Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෝමියුලා I ධාවන පථයේ ජය කෙහෙළි නැංවූ මයිකල් ෂූමාකර්ගේ පුත් මික් ෂූමාකර් සිය පියාගේ අඩිපාරට තවත් පියවරක් ආසන්න වී සිටී. මෙතෙක් කලක් ෆෝමියුලා III ධාවන තරග වලට සහභාගි වූ මික් මීළඟ තරගවාරයේ සිට ෆෝමියුලා II කාණ්ඩයට සුදුසුකම් ලබා තිබේ.
තවමත් 19 හැවිරිදි මික් ෂූමාකර් මේ වසරේදී ෆෝමියුලා III කාණ්ඩයේ යුරෝපීය ශූරතාව දිනාගත්තේය. තරග 15 කින් සමන්විත යුරෝපීය ශූරතාවලියේදී තරග 8 ක් ජයගත් මික් ෂූමාකර්, තරග 14 කදීම පළමු තිදෙනා අතර ස්ථානයක් හිමිකරගැනීමට සමත් වූයේය. ෆෝමියාලා III කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමෙන් පසුව ෆෝමියාලා II කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට මික් ෂූමාකර් සමත්විය.
ෆෝමියුලා II කාණ්ඩයේ පළමු ස්ථාන තුන හිමකරගත් ජොර්ජ් රසල්, ලැන්ඩෝ නොරිස් සහ ඇලෙක්සැන්ඩර් ඕල්බන් තිදෙනාම ෆෝමියාලා I කාණ්ඩයට සුදුසුකම් ලබා සිටිති.
“ඔහු ඉතාමත් දක්‍ෂ වගේම කැපවීමක් තියෙන තරගකරුවෙක්. එයාත් එක්ක වැඩකරන්න ලැබීමත් සතුටක්. එයා මීළඟ කාණ්ඩයේදී මොන වගේ දෙයක් කරයිද කියලා බලා ඉන්නවා” යයි මික් ෂූමාකර් එක්ව සිටි මර්සිඩීස් කණ්ඩායමේ ප්‍රධානියා වන රේන් රෝසින් පැවසීය.
දෙවැනි කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීම “තීරණාත්මක පියවරක් ඉදිරියට තැබීමක්” ලෙසින් හඳුන්වන තරුණ ජර්මානුවා එය තමන්ට වැඩි අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් වන බවද කියයි.
“ෂූමාකර් කෙනෙක් නැවත වතාවක් ෆෝමියුලා I කාණ්ඩයට එනවාමයි. එකක් නම නිසා. අනෙක ඔහු ඉතාමත් දක්‍ෂ තරගකරුවෙක්” යයි පස් වතාවක්ම ෆෝමියුලා I කාණ්ඩයයේ ලෝක ශූරතාව දිනූ ලුවිස් හැමිල්ටන් පසුගියදා කීවේය.
මික්ගේ පියා වන මයිකල් ෂූමාකර් ෆෝමියුලා I කාණ්ඩයයේ ලෝක ශූරතාව හත් වතාවක් දිනා ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තෙකි. එයින් වසර පහකදී එක දිගටම ලෝක ශූරතාව දිනාගැනීමට මයිකල් ෂූමාකර් සමත් වූයේය. ෆෝමියුලා I කාණ්ඩයයේ වැඩිම තරග සංඛ්‍යාවක් (91) ජයග්‍රහණය කිරීමේ ලෝක වාර්තාවේ හිමිකාරයාද මයිකල් ෂූමාකර්ය.
ෆෝමියුලා මෝටර් රථ තරග වලින් සමුගැනීමෙන් පසු, 2013 දී, යුරෝපයේ හිම මත ලිස්සායාමේ ක්‍රීඩාවකට සහභාගි වෙමින් සිටියදී අනතුරකට පත්වූ 49 හැවිරිදි මයිකල් ෂූමාකර් මේ වන විට ඉතාම දැඩි රැකවරණ ඇතිව, වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ සිටී. අනතුරෙන් පසුව ඔහු මහජනයා ඉදිරියට පැමිණියේ නැත.
- රොයිටර් ඇසුරිනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.