Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියට දින ලබාදීමේදී එක් පාර්ශවයක් (ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය) ගැන පමණක් සැළකිල්ලට ගැනීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා තම සංගමය වෙත සිය කණගාටුව ප‍්‍රකාශ කළ බව ශ්‍රී ලංකා යතුරුපැදි සංගමයේ උප සභාපති කෙයාස් ඞීන් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
නරියාකන්ද තරගාවලියට දින ලබාදීමේදී ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය කෙරෙහි පමණක් කී‍්‍රඩා අමාත්‍ය වරයාගේ අවධානය යොමුවී ඇති බවක් ප‍්‍රකාශ විය. එම නිසා කී‍්‍රඩා සංගම් දෙකම කැඳවා දෙපාර්ශවයටම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඉන් අනතුරුව තීරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එවකට සිටි කී‍්‍රඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරියට ලිපියක් යොමු කර තිබිණ.
ඒ අනුව අදාළ කී‍්‍රඩා සංගම් දෙකේම නියෝජිතයන් එකවර කැඳවා මෙම ගැටලූව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
එම සාකච්ඡවේදී දෙපාර්ශවයෙන්ම කරුණු විමසා බැලූ කී‍්‍රඩා අමාත්‍ය වරයා, තරගාවලි දෙක මින් පෙර වසරවල පැවැති අයුරින්ම මේ වසරේදීත් පැවැත්වීමටත්, නැවතත් මේ සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් උද්ගතවූවොත් එය තමාවෙත ඉදිපත් නොකර මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමය හරහා විසඳගන්නා ලෙසද උපදෙස් දුන් බව කෙයාස් ඞීන් මහතා පැවසීය.
නරියාකන්ද තරගාවලිය සහ නුවර එළිය මාර්ග මොටර් රථ තරගාවලිය පැවැත්වීම සඳහා දින යොදාගෙන තිබෙන ආකරය සම්බන්ධයෙන් හටගෙන තිබූ අර්බුදය විසඳීම සඳහා පැවැති මෙම සාකච්ඡුාවට අදාළ කී‍්‍රඩා සමාජ දෙක නියෝජනය කරමින් නිලධාරීන් 6 දෙනෙක් සහභාගී වූහ.
ඊට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් රිස්වි ෆාරුක් සහ සාමාජික උපුල්වන් සේරසිංහ යන මහත්වරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය නියෝජනය කරමින් එහි සභාපති ආනන්ද ජයසේකර, උප සභාපති කෙයාස් ඞීන්, භාණ්ඩාගාරික තිලක් පීරිස් සහ සාමාජික ශේන් ගුණවර්ධන යන මහත්වරු සහභාගී වූහ.
තරගාවලි දෙක වඩාත් සාර්ථකව පැවැත්වීම සඳහා නුවර එළිය මාර්ග මොටර් රථ තරගාවලියේදී පවත්වනු ලබන මෝටර් රථ ඉසව් 5, නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියෙන් ඉවත් කිරීමට පවා සාකච්ඡුාව අතරතුර ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයේ නියෝජිතයන් එකඟ වූ බව කෙයාස් ඞීන් මහතා තවදුරටත් කියා සිටියේය.
එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර්/මැස්ඩා මොටර් රථ තරගය, එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1500 දක්වා ෆෝඞ් ලේසර්/මැස්ඩා මොටර් රථ තරගය, එස්. එල්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා මිනි 7 මොටර් රථ තරගය, එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 2200 දක්වා සුබාරු මොටර් රථ තරගය, එස්. එන්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා නවීකරනය කරන ලද මෝටර් රථ තරගය එම මෝටර් රථ ඉසව් 5 ට ඇතුළත් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.