Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැති 15 වැනි ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට විජයබාහු රෙජිමේන්තුවේම යතුරුපැදිකරුවකු වන සමීර ප්‍රේමරත්න සමත් විය.
තරගාවලියේ ප්‍රධානම යතුරුපැදි ඉසව්ව වූ එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව අදියර 3 කින් සමන්විත විය. එම අදියර තුනේදීම කැපී පෙනෙන දස්කම් දක්වමින්, සමීර ප්‍රේමරත්න පළමු වරට විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියක දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන ලැබීය. පළමු අදියරේ දෙවැනියා බවට පත්වූ සමීර, දෙවැනි සහ තෙවැනි අදියර ජය ගනිමින් එම සම්මානයට හිමිකම් කීවේය.
මෙවර තරගාවලියේදී ක්‍රීඩකයක් වාර්තා කළ දිගම පිම්ම (අඩි 120) වාර්තා කිරීමටද සමීර ප්‍රේමරත්න සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අවසන් අදියරේදී ඔහු එම දස්කම දැක්වීය. සමීරගේ මෙම පිම්ම එදා මෙදා තුර විජයබාහු මොටෝක්‍රොස් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයක් වාර්තා දිගම පිම්මේ වාර්තාව සම කිරීමක් වන අතර 2015 වසරේදී ටොමායා සුසුකි විසින් අඩි 120 ක පිම්මක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
ඉකුත් වසරේ පැවැති විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ඉෂාන් දසනායකට මෙවර තරගාවලිය අතරතුරදී අනතුරකට ලක්වීම නිසා පිට පිට දෙවැනි වරටත් එම කිරුළ තමන් සතුකරගැනීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර පහසුවෙන්ම ජයගත් ඉෂාන්, දෙවැනි අදියරේ දෙවැනියා බවට පත්වූ අතර වට 8 කින් සමන්විත වූ තෙවැනි අදියරේද 7 වැනි වටය දක්වා පෙරමුණේ ගමන් කළේය. එහෙත් 7 වැනි වටයේදී පිම්මක් වැරදීයාම නිසා සිය යතුරුපැදියෙන් ඉවතට පැනීමට උත්සහ කිරීමේදී ධවන පථය මත ඇද වැටීම හේතුවෙන් ඔහුට එම අදියර නිමා කිරීමට නොහැකි විය.
තෙවැනි අදියර ආරම්භයේ සිටම ඉෂාන් පසුපස ලුහුබැඳ පැමිණි සමීර ප්‍රේමරත්න, ඉෂාන් අනතුරකට ලක්වීමත් සමග ඔහු පසුකර යමින් පළමු වැනියා ලෙස තෙවැනි අදියර අවසන් කළේය. යම් හෙයකින් ඉෂාන් තෙවැනි අදියරේ අවසන් වට දෙකද සාර්ථක ලෙස ධාවනයේ යෙදෙමින් එම අදියර ජයගත්තේ නම් මුල් අදියර දෙකේදී ඔහු ලබා තිබූ ජයග්‍රහණ සමගින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමටද ඔහුට අවස්ථාව තිබිණ.
කෙසේ වුවත් එම ඉසව්වේ අවසන් අදියරට පෙර පැවැති තවත් ඉසව්වක් වූ ‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං විවෘත යතුරුපැදි ඉසව්ව ජයගැනීමට ඉෂාන් දසනායක සමත් වූයේ සමීර ප්‍රේමරත්න සහ බුද්ධික කසුන් සිල්වා එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමිනි.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සන්නද්ධ සේවා) යතුරුපැදි තරගය ජයගත් විජයබාහු රෙජිමේන්තුවේ නිහල් විජේරත්න, ඉන් නොනැවතී එම කාණ්ඩයේම විවෘත යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානයත්, ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ට්‍රීට් ට්‍රේල්) දෙවැනි යතුරුපැදි තරගයේ තෙවැනි ස්ථානයත් හිමිකරගනිමින් තරගාවලියේ දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.
