Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ තත්ත්වය දිනෙන් දින අයහපත් වන බව වාර්තා වේ. අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට මේ දක්වා සති තුනක කාලයක් කෘතිම ස්වසන උපකරණයක (ලයිෆ් මැෂින්) ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින ආනන්ද වෙඩිසිංහ තවදුරටත් සිහිසුන් තත්වයෙන් පසුවන බවද වාර්තා වේ.
ඔහුගේ මෙම තත්ත්වය මත වැඩි දුර ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් රටකට ගෙනයෑමට වෙඩිසිංහ මහතාගේ බිරිද සහ දරුවන් තීරණය කර තිබේ. ඒ අනුව නවීන ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන සිංගපුරුව හෝ ජපානය වැනි රටකට වෙඩිසිංහ ගෙනයා යුතු බව ඔවුන්ගේ මතයයි. ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් ජපානයේ රක්ෂණ ආවරණයක් ඇති බැවින් ජපානයට ගෙනයා හැකිනම් ඔහුගේ ප්‍රතිකාර සඳහා එම රක්ෂණයෙන්ද සැලකිය යුතු මුදලක් ලබාගත හැකි බවද පවුලේ අය විශ්වාස කරති.
|
වෙඩිසිංහගේ ජපන් ජාතික බිරිද රුමී වෙඩිසිංහ මහත්මිය, ජපානයේ සුදුසුකම් ලත් හෙදියක් වන බැවින්ද, ඔහුගේ නෑදෑ හිතමිතුරන් රැසක් ජපානයේ ජීවත්වන බැවින් වෙඩිසිංහ සුවකර ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ලබාගත හැකි බැවින්ද ඔහු ජපානයට රැගෙන යෑමට බිරිද සහ දරුවෝ උත්සාහ කරති. එසේ වුවත් මෙවැනි අසාධ්‍ය තත්ත්වයක පසුවන රෝගියකු ජපානයට රැගෙන යෑම සදහා විශාල මුදලක් වැය වන බැවින් වෙඩිසිංහගේ මිතුරන් පිරිසක් එක්ව ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් එක් රැස්කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට පියවර ගෙන ඇත.
එවැනි පහසුකම් සහිත ගුවන් යානයක් සහ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට ගෙන්වා ඒ මගින් වෙඩිසිංහ ජපානයට ගෙනයෑම සඳහා වැය වන මුදල ජපන් යෙන් මිලියන 25 ක් පමණ වන බව ඔවුහු පවසති. එම මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 35 ක් පමණ වේ. මේ වන වෙඩිසිංහගේ බිරිද ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද ඒ සදහා උපකාරයක් ඉල්ලා ඇති නමුත් රජයේ මුදල් ලැබීම ප්‍රමාද විය හැකි බැවින් ඇය මෝටර් ක්‍රීඩා සමාජ වල සහ ක්‍රීඩකයන්ගේ සහයෝගයද බලාපොරොත්තුවෙන් සිටින්නීය.
කෙසේ වුවත් වෙඩිසිංහ අනතුරට ලක්වූ නුවරඑළිය මෝටර් රථ තරගාවලිය සංවිධානය කළ ක්‍රීඩා සමාජය පවසන්නේ තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්, නරඹන්නන් සහ දේපළ වෙනුවෙන් පූර්ණ රක්ෂණයක් කර ඇතැයි ප්‍රකාශ කරයි.
වෙඩිසිංහගේ බිරිද සහ දරුවන් දිනකට තෙවරක් ඔහු බැලීම සඳහා පැය එකහමාරක පමණ ගමනක නිරත වෙමින් කුරුණෑගල සිට මහනුවරට පැමිණෙන බවත්, සති තුනක පමණ කාලයක් එලෙස කුරුණෑගල සිට මහනුවරටත්, මහනුවර සිට කුරුණෑගලටත් ගමන් කිරීමෙන් ඔව්හු මහත් වෙහෙසට මෙන්ම ආර්ථීක අපහසුතාවන්ටද පත්ව සිටිති. ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි අයුරින් සහාය දැක්වීමට ඉදිරිපත් වන ඕනෑම අයෙකුට ඒ සඳහා ඔහුගේ බාල දියණිය රීනා සමග 'rinaxweds@gmail.com'යන විද්‍යුත් තැපැල මගින් සම්බන්ධ විය හැකිය.
ආනන්ද වෙඩිසිංහ යනු යතුරු පැදි තරග වෙනුවෙන් උපන් ක්‍රීඩකයෙකි. පසුගියදා පැවති ෆොක්ස් හිල් තරගාවලියේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ ‘නාඩි වැටෙනතුරු රේස් පදින බවයි.
අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා යුද හමුදාවටත් රණවිරුවන්ටත් කළ උපකාර පිළිබඳව විමසීමකදී ප්‍රවීණ මෝටර් රථ රියැදුරකු මෙන්ම ප්‍රවීන මෝටර් රථ තරග සංවිධායකයකුද මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.
“වෙඩිසිංහ කියන්නේ හරිම හොඳ පුද්ගලයෙක්. යුද්දෙ කාලෙදී රණවිරුවන්ට ප්‍රතිකාර කරන්න ඕන වෙන ගිලන් රථ කිහිපයක්ම වෙඩිසිංහ හමුදාවට පරිත්‍යාග කළා.... ඒ විතරක් නෙමෙයි ආබාධ වලට ලක්වෙච්ච රණවිරුවන්ට රෝද පුටු, පාපැදි වගේ දේවලුත් එයා පරිත්‍යාග කරලා තියෙනවා.”
“එයාට වඩා සල්ලි තියෙන අය ඕන තරම් ලංකාවේ රේස් පැද්දා. ඒත් එයා තරම් වෙන කවුරුවත් රණවිරුවන් වෙනුවෙන් මේ තරම් පරිත්‍යාග කරලා නෑ” යැයිද ගම්මන්පිල මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.