Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථ රැළි අතරේ අද්වීතීය ස්ථානයක් ගන්නා ‘ඩකාර්’ රැළිය, 38 වැනි වතාවටත් හෙට (3 වැනිදා) ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරින් ආරම්භ වේ. මෙවර ආර්ජන්ටිනාවේදී සහ බොලීවියාවේදී පැවැත්වෙන රැලියට සහභාගි වීම සඳහා මේ වන විට තරගකරුවන් 350 ක් පමණ සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙවර තරගාවලියේදී තරගකරුවන්ට ගමන් කිරීමට සිදුවන මුලූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර 346 ක් වන අතර එහි ප‍්‍රාරම්භක අදියර කිලෝ මීටර් 11 ක දුරකින් යුක්තය.
ප‍්‍රාරම්භක අදියර අද පැවැත්වේ.
කෙසේ වෙතත් තරුණ තරගකරුවන්ට වඩාත් අභියෝගාත්මක අදියරක් වන මෙම ප‍්‍රාරම්භක අදියරේදී නව වතාවක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ්ට මෙන්ම ඩකාර් රැළියේ වත්මන් ශුරයා වන කටාර් ජාතික නසාර් අල් අතියාටත් තමන්ගේ තැන රැකගැනීම සඳහා බොහෝ දේ කිරීමට සිදුවනු ඇත.
නව වතාවක් ලෝක රැළි ශූරතාව දිනා සිටියද සෙබස්තියන් ලොබ් ඩකාර් රැුළියට එක්වන මුල්ම අවස්ථාව මෙයයි. මෙවර ඔහුගේ උත්සාහය සාර්ථක වුවහොත් 1987 දී සිය මුල්ම ඩකා රැළිය ජයගත් අරී වෙටනන්ගේ වාර්තාව සමකිරීමට සෙබස්තියන්ට හැකිවනු ඇත.
තරගකරුවන්ගෙන් වැඩි පිරිසකට ජයග‍්‍රහණයකට වඩා පරාජය උරුම වන ඩකා රැලිය වැනි තරගාවලියක පවතින අතිශය කටුක තතත්වයම තරගකරුවන්ට අභියෝගයකි.
එල් නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි දේශගුණික බලපෑම නිසා පීරු රාජ්‍යය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙවර ඩකා රැළියේ සත්කාරකත්වයෙන් ඉවත් විය. යතුරු පැදි කාණ්ඩයේදී පසුගිය වසරේ ශූරයා වන මාක් කෝමා මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් නොවේ.
ඉකුත් වසරෙ හතේදී පැවැති ඩකාර් රැළි ජයග‍්‍රාහකයෝ
මෝටර් රථ අංශය
2015 - නසර් අල් අතියා (කටාර්) සහ මතියෙවු බව්මෙල් (ප‍්‍රංශය)
2014 - නානි රෝමා (ස්පාඤ්ඤය) සහ මයිකල් පෙරින් (ප‍්‍රංශය)
2013 - ස්ටීවන් පීටර්හන්සෙල් සහ ජේන් පෝල් කෝට්රෙට් (ප‍්‍රංශය)
2012 - ස්ටීවන් පීටර්හන්සෙල් සහ ජේන් පෝල් කෝට්රෙට් (ප‍්‍රංශය)
2011 - නසර් අල් අතියා (කටාර්) සහ ටිමෝ ගොට්ස්චල්ක් (ජර්මනිය)
2010 - කාර්ලොස් සයින්ස් සහ ලූකස් කෘස් (ස්පාඤ්ඤය)
2009 - ජිනියෙල් ඩිවිලියර්ස් (දකුණු අපි‍්‍රකාව) සහ ඩර්ක් වොන් සිට්සෙවිට්ස් (ජර්මනිය)
යතුරුපැදි අංශය
2015 - මාර්ක් කෝමා (ස්පාඤ්ඤය)
2014 - මාර්ක් කෝමා (ස්පාඤ්ඤය)
2013 - සිරිල් ඩෙස්ප්‍රෙස් (ස්පාඤ්ඤය)
2012 - සිරිල් ඩෙස්ප්‍රෙස් (ස්පාඤ්ඤය)
2011 - මාර්ක් කෝමා (ස්පාඤ්ඤය)
2010 - සිරිල් ඩෙස්ප්‍රෙස් (ස්පාඤ්ඤය)
2009 - සිරිල් ඩෙස්ප්‍රෙස් (ස්පාඤ්ඤය)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.