Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වැලිසර නාවික හමුදා සංකීර්ණයේදී ඉදිකරන ලද නවතම යතුරුපැදි සහ මෝටර් රථ ධාවන පථය පසුගියදා විවෘත කෙරිණ. මෙම විවෘත කිරීමේ උත්සවය නාවික හමුදා කී‍්‍රඩා අධ්‍යක්ෂ, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්විණ.
අගනුවර ආසන්නයේ තිබෙන එකම බොරළු සහිත ධාවන පථය ලෙස හැදින්විය හැකි මෙම ධාවන පථය, අක්කර 40 කට වැඩි භූමි ප‍්‍රමාණයක් ආවරණය වන පරිදි ඉදිකොට තිබේ. මෙහි යතුරුපැදි ධාවන මංතීරුව කිලෝ මීටර් 1.8 ක දුරකින් සමන්විත වන අතර මෝටර් රථ ධාවන මංතීරුව කිලෝ මීටර් 1.2 ක දුරකින් සමන්විත වේ.
වංගු 7 කින් සහ පිමි 13 කින් සමන්වත මෙම ධාවන පථය, එකවර වැඩි කී‍්‍රඩකයන් සංඛ්‍යාවකට තරගවැදීමට හැකිවන අයුරින් අඩි 23-35 අතර පළලකින් නිමකොට තිබේ. ජර්මන් ජාතික රැුල්ෆ් කාපින්ස්කි මහතාගේ සහ යතුරුපැදි ධාවන ශූර ගයාන් සඳරුවන්ගේ උපදෙස් වලට මෙහි නිමැවුම් කටයුතු සිදුකර ඇත.
එළඹෙන සැප්තැම්බර් සහ නොවැම්බර් මාස වලදී මෙම ධාවන පථයේ ‘නේවි සුපර්ක්‍රොස්’ නමින් අදියර 2 කින් සමන්විත යතුරුපැදි සහ මෝටර් රථ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු සංවිධානය කර තිබේ.
ධාවන පථය විවෘත කිරීමේ උත්සවයයේ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති රොඞ්නි මේසන්, කාල්ටන් මෝටර් කී‍්‍රඩා සමාජයේ සභාපති දිනේෂ් ගුණවර්ධන, නාවික හමුදා මොටෝක්‍රොස් සංචිතයේ පුහුණුකරු ගයාන් සඳරුවන් යන මහත්වරුන්, නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ප‍්‍රවීන යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයෝ පිරිසක් සහභාගී වූහ.
නාවික හමුදාවටත් මෝටර් ක්‍රොස් ධාවන පථයක්...
(ඡායාරූප - ප‍්‍රදීප් පතිරණ)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.