Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මධුරංග - ආනන්ද ද්විත්ව ජයග‍්‍රහණ ලබති

මධුරංග - ආනන්ද ද්විත්ව ජයග‍්‍රහණ ලබති

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නුවරඑළිය නගර මධ්‍යයේ පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී කැපීපෙනෙන දස්කම් දක්වමින් ද්විත්ව ජයග‍්‍රහණ අත්කර ගැනීමට මධුරංග කල්දේරා සහ ආනන්ද සම්පත් වීරසිංහ සමත් වූහ.

අනික් තරගකරුවන්ට ප‍්‍රබල තර්ජනයක් වූ මධුරංග කල්දේරා ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීවේ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) තරගය සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) තරගය ජය ගනිමිනි. ඉන් පළමු තරගය සඳහා යමහා ආර්. 6 යතුරුපැදියන් භාවිතා කළ මධුරංග දෙවැනි තරගය සඳහා යමහා ආර්. 1 යතුරුපැදියන් භාවිතා කළේය.

අධි බලැති යතුරුපැදි භාවිතා කරමින් තරගවදින ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුුරුපැදි (සි. ධා. 1000 දක්වා) තරගයේදී මධුරංග කල්දේරාට ඉතා තියුණු තරගයක් දීමට රේසා ඔඩයාර් සහ ශි‍්‍රයන්ත අනුරාධ සමත් වූහ. ඔවුන් තිදෙනා වරන් වර එකිනෙකා පසුකර යමින් තරගයේ පෙරමුණ ගැනීම නරඹන්නන් කුල්මත් කිරීමට හේතු විය.

තවත් වේගවත් තරග ඉසව්වක් ලෙස හැදින්වෙන ‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 250 සිට 1000 දක්වා) තරගය ජය ගැනීමට ආනන්ද සම්පත් වීරසිංහ සමත්වූයේ සුරාජ් පෙරේරා, සචිර ගිම්හාන් සහ ඉරන්ත තාරුක වැනි එම ඉසව්වට සහභාගීවූ තවත් ප‍්‍රබල තරගකරුවන් පසු පසට ඇද දමමිනි.

නුවරඑළිය ප‍්‍රදේශයේම යතුරුපැදිකරුවකු වන ආනන්ද සම්පත් වීරසිංහ, ඉන් නොනැවතී ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 150 දක්වා) තරගයද ජයගැනීමට සමත් වූ අතර ඒ සඳහා ඔහු බජාජ් පල්සර් වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළේය.  

කුෂාන් පීරිස් සමග කළ ඉතා තියුණු තරගයකින් අනතුරුව ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට සුසන්ත ගුණවර්ධන සමත් වූ අතර ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ තරගයේ ජය රජිත් උළුවිට සතුවිය.

තරගාවලියේ වේගවත්ම මෝටර් රථ ඉසව්ව වූ ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජය ගැනීමට හෂේන් පීරිස් සමත් විය. එහි දෙවැනි ස්ථානය චමින්ද ධර්මවර්ධනට හිමිවූ අතර තෙවැනි ස්ථානය මාලික කුරුවිටආරච්චිටත් හිමිවිය.

ශ්‍රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය, නුවර එළිය මෝටර් රේසිං සංගමය සහ නුවර එළිය නගර සභාව සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කළේය.

 

යතුරුපැදි තරග ප‍්‍රතිඵල


‘ ඕ’ කාණ්ඩයේ යමහා යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය
1 ආර්. එස්. එන්. ප‍්‍රනාන්දු (යමහා එෆ්.2 150)
2 ඈෂ්ලි කුයින් (යමහා එෆ්.2 150)
3 එස්. එස්. කල්දේරා (යමහා එෆ්.2 150)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. 250)
2 කවිඳු දුෂාන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
3 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 කුංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 කසුන් චතුරංග (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 හේෂාන් පසිඳු (හොණ්ඩා සී. බී. ආර්. 250)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 150 දක්වා) තරගය
1 ආනන්ද සම්පත් වීරසිංහ (බජාජ් පල්සර් 150)
2 නිමේෂ් ප‍්‍රනාන්දු (යමහා වයි. ඉසෙඞ්. 150)
3 මංගල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර් 150)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුුරුපැදි (සි. ධා. 600 දක්වා) තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්.6 600)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ෂේන් මාර්ක් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 ගනීෂන් විජේකුමාර් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

‘ආර්’ කාණ්ඩයේ රේසිං යතුරුපැදි (සි. ධා. 125 දක්වා) තරගය
1 වී. ටී. විජේකුමාර් (හොණ්ඩා ආර්. එස්. 125)
2 සුදාර වීරසිංහ (හොණ්ඩා ලීඩර් 125)
3 චමින්ද හෙට්ටිආරච්චි (හොණ්ඩා ආර්. එස්. 125)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 චමින්ද සුබසිංහ (හොණ්ඩා සී. බී. එන්. 125)
2 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 එන්. ප‍්‍රදීපන් (හොණ්ඩා සී. බී. ආර්. 125)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 250 සිට 1000 දක්වා) විවෘත තරගය
1 ආනන්ද සම්පත් වීරසිංහ (අකාෂ් සී. ආර්. එෆ්. 450)
2 කේ. ඞී. සුදසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
3 සචිර ගිම්හාන (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුුරුපැදි (සි. ධා. 1000 දක්වා) තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්.1 1000)
2 රේසා ඔඩයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී.4 1000)
3 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා ආර්.1 1000)

 

මෝටර් රථ තරග ප‍්‍රතිඵල
‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සාමාන්‍ය මෝටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
2 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)

3 ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1300 දක්වා) තරගය
1 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 කුෂාන් පීරිස් (මැස්ඩා 1300)
3 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ මිනි 7 මෝටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 සුරේෂ් කුමාර් (ඔස්ටින් මිනි 1000)
2 මනුජිත මනීත් (ඔස්ටින් මිනි 1000)
3 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1500 දක්වා) තරගය
1 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
2 ශාන්ත පි‍්‍රයංකර (ෆෝඞ් ලේසර් 1500)
3 දුමින්ද ජයසිංහ (මැස්ඩා 1500)

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ නවීකරනය කරන ලද මෝටර් රථ (සි. ධා. 1050 දක්වා) තරගය
1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)
2 ලක්මාල් විජේරත්න (මොරිස් මිනි 1050)
3 අජිත් කීර්ති (ඔටෝබැක්ස් මිනි 1050)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය
1 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2000)
2 චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2000)
3 මාලික කුරුවිටආරච්චි (සුබාරු ලෙගාසි 2000)


අදහස් (0)

මධුරංග - ආනන්ද ද්විත්ව ජයග‍්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.