Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මහගස්තොට කඳු තරණයේ ජය දිනේෂ්ට - ආනන්දට

මහගස්තොට කඳු තරණයේ ජය දිනේෂ්ට - ආනන්දට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියක් ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණයේ 83 වැනි අදියරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස දිනේෂ් ජයවර්ධනද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ආනන්ද සම්පත්ද සම්මාන දිනාගත්හ.

මිට්ෂුබිෂී එවොලූෂන් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයෙන් (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) තරග වැදුණ දිනේෂ් ජයවර්ධනට එක් තරග වටයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 33.6577 කි.

තත්ත්පර 34.236 කින් තරග වටයක් නිමා කළ ඩරින් වීරසිංහ මෝටර් රථ අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර තත්ත්පර 38.570 කින් තරග වටයක් නිමා කළ සෆ්රාස් ජුනේඞ් එහි තෙවැනි ස්ථානයට පත් විය.

ආනන්ද සම්පත් පිට පිටම මහගස්තොට කඳු තරණයේදී යතුරුපැදිකරුවෙකු වාර්තා කරන ලද හොඳම කාලයට හිමිකම් කී සිවුවැනි අවස්ථාව මෙයයි.

හොණ්ඩා සී. ආර්. එෆ්. 450 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් එස්. එම්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 175 සිට 450 දක්වා) සුපර්මෝටාඞ් ඉසව්වෙන් තරග වැදුණ ආනන්දට තරග වටයක් නිමා කිරීමට ගතවූ අවම කාලය තත්ත්පර 33.939 කි.


මෝටර් රථ තරග ප්‍රතිඵල

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (තත්ත්පර 42.714)
2 ෂෙනාල් ගුණවර්ධන (තත්ත්පර 43.382)
3 සුසන්ත ගුණවර්ධන (තත්ත්පර 43.431)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 සුසන්ත ගුණවර්ධන (තත්ත්පර 43.318)
2 කුෂාන් පීරිස් (තත්ත්පර 43.819)
3 ධම්මික පිරීස් (තත්ත්පර 44.694)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ
1 චන්දිම ගුණරත්න (තත්ත්පර 38.546)
2 බ්‍රයන් පෙරේරා (තත්ත්පර 38.740)
3 රංජය දිසානායක (තත්ත්පර 39.202)

ෆෝර්මියුලා ෆෝඞ් (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්ත්පර 36.981)
2 සෆ්රාස් ජුනේඞ් (තත්ත්පර 39.224)
3 නදීර ජිනසේන (තත්ත්පර 39.318)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1665 දක්වා) මෝටර් රථ
1 ඩිලාන් සෙනෙවිරත්න (තත්ත්පර 34.760)
2 රොහාන් ද සිල්වා (තත්ත්පර 44.040)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ
1 මහේන් මඩුගල්ල (තත්ත්පර 41.646)
2 අජිත් කීර්ති (තත්ත්පර 41.946)
3 යසිත් ගමගේ (තත්ත්පර 42.515)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 කේ. පරමේෂ්වරන් (තත්ත්පර 45.339)
2 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (තත්ත්පර 46.094)
3 අජිත් කීර්ති (තත්ත්පර 47.794)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 මධුෂාන් මාන්නප්පෙරුම (තත්ත්පර 37.665)
2 රුමේෂ් රාජකුලේන්ද්‍රන් (තත්ත්පර 39.778)
3 එස්. මාන්නප්පෙරුම (තත්ත්පර 40.188)

ඒස්. එල්. ඊ. කාණ්ඩයේ නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථ
1 ධම්මික පීරිස් (තත්ත්පර 46.420)
2 බිනුර පඬුවාවල (තත්ත්පර 47.434)
3 මිහාන් පීරිස් (තත්ත්පර 48.994)

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 දුමින්ද ජයසිංහ (තත්ත්පර 44.224)
2 නීල් වීරසිංහ (තත්ත්පර 44.949)
3 සඳරු වීරසිංහ (තත්ත්පර 45.711)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618) දක්වා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (තත්ත්පර 38.028)
2 චන්දිම ගුණරත්න (තත්ත්පර 38.918)
3 ප්‍රසන්න රාජකුලේන්ද්‍රන් (තත්ත්පර 39.169)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන (තත්ත්පර 33.657)
2 ඩරින් වීරසිංහ (තත්ත්පර 34.236)
3 සෆ්රාස් ජුනේඞ් (තත්ත්පර 38.570)


යතුරුපැදි තරග ප්‍රතිඵල

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 සංජීව උදය කුමාර (තත්ත්පර 45.008)
2 සුපුන් ධනුෂ්ක (තත්ත්පර 46.175)
3 ගිහාන් සංජීව (තත්ත්පර 48.444)

