Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර කටුකුරුන්ද ධාවන පථයේදී පැවැති ‘ශ්‍රී ලංකා සුපර් සීරිස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සිව්වැනි අදියරේ වැඩි ගෞරව දිනාගැනීමට මධුරංග කල්දේරා, බ‍්‍රයන් පෙරේරා, ඒරන් ගුණවර්ධන, කසුන් ධනුෂ්ක සහ රෝහිත රාජපක්ෂ සමත්වූහ.
ඔවුන් අතුරින් වැඩිම පේ‍්‍රක්ෂක අවධානයක් දිනාගත් කී‍්‍රඩකයා ලෙස මධුරංග කල්දේරා හැදින්විය හැකි අතර සහභාගී වූ තරග 3 න්ම ජය ලැබීමට ඔහු සමත් විය.
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය සහ ‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගය ඔහු ජය ලැබූ තරග විය.
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරග (4 ඊ. එෆ්. අයි.) දෙකෙන්ම ජය ලැබූ බ‍්‍රයන් පෙරේරා, ෆෝර්මියුලා අංශයේ වැඩි ගෞරව තමන් සතුකර ගැනීමට සමත් විය.
තවමත් වයස අවුරුදු 11 ක් පමණ වන ඒරන් ගුණවර්ධන, ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය සහ ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය ජය ගත්තේ ඔහුට වඩා වයසින් දෙගුණයක් පමණ වැඩි තරගකරුවන් පසුපසට ඇද දමමිනි.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරුපැදි තරගයේදී ප‍්‍රබල කී‍්‍රඩක සුරාජ් පෙරේරා පරාජය කළ කසුන් ධනුෂ්ක, එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය ජයගත්තේ ප‍්‍රවීණ කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහද පරාජය කරමිනි.
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය පහසුවෙන්ම ජයගත් රෝහිත රාජපක්ෂ, දිනේෂ් ජයවර්ධන සමග කළ තියුණු තරගයකින් අනතුරුව එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගයද ජය ගත්තේය.
ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ මෝටර් කී‍්‍රඩා සංගම් වන ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදි කරුවන්ගේ සංගමය, කාල්ටන් මෝටර් කී‍්‍රඩා සංගමය සහ ආසියානු මෝටර් කී‍්‍රඩා සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය.
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ශෂික ලක්මාල් (ඔස්ටින් මිනි 1000)
2 සමන්ත ගුණවර්ධන (ඔස්ටින් මිනි 1000)
3 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 රෝහිත රාජපක්ෂ (නිසාන් මාර්ච් 1000)
2 සුලේක් මුෂීන් (නිසාන් මාර්ච් 1000)
3 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) පළමු මෝටර් රථ තරගය (විද්‍යුත් ඉන්දන විසිරණ - 4)
1 බ‍්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
2 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
3 ලියෑම් ලෝරන්ස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) පළමු මෝටර් රථ තරගය (කාබියුරේටර්)
1 අයේෂ් බණ්ඩාර (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
2 ෆයාද් ෆරීස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
3 දුල්මිත් මෙන්ඩිස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 එන්. එස්. එම්. ශසාන් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 කෞෂාල් පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 රොහාන් ඞී. පතිරණ (හොණ්ඩා ජී. එල්. 145)
3 චානක ඞී. හෙට්ටිආරච්චි (බජාජ් පල්සර් 135)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ් 250)
3 චතුර මධුසංක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 125)
2 ශිවංක පිලිප් (යමහා ඩබ්ලිව්. ඉසෙඞ්. එෆ්. 125)
3 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 මොහාන් පෙරේරා (හොණ්ඩා සිවිස් 1600)
2 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවිස් 1600)
3 ඉම්ඩාඞ් හුසේන් (හොණ්ඩා සිවිස් 1600)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆොර්ඞ් ලේසර් 1050)
2 සිතාර පීරිස් (වොක්ස්වැගන් පොලෝ 143)
3 මහේන් මඩුගල්ල (ඔස්ටින් මිනි 140)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1350 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 ශෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1350)
2 මයිකල් විජේසූරිය (නිසාන් මාර්ච් 1315)
3 නිෂාන් වාසලතන්තී‍්‍ර (සුසුකි කල්ටස් 1350)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 සුසන්ත ගුණවර්ධන (ෆොර්ඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)
3 ජනිත් කුමාරගේ (ෆොර්ඞ් ලේසර් 1300)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවිස් 1600)
2 මොහාන් පෙරේරා (හොණ්ඩා සිවිස් 1600)
3 ඉම්ඩාඞ් හුසේන් (හොණ්ඩා සිවිස් 1600)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (හොණ්ඩා එන්. එස්. ආර්. 250)
2 නිලන්ත පෙරේරා (හොණ්ඩා එන්. එස්. ආර්. 250)
3 යොහාන් වඩුගේ (හොණ්ඩා එන්. එස්. ආර්. 250)
‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 නෙඞ් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 ශි‍්‍රයාන් සැමුවෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි පළමු තරගය
1 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)
3 කවිඳු දුෂාන් (හොන්ඩා සී. ආර්. එෆ් 450)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්. 6)
2 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 6)
3 ශි‍්‍රයාන් සැමුවෙල් (යමහා වයි. ඉසෙඞ්. එෆ්.)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 මධුෂාන් මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික් 1500)
2 සජාඞ් සුහේර් (හොණ්ඩා සිවික් 1500)
3 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1500)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 900 සිට 1000 දක්වා) යතුරුපැදි තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්. 999)
2 නඳුන් විජේසිංහ (බී. එම්. ඩබ්ලිව්. එස්. ආර්. ආර්. 1000)
3 ශිවංක පිලිප් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 1000)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි දෙවැනි තරගය
1 කසුන් ධනුෂ්ක (හොන්ඩා සී. ආර්. එෆ් 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)
‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරුපැදි විවෘත තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්. 999)
2 නඳුන් විජේසිංහ (බී. එම්. ඩබ්ලිව්. එස්. ආර්. ආර්. 1000)
3 රුවන් පීරිස් (කවසාකි 600)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 රෝහිත් රාජපක්ෂ (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 ටිරෝන් හෙඳවිතාරණ (මිට්සුබිශී එවොලූෂන් 2000)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1500)
2 රංජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
3 ශෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 හේෂාන් පීරිස් (සුබාරු ලෙගාසි 2000)
2 චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2000)
3 යොහාන් විජේවර්ධන (සුබාරු ලෙගාසි 2000)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය (කාබියුරේටර්)
1 ෆයාද් ෆරීස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
2 ශානක බණ්ඩාර (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
3 කෙවින් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් 1300)
ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය (විද්‍යුත් ඉන්දන විසිරණ - 4)
1 බ‍්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
2 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
3 ක්ලෙමෙන්ට් සේනාරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 රෝහිත් රාජපක්ෂ (මිට්සුබිශී එවොලූෂන් 2000)
2 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිශී එවොලූෂන් 2000)
3 දසරාජ් දහනායක (මිට්සුබිශී එවොලූෂන් 2000)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.