Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner නරියාකන්ද රිදී ජුබිලි තරගාවලිය 22 දා

නරියාකන්ද රිදී ජුබිලි තරගාවලිය 22 දා

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දිවයිනේ ප්‍රධානතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් වන ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලිය 25 වැනි වතාවටත් මේ මස 22 වැනිදා උදෑසන 9.00 සිට දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනීමේ තරගද සමග මෝටර් රථ ඉසව් 12 කින් සහ යතුරුපැදි ඉසව් 12 කින් මෙවර තරගාවලිය සමන්විත වේ. තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව 256 ක් වන අතර ඊට මෝටර් රථ රියැදුරන් 112 ක් සහ යතුරුපැදිකරුවන් 144 ක් ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට පසිඳු පීරිස් සමත් වූ අතර ඉෂාන් දසනායක එවර දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද හමුදා විද්‍යාපීඨය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.

සාමාජිකයන් 14 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායා හැරුණුකොට නියෝජ්‍ය ක්‍රීඩා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරායා (ආර්. බී. වික්‍රමසිංහ මහතා) සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්ථමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිණියෝ දෙදෙනෙක්ද, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා මවු සංගයයේ හිටපු ලේකම්වරයා (රිස්වි ෆාරුක් මහතා) සහ එහි අනුබද්ධ ක්‍රීඩා සංගම් සහ සමාජවල නියෝජිතයන් 9 දෙනෙක්ද ඇතුළත්ව සිටිති.

කාලිංග සමරවීර (සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය), අනිල් ජයකොඩි (ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය), පුබුදු ජයවික්‍රම (ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය), නමාස් ෆවුසි (මෝටර් රේසිං ක්‍රීඩා සංගමය), සුරංජිත් ප්‍රේමදාස (සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය), මහේෂ් ගම්මන්පිල (ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය), ටී. ජී. එන්. ගාමිණී (මීගමුව මෝටර් රථ ක්‍රීඩා සමාජය), ජාලිය ජයසේකර (ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය) සහ රයන් ග්‍රේ (කොළඹ මෝටර් රථ ක්‍රීඩා සමාජය) යන මහත්වරු මවු සංගමයේ අනුබද්ධ ක්‍රීඩා සංගම් සහ සමාජ නියෝජනය කරමින් සංවිධායක කමිටුවට ඇතුළත්ව සිටින සාමාජිකයෝ වෙති.

ප්‍රීමා, ඩිමාර්ක්, රේන්කෝ, එක්සයිඞ්, එඩින්බරෝ, කොකා කෝලා, සියැට්, නෝර්ත් පෝල්, වර්ත් ලංකා, හොණ්ඩා සහ එලිෆන්ට් හවුස් යන ආයතන මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම වෙතිනි.

ප්‍රීමා සමාගමේ නියෝජිත දිනේෂ් විමලචන්ද්‍ර මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ අඥාපති බිගේඩියර් ඒ. එස්. පී. කේ. සේනාරත්න මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අයුරු...
(ඡායාරූපය - ඉෂංක සුනිමල්)

 


අදහස් (0)

නරියාකන්ද රිදී ජුබිලි තරගාවලිය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.