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි (සන්නද්ධ සේවා)
1 එම්. සී. එන්. පෙරේරා (තත්ත්පර 48.493)
2 ආර්. එම්. ආර්. රණතුංග (තත්ත්පර 50.619)
3 එම්. එස්. චින්තක (තත්ත්පර 52.751)

සි. ධා. 125 දක්වා රේසිං යතුරුපැදි
1 ශස්රාන් ඉස්මත්නූන් (තත්ත්පර 38.751)
2 සුදාර වීරසිංහ (තත්ත්පර 42.129)
3 ඩිලාන් චමින්ද (තත්ත්පර 42.249)

සි. ධා. 85 දක්වා රේසිං යතුරුපැදි
1 ෂෙහාන් ද සිල්වා (තත්ත්පර 40.733)
2 ගිහාන් සංජීව (තත්ත්පර 41.240)
3 එම්. වයි. කේ. අයේෂ්මන්ත (තත්ත්පර 43.605)

සි. ධා. 900 සිට 1000 දක්වා නවීකරණය කළ සහ නොකළ විවෘත යතුරුපැදි
1 මධුරංග කල්දේරා (තත්ත්පර 39.467)
2 දිමුතු ද සිල්වා (තත්ත්පර 44.323)
3 සමන් කොටුවගේ (තත්ත්පර 52.498)

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි
1 විනුල පතිරගේ (තත්ත්පර 41.696)
2 ඩබ්ලිව්. එම්. නිමේෂ් (තත්ත්පර 41.982)
3 නිකිල පතිරගේ (තත්ත්පර 42.527)

‘ඕ’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට 160 දක්වා) නවීකරණය නොකළ යතුරුපැදි (ක්‍රීඩා සමාජ)
1 ෂේන් සිල්වා (තත්ත්පර 43.361)
2 ගනේෂන් විජේකුමාර් (තත්ත්පර 45.305)
3 ඥාන ප්‍රකාෂ් (තත්ත්පර 47.141)

සි. ධා. 600 දක්වා නවීකරණය කළ සහ නොකළ විවෘත යතුරුපැදි
1 ශිරාන් සැමුවෙල් (තත්ත්පර 35.813)
2 මධුරංග කල්දේරා (තත්ත්පර 39.803)
3 චමින්ද ද සිල්වා (තත්ත්පර 40.375)

සි. ධා. 250 දක්වා කවසාකි ට්‍රැකර් ස්ටී්‍රට් ට්‍රේල් යතුරුපැදි
1 ආර්. එම්. මිම්ෂාඞ් (තත්ත්පර 39.540)
2 පී. රගුරාජ් (තත්ත්පර 39.831)
3 එම්. රිස්වි (තත්ත්පර 40.233)

සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය කළ සහ නොකළ ස්ටී්‍රට් ට්‍රේල් යතුරුපැදි
1 දස්මා ෂේන් (තත්ත්පර 38.831)
2 එම්. රිස්වි (තත්ත්පර 40.981)
3 එස්. ඥාණ ප්‍රගාෂ් (තත්ත්පර 41.140)

‘එම්’  කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 අසංක උදය කුමාර (තත්ත්පර 37.515)
2 චමින්ද ද සිල්වා (තත්ත්පර 37.806)
3 ලක්ෂාන් අරුල්දාස් (තත්ත්පර 38.102)

‘එම්’  කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 අසංක උදය කුමාර (තත්ත්පර 37.515)
2 චමින්ද ද සිල්වා (තත්ත්පර 37.806)
3 ලක්ෂාන් අරුල්දාස් (තත්ත්පර 38.102)

සි. ධා. 700 දක්වා ක්‍රීඩා සංචාරක යතුරුපැදි
1 මංගල පතිරගේ (තත්ත්පර 38.069)
2 අකලංක පෙරේරා (තත්ත්පර 41.653)
3 හෂාන් ඉලේපෙරුම (තත්ත්පර 43.647)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 250) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 ගනේෂන් විජේකුමාර් (තත්ත්පර 37.622)
2 උදාන පෙරේරා (තත්ත්පර 39.331)
3 ගිහාන් සංජීව (තත්ත්පර 40.601)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 175 සිට 250 දක්වා) නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 හේෂාන් පසිඳු (තත්ත්පර 38.172)
2 මංගල පතිරගේ (තත්ත්පර 39.513)
3 නිකිල පතිරගේ (තත්ත්පර 41.252)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 175 සිට 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි
1 ආනන්ද සම්පත් (තත්ත්පර 33.936)
2 එස්. පී. චමින්ද (තත්ත්පර 37.142)  
3 ඩිලාන් චමින්ද (තත්ත්පර 39.918)

 


අදහස් (0)

මහගස්තොට කඳු තරණයේ ජය දිනේෂ්ට - ආනන්දට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.