Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැති ‘ටාමැක් ශූරතා’ මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ පළමු අදියරේ දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනාගැනීමට ලාබාල කී‍්‍රඩක ප‍්‍රමුඛ සේසත් ද සිල්වා සමත් විය. අශාන් සිල්වා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්විය.
තවමත් 17 වැනි වියේ පසුවන ප‍්‍රමුඛ සේසත් ද සිල්වා ජාතික මට්ටමේ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක දක්ෂතම යතුරුපැදි ධාවක සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරුපැදි තරග දෙකම ජයගනිමින් ඔහු එම සම්මානයට හිමිකම් කීවේය.
මධුරංග කල්දේරා, ශ‍්‍රියන්ත අනුරාධ, රේසා ඔඩයාර් සහ පූර්ණක ප‍්‍රසාද් වැනි එම ඉසව්වේ ප‍්‍රබල යතුරුපැදි ධාවකයන් පසුපසට ඇද දමමින් ඔහු ඉන් ජය ලැබීම එහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පැවැති තරග දෙකම පහසුවෙන් ජයගනිමින් අශාන් සිල්වා දක්ෂතම රියැදුරාට හිමි සම්මානය තමන් සතු කරගත්තේය. ඔහුට හොඳ තරගයක් ලබාදුන් ඩරින් වීරසිංහ, එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (ඉන්දන විද්‍යුත් විසරණ) ජය ගැනීමට බ‍්‍රයන් පෙරේරා සමත් වෙද්දී ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (කාබියුරේටර්) ජය ගැනීමට සමත් වූයේ ඒ. එම්. වීරසිංහයි.
තවත් වේගවත් යතුරුපැදි තරග ඉසව්වක් ලෙස සැළකෙන එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරුපැදි තරගයේ ජය කසුන් ධනුෂ්කත්, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි තරගයේ ජය ප‍්‍රවීණ කී‍්‍රඩක සුරාජ් පෙරේරාත් හිමිකරගත්හ.
තරග ඉසව් 22 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ අත්කර ගැනීමට සජා්ඞ් සුහේර්ද, යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග‍්‍රහණ අත්කර ගැනීමට ශොයෙල් ඩැනියෙල්ද සමත් වූහ.
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා සියැට් සමාගම ලෙස කටයුතු කළේය.
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 මනුජිත මනීත් (ඔස්ටින් මිනි 1000)
2 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
3 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
2 එස්. ඒ. දුමින්ද (නිසාන් මාර්ච් 1000)
3 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1350 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1350)
2 එස්. ඒ. දුමින්ද (නිසාන් බී310 1350)
3 ඉම්රාන් යකූබ් (සුසුකි කල්ටස් 1298)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 කෞෂාල් පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 එන්. එස්. එම්. ශසාන් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 මාලන් මංචනායක (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 සංජීව උදය කුමාර (හොණ්ඩා 150)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යකුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 එස්. ජී. රාජකරුණා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 එස්. ජී. චමින්ද (හොණ්ඩා සී. බී. 125)
2 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 125)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. IV 1600)
2 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)
3 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 බ‍්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
2 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
3 ක්ලෙමන්ට් සේනාරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (කාබියුරේටර්)
1 ඒ. එම්. වීරසිංහ (ෆෝර්මියුලා කාබියුරේටර්1300)
2 සුමාල් වර්ණකුලසූරිය (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
3 රමේෂ් පෙරේරා (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 සුසන්ත ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
2 රොමේෂ් ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
3 ජනිත් කුමාරගේ (ෆොර්ඞ් ලේසර් 1300)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ලතික ශමාල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 කුංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. VI 600)
3 මධුරංග කල්දේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. VI 599)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) පළමු යතුරුපැදි විවෘත තරගය
1 ප‍්‍රමුඛ සේසත් ද සිල්වා (බී. එම්. ඩබ්ලිව්. එස්. ආර්. ආර්. 1000)
2 මධුරංග කල්දේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ්. ආර්. I 999)
3 රේසා ඔඩෙයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)
2 උදික ශ්‍රීමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 කසුන් ධනුෂ්ක (හොන්ඩා සී. ආර්. එෆ් 450)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 ඩරින් වීරසිංහ (සුබාරු එස්. ටී. අයි. ඞ 2000)
3 අබීත් දංගල්ල (මිට්සුබිශී එවොලූෂන් VI 2000)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ශෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියා 1500)
3 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
2 ටිරෝන් හෙඳවිතාරණ (සුබාරු ලෙගාසි 2000)
3 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2000)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) දොවැනි යතුරුපැදි විවෘත තරගය
1 ප‍්‍රමුඛ සේසත් ද සිල්වා (බී. එම්. ඩබ්ලිව්. එස්. ආර්. ආර්. 1000)
2 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. ආර්. I 1000)
3 රේසා ඔඩෙයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 ඩරින් වීරසිංහ (සුබාරු එස්. ටී. අයි. X 2000)
3 ඩිලාන් සෙනෙවිරත්න (මිට්සුබිශී ඊ. ආර්. X 2000)
‘ටාමැක් ශූරතා’ මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.