ දක්ෂතම කනිෂ්ඨ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය ජයගැනීමට කේසර ගොඩගේ සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට විනුෂ්ක සිල්වා සමත් විය.

සියැට් - ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැති අතර යතුරුපැදි ඉසව් 13 කින් සමන්විත වූ මෙම තරගාවලිය යතුරුපැදිකරුවන් 134 ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.

යතුරුපැදි තරග ප්‍රතිඵල

මිනුක රත්නායක, ජනක ඩයස් මහතා අතින් සම්මාන ලබාගත් අයුරු...

ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50)
2 ඉරෝෂ් සමරසේකර (යමහා පී. ඩබ්ලිව්. 50)
3 රසිඳු මෙත්මාල් (යමහා පී. ඩබ්ලිව්. 50)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ)
1 කේසර ගොඩගේ (කේ. ටී. එම්. එන්. 85)
2 තාරුක රුමීෂ (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
3 ගඟන ප්‍රනාන්දු (හෂ්කුවාර්නා 85)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ)
1 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 150)
2 ඩී. එම්. ඩී. කල්හාර (කේ. ටී. එම්. එන්. 85)
3 භානුක රත්නායක (කවසාකි කේ. එකස්. 85)

එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 නිහල් විජේරත්න (කේ. ටී. එම්. 125)
2 එම්. එන්. පෙරේරා (කේ. ටී. එම්. 125)
3 නිලංක මාවනැල්ල (කවසාකි කේ. ඩී. එක්ස්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි (සන්නද්ධ සේවා)
1 බුද්ධික සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං මොටෝක්‍රොස් යතුරුපැදි
1 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125)
2 බුද්ධික කසුන් සිල්වා (යමහා වයි. ඉසෙඞ්. 125)
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එෆ්. එක්ස්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාක් ඩී. ටී. එම්. 250)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සි. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එෆ්. එක්ස්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාක් ඩී. ටී. එම්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ජාක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 බුද්ධික කසුන් සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ජාක් ගුණවර්ධන (ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)
2 ගයාන් සඳරුවන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

ගයාන් සඳරුවන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉවෝන් බී. ගුරුසිංහ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉමාල් මංචනායක

 

 

 


අදහස් (0)

ජාක් කලකට පසු දස්කම් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.