Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණය 83 වැනි වරටත් මේ මස 9 වැනිදා පෙරවරු 8.00 සිට නුවරඑළිය නගරයේ මහගස්තොට තේ වතුයාය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.
සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය සංවිධානය කරන මෙම තරගාවලිය මීටර් 617 ක දුරකින් සමන්විත මාර්ගයක පැවැත්වේ. තරගාවලියට මෝටර් රථ ඉසව් 11 ක් සහ යතුරුපැදි ඉසව් 10 ක් ඇතුළත් වන අතර මෝටර් රථ රියැදුරන් 40 ක් සහ යතුරුපැදිකරුවන් 60 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී පෙරවරු 8.00 සිට මධ්‍යහන 12.00 දක්වා යතුරුපැදිකරුවන් තරග වදින අතර ඒ අතරතුර පැරණි මෝටර් රථ පෙරහරක් නුවරඑළිය නගර මධ්‍යයේ සිට මහගස්තොට තේ වතුයාය දක්වා ප්‍රදර්ශන ධාවනයක නිරතවනු ඇත. ඉන් පසුව ප්‍රවීන මෝටර් රථ රියැදුරන් රැසක් විවිධ කාණ්ඩ යටතේ සිය හොඳම කාලය වාර්තා කිරීමේ තරගයට එක්වීමට නියමිතය.
රොහාන් ද සිල්වා, ඩැරින් වීරසිංහ, නිෂාන් වීරසූරිය, දිනේෂ් ජයවර්ධන, උෂාන් පෙරේරා, අෂාන් සිල්වා සහ සෆ්රාස් ජුනෙයිඞ් ඇතුළු ප්‍රබල රියැදුරන් රැසක් එහිදී සිය දස්කම් උරගා බැලීමට නියමිතය. යතුරුපැදිකරුවන් අතර පෙරමුණේ පසුවන ආනන්ද සම්පත් සහ සෆ්රාස් ජුනෙයිඞ් මෙවර සිය දස්කම් ඔපනැංවීමට බලාපොරොත්තුවෙන් සිටිති.
ඩරින් වීරසිංහ මෙම තරගාවලියේ මෝටර් රථ වාර්තාවට හිමිකම් කියයි. එස්. එල්. ජී. ටී. (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ කාණ්ඩයෙන් තරග වැදුණ ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා ගතවී ඇති අවම කාලය තත්ත්පර 33.47 කි.
එස්. එම්. (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදුණ ආනන්ද සම්පත්, එහි යතුරුපැදි වාර්තාවට හිමිකම් කියයි. ඔහුගේ හොඳම තරග නිමි කාලය තත්ත්පර 34.62 ක් ලෙස දැක්වේ.
මහගස්තොට කඳු තරණය තරගයට වසර 1934 දක්වා ඉතිහාසයක් තිබෙන අතර සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය මෙහි ආරම්භක අදියර පවත්වා තිබෙන්නේ 1934 සැප්තැම්බර් 28 වැනිදායි. යුද්ධය පැවති වසර වලදී හැර එම සංගමය මෙම තරගාවලිය වාර්ෂිකව පවත්වා ඇත.
![]() |
![]() |
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.