Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් වැඩි දස්කම් දැක්වීමට ප්‍රමුඛ සේසත් සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා (23 වැනිදා) නුවරඑළිය නගර මධ්‍යයේදී පැවැත්විණ.
ළහිරු රන්දීප් සහ මධුරංග කල්දේරා සමග කළ තුන් කොන් සටනකින් අනතුරුව ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ප්‍රමුඛ සේසත්, ඉන් නොනැවතී තරගාවලියේ ප්‍රධානම යතුරුපැදි තරගය වූ ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 900 සිට 1000 දක්වා) අධි බලැති යතුරුපැදි තරගය ජයගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීමට ළහිරු රන්දීප් සමත් වූ අතර ඉන්සාෆ් බාෂිර් ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 900 සිට 1000 දක්වා) අධි බලැති යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානයට පත්විය. ඔවුන් තිදෙනාටම හොඳ තරගයක් දුන් මධුරංග කල්දේරා එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගත්තේය.
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) යතුරුපැදි තරගය සහ ‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය ජයගත් සංජීව උදයකුමාර යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.
‘එස්. එම්.’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ජයගැනීමට කසුන් ධනුෂ්ක සමත් වෙද්දී එම කාණ්ඩයේම (සි. ධා. 250 සිට 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය ජයගැනීමට ආනන්ද සම්පත් වීරසිංහ සමත් වූයේ එම තරගයේ පෙරමුණේ ගමන් කළ ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා දරුණු අනතුරකට මුහුණ පෑමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය, නුවර එළිය මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ නුවර එළිය නගර සභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට යතුරුපැදි ඉසව් 13 ක් ඇතුළත් විය.
යතුරුපැදි තරග ප්‍රතිඵල
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 180 දක්වා) ටී. වී. එස්. අපාචි යතුරුපැදි තරගය
1 නිලුක්ෂාන් බාලසූරිය (ටී. වී. එස්. අපාචි 180)
2 ඒ. ඩී. සිල්වා (ටී. වී. එස්. අපාචි 180)
3 කෝසල බණ්ඩාර (ටී. වී. එස්. අපාචි 180)
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) යමහා එෆ් ඉසෙඞ් යතුරුපැදි තරගය
1 කේ. ඩී. ජයවර්ධන (යමහා එෆ් ඉසෙඞ් 150)
2 නදීෂ මධුරංග (යමහා එෆ් ඉසෙඞ් 150)
3 ඩී. ඒ. ජයරත්න (යමහා එෆ් ඉසෙඞ් 150)
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 සංජීව උදයකුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 චමින්ද සුබසිංහ (හොණ්ඩා සී. බී. එන්. 125)
3 ඩී. ඩබ්ලිව්. දිසානායක (හොණ්ඩා ජේ. එක්ස්. 125)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 චතුර මධුෂංඛ (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
’එස්. එම්.’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 සුරේන් කුරේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 සංජීව උදයකුමාර (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 නිකිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
‘එස්. එම්.’ කාණ්ඩයේ (සි. ධා. 250 සිට 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 ආනන්ද සම්පත් වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
2 සුරේන් කුරේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
3 කවිඳු දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 චතුර මධුෂංක (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 හේෂාන් පසිඳු (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 එරංග ගල්පිහිල්ල (හොණ්ඩා සී. බී. ආර්. 250)
‘ආර්’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 ශස්රාන් ඉස්මත් නූන් (හොණ්ඩා ආර්. එස්. 125)
2 සුදාර වීරසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)
3 රෙහාන් බුල්ජන්ට්ස් (හොණ්ඩා ආර්. එස්. 125)
‘එම්’ කාණ්ඩයේ කවසාකි ට්‍රැකර් ක්‍රීඩා යතුරුපැදි තරගය
1 ආර්. එම්. මිම්ෂාඞ් (කවසාකි ට්‍රැකර්)
2 එම්. රිස්වි (කවසාකි ට්‍රැකර්)
3 පී. රගුරාජා (කවසාකි ට්‍රැකර්)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 600 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 ළහිරු රන්දීප් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 600)
2 මධුරංග කල්දේරා (යමහා ආර්. VI 599)
3 ප්‍රමුඛ සේසත් (හොණ්ඩා සී. බී. ආර්. 600)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 700 ට වැඩි) සංචාරක යතුරුපැදි තරගය
1 ඉෂාන් එදිරිසිංහ (ඩුකාටි හයිපර්මෝටාඞ්)
2 මුදිත සමරසේකර (ඩුකාටි මොන්ස්ටර්)
3 මංගල පතිරගේ (හෂ්කුවානා)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 900 සිට 1000 දක්වා) නවීකරණය කළ සහ නවීකරණය නොකළ යතුරුපැදි තරගය
1 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 මදුරංග කල්දේරා (යමහා ආර්. I 1000)
3 ඉන්සාෆ් බාෂිර් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 1000)
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.