Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ජේඞ්න් ආසියානු යතුරුපැදි ශූරතාවලියට එක්වෙයි

ජේඞ්න් ආසියානු යතුරුපැදි ශූරතාවලියට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු මාර්ග යතුරුපැදි ශූරතාවලියේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා යතුරුපැදි තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ජේඞ්න් ගුණවර්ධන සමත්වී ඇත.

මෙම තරගාවලියේ ඔහු සහභාගී වන පළමු අදියරේ තරග මේ මස 17 වැනිදා මැලේසියාවේ සෙපෑන් නගරයේදී පැවැත්වේ.

මූලික තෝරාගැනීම් වලදී ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දියාව යන රටවල් 6 නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් 16 දෙනෙක් මෙම තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර ඉන් පසුව පැවැති බාහිර සුදුසුකම් ලබාගැනීමේ තරගයක් ජය ගනිමින් ජේඞ්න් අවසන් 18 දෙනා අතරට පැමිණ තිබේ.  

තවමත් 13 වැනි වියේ පසුවන මෙම ලාබාල යතුරුපැදිකරුවා එම බාහිර සුදුසුකම් ලබාගැනීමේ තරගයේදී රටවල් 22 ක කී‍්‍රඩකයන් පසුපසට ඇද දමමින් මෙම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව තමන් සතුකරගෙන ඇත.  

අදියර 6 කින් සමන්විත මෙම ශූරතාවලියේ දෙවැනි අදියර ඉන්දුනීසියාවේදීද, තෙවැනි අදියර ජපානයේදීද, සිව්වැනි අදියර තායිලන්තයේදීද, පස්වැනි අදියර කටාර්හිදීද, හයවැනි සහ අවසන් අදියර නැවතත් තායිලන්තයේදීද පැවැත්වේ.

 

 


සිලින්ඩර ධාරිතාව 250 දක්වා යතුරුපැදි තරගයට සහභාගී වන කී‍්‍රඩකයෝ


1 අර්සයිඞ් රුසයිඩි (සිංගප්පූරුව)
2 බ්‍රොක් පීර්සන් ( ඕස්ටේ‍්‍රලියාව)
3 හෆීස් නූර් අස්මන් (මැලේසියාව)
4 හැරී කි‍්‍රෂ්ණන් රාජගෝපාල් (ඉන්දියාව)
5 හිරෝකි නකමුරා (ජපානය)
6 ජේඞ්න් ගුණවර්ධන (ශ්‍රී ලංකාව)
7 කොකෝ මසහරු (පිලිපීනය)
8 මිඞ් ෆෙබි‍්‍රයන්සා (ඉන්දුනීසියාව)
9 මුහම්මද් හස්රෝයි ඔස්මන් (සිංගප්පූරුව)
10 මුක්ලාඩා සරාපුයෙච් (තායිලන්තය)
11 රොබට් මැතිව් රෙමෝස් (පිලිපීනය)
12 ශෆියුල් අස්හාරි (මැලේසියාව)
13 සෙතු රජීව් (ඉන්දියාව)
14 ශන්කර් සරත් කුමාර් (ඉන්දියාව)
15 වරපොඞ් නියාම්සක්හොන්සකුල් (තායිලන්තය)
16 යෝගා ඩියෝ සයිච්පුත‍්‍ර (ඉන්දුනීසියාව)
17 යුසුකේ නකමුරා (ජපානය)
18 සුහු ඕ ශේං ජ්න් ජේයි (චීනය)


අදහස් (0)

ජේඞ්න් ආසියානු යතුරුපැදි ශූරතාවලියට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.