Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ තරගාවලියේ වර්තමාන නිෂ්පාදන ශූරයන් වන මර්සිඩීස් කණ්ඩායම තමන්ගේ නවතම මෝටර් රථය ඊයේ (13 වැනිදා) සිල්වර්ස්ටෝන් ධාවන පථයට දැම්මේය. ඒ සම්බන්ධයෙන් මහත් සතුටට පත්ව සිටින ෆෝමියුලා I කාණ්ඩයේ ලෝක ශූරයා වන බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් කියා සිටියේ අලුත් වාහනය නිසා 2019 තරගවාරය පසුගිය වසරට වඩා සිත්ගන්නා සුළු එකක් විය හැකි බවයි.
2019 ගෝන් ප්‍රී තරගයට පෙර තම තමන්ගේ වාහන පරීක්‍ෂා කර බැලීම සඳහා අනෙකුත් කණ්ඩායම් කාලය හා තරගයක යෙද සිටින නමුත් මර්සිඩීස් කණ්ඩායම කල්වේලා ඇතිවම තමන්ගේ රථය පරීක්‍ෂාකර බලා බැලුවේය. හැමිල්ටන්ගේ කණ්ඩායම් සගයා වන වැල්ටෙරි බොතාස් පළමු ධාවනයේදී මර්සිඩීස් රිය පැදවූ අතර හැමිල්ටන් දෙවනුව සුක්කානම අබියස අසුන්ගැනීමට සූදානමින් සිටියේය.
2019 ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ තරගාවලිය මාර්තු මස 17 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වෙයි.
“මම ටික දවසක් තරග ගැන හිතන්නේ නැතිව හිටියා. ඒ 2019 තරගාවලිය සඳහා හොඳ සූදානමක් වගේම ආරම්භයක් ලබාගන්න. 2018 කියන්නේ මගේ තරග දිවියේ කදිම අවුරුද්දක්. ඒත් මා හිතනවා 2019 ඊට වඩා හොඳ වේවි කියලා”
“මට තව තවත් දේවල් කරන්න ඕනේ....මට ඉදිරියටම යන්න ඕනේ.....මම දැන් ආරෝපණය කරපු බැටරියක් වගෙයි....දැන් මට ඕනෑ කරන්නේ වැඬේට බහින්නයි.....” යයි 2018 ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ ශූරයා පැවසීය.
පසුගිය වසරේදී තරග 11 ක් ජයගත් බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් වාර්ෂික ලෝක ශූරතාව පස්වතාවක් දිනාගත් තුන්වැන්නා වීමට ඔන්න මෙන්න කියා සිටී. මේ වන විට ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ තරග 73 ක් දිනා ඇති හැමිල්ටන්ට එහි අද්වීතීය ශූරයා වන ජර්මනියේ මයිකල් ෂූමාකර් සතු ජයග්‍රහණ 91 වාර්තාව සමකිරීමට තවත් ජයග්‍රහණ 18 ක් අවශ්‍යව තිබේ.
මේ වසරේ පළමු වැනි ගෝන් ෆ්‍රී තරගාවලිය මාර්තු මස 17 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි. මෙවර ගෝන් ප්‍රී ශූරතාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 21 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.