Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner මාලගමුව දෙවැනි තැනට පැනගනී

මාලගමුව දෙවැනි තැනට පැනගනී

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ෆූජි ධාවන පථයේදී පැවැති ලැම්බෝගිනි සුපිරි කුසලාන තරගාවලියේ තෙවැනි අදියරේ දෙවැනි ස්ථානය දිනාගැනීමට ඩිලන්ත මාලගමුව සහ ජපන් ජාතික කේන් උරාටා නියෝජනය කරන ඩිලංගෝ රේසිං කණ්ඩායම සමත්විය.  

මෙම තරගාවලියේදී එක් කණ්ඩායමකට ප‍්‍රවීණ රියැදුරකු සහ අධුනික රියැදුරකු ලෙස රියැදුරන් දෙදෙනක් ඇතුළත් විය යුතු අතර ඩිලංගෝ රේසිං කණ්ඩායමේ ප‍්‍රවීණ රියැදුරා ලෙස ඩිලන්ත මාලගමුවද, අධුනික රියැදුරා ලෙස කේන් උරාටාද කටයුතු කළහ.

තරග 2 කින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු තරගය 10 වැනි ස්ථානයේ සිට ආරම්භ කළ ඩිලන්ත, එහි පළමු වටය නිමාවන විට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත්විය. කෙසේවුවත් තරගය අතරතුර ඔහුගේ මෝටර් රථය තවත් රථයක් හා ගැටීම නිසා 5 වැනියා ලෙසින් තරගය නිමා කිරීමට ඔහුට සිදුවිය.

හයවැනි ස්ථානයේ සිට දෙවැනි තරගය ඇරඹූ කේන් උරාටා, තම සගයාට (ඩිලන්තට) රථය භාරදෙන විට 5 වැනි ස්ථානයේ එතැන් සිට සෙසු තරගකරුවන් අභිබවමින් ඉදිරියට ගිය ඩිලන්ත මාලගමුව, තරගය අවසන් වන විට තම කණ්ඩායම 2 වැනි ස්ථානය දක්වා රැුගෙන යෑමට සමත්විය.

මේ වන විට අදියර 3 ක් අවසානයේ ලැම්බෝගිනි සුපිරි කුසලාන තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැක ගැනීමට ඉතාලි ජාතික මැක්ස් වෙයිසර් සහ චීන ජාතික ජියෑන් සමතව සිටිති. එහි දෙවැනි ස්ථානය ඩිලංගෝ රේසිං කණ්ඩායමටද, තෙවැනි ස්ථානය සෙන් ලෝ සහ අෆීක්ටද හිමිවී ඇත.

036


අදහස් (0)

මාලගමුව දෙවැනි තැනට පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.