Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේදී පැවැති එස්. එල්. එස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයෙන් එහි විත්තිකාර සහ පැමිණිලිකාර දෙපාර්ශවයම වැරදිකරුවන් බවට පත්ව තිබේ.
එම මෝටර් රථ තරගය සම්බන්ධයෙන් කුෂාන්ට පීරිස්ට එරෙහිව සජාඞ් සුහේර් ගොනුකර තිබූ විරෝධතාවක් නිසා තරගාවලිය සංවිධානය කළ ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා මව් සංගමය විසින් මෙම පරීක්ෂණය පවත්වන ලදි.
පරීක්ෂණයට අනුව කුෂාන් සහ සජාඞ් දෙදෙනා අතින්ම තරගය අතරතුරදී වැරදි සිදුවී ඇති බව නිගමනය කර තිබේ. එම නිසා ඉදිරියේදී සහභාගීවන මෝටර් රථ තරගාවලියක එස්. එල්. එස්. කාණ්ඩයේ (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයකදී කුෂාන්ට තරග ස්ථාන 2 ක්ද, සජාඞ්ට ස්ථානයක්ද පසුපසට ගොස් තරගය ආරම්භ කිරීමට නිරීක්ෂකයන් නියම කර තිබේ.
පරික්ෂණය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් කියා සිටියේ තරගයේ විඩියෝ දර්ශනද ලබාගෙන, දෙපාර්ශයවයෙන්ම සාක්ෂි කැඳවා මෙම පරීක්ෂණය පැවැත්වූ බවත්, තරගයේ ජයග‍්‍රාහකයා බවට පත්වූ කුෂාන් පීරිස් අතින් ප‍්‍රබල වරදක් සිදුවී නොතිබූ නිසා ඔහුගේ ජයග‍්‍රහණය අවලංගු කිරීමට පියවර නොගත් බවත්ය.
අදාළ මෝටර් රථ තරගය අතරතුර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් නියමිත වට සංඛ්‍යාව නිමා වීමටත් පෙරාතුවම රතු කොඩි දමා තරගය නතර කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ. අනතුරුව තරගය නතර කරන මොහෝතේදී ඉදිරියෙන් ගමන් කළ තරගකරුවන් තිදෙනා පිළිවෙලින් එහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා නම් කෙරිණ.
තරගය නිමා වීමෙන් අනතුරුව එහි ජයග‍්‍රාහකයා ලෙස නම් කෙරුණු කුෂාන් පීරිස්, තමාව ධාවන පථයෙන් ඉවතට විසිවන අයුරින් සිය මෝටර් රථය හැසිරවූ බවට චෝදනා කරමින් කුෂාන්ට එරෙහිව විරෝධතාවක් ගොනු කිරීමට සජාඞ් සුහේර් කටයුතු කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැත්විණ.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.