ළහිරු ජීවන්ත සමග තියුණු තරගයක නිරත වීමෙන් අනතුරුව ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ට්‍රීට් ට්‍රේල්) යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගනිමින් ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය.
සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් ‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 16 න් පහළ) යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගත් විනුෂ්ක සිල්වා, තරගාවලියේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.
‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 13 න් පහළ) යතුරුපැදි තරගයේ ජයගත් කේසර ගොඩගේ, ‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් (වයස 16 න් පහළ) යතුරුපැදි ඉසව්වේ පළමු අදියරේ දෙවැනි ස්ථානයද හිමිකර ගනිමින් දස්කම් දැක්වීය.
‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් (වයස 10 න් පහළ) යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ජයගැනීමට රිවිනු රත්නායක සමත් වූ අතර එම ඉසව්වේ දෙවැනි අදියර ජයගැනීමට ඔහුගේ නිවුන් සොහොයුරු මිනුක රත්නායක සමත් විය.
පිට පිට වසර 3 ක් මෙම තරගාවලියට සහභාගි වූ ජපන් ක්‍රීඩක ටොමායා සුසුකි මෙවර තරගාවලියට සහභාගි නොවූ අතර ඔහු වෙනුවට තරගාවලියට එක්ව සිටි ජපන් ක්‍රීඩක කෙන්ගි ඔසාවාට එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය.
ප්‍රවීන ක්‍රීඩක ගයාන් සඳරුවන් සහභාගි වූ පළමු තරගය අතරතුරදී දරුණු අනතුරකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත් වූ අතර ෂෙහාන් සී. අධිකාරි, ජැක් ගුණවර්ධන සහ ශානුක සඳරුවන් වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ යතුරුපැදිකරුවන් කිහිප දෙනෙක් විවිධ හේතු මත මෙවර තරගාවලියට සහභාගී නොවූහ.
ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය යතුරුපැදි තරග 15 කින් සමන්විත වූ අතර යතුරුපැදිකරුවන් 80 ක් පමණ ඊට සහභාගි වුහ.
තරග ප්‍රතිඵල
‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 බුද්ධික කසුන් සිල්වා
2 සමීර ප්‍රේමරත්න
3 ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 ළහිරු ජීවන්ත
3 සඳරු ශනිල්ක
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 නිහල් විජේරත්න
2 එම්. එන්. පෙරේරා
3 නිමල් පුෂ්පකුමාර
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක
2 සමීර ප්‍රේමරත්න
3 ජින් ලියනගේ
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (විවෘත)
1 එම්. එන්. පෙරේරා
2 නිහල් විජේරත්න
3 නිමල් පුෂ්පකුමාර
‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස 13 න් පහළ)
1 කේසර ගොඩගේ
2 තාරුක රුමීෂ ද සිල්වා
3 ගඟන ප්‍රනාන්දු
‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය (විවෘත)
1 ඉෂාන් දසනායක
2 සමීර ප්‍රේමරත්න
3 බුද්ධික කසුන් සිල්වා
‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස 10 න් පහළ)
1 රිවිනු රත්නායක
2 මිනුක රත්නායක
3 ඇසළ මදනායක
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස 16 න් පහළ)
1 විනුෂ්ක සිල්වා
2 කේසර ගොඩගේ
3 ස්ටීවන් ප්‍රනාන්දු
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 සමීර ප්‍රේමරත්න
2 ඉෂාන් දසනායක
3 බුද්ධික කසුන් සිල්වා
‘ජේ’ කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය (වයස 10 න් පහළ)
1 මිනුක රත්නායක
2 ඇසළ මදනායක
3 හිරුෂ පාදුක්ක
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස 16 න් පහළ)
1 විනුෂ්ක සිල්වා
2 භානුක රත්නායක
3 ස්ටීවන් ප්‍රනාන්දු
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 ළහිරු ජීවන්ත
3 නිහාල් විජේරත්න
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තෙවැනි තරගය
1 සමීර ප්‍රේමරත්න
2 ජින් ලියනගේ
3 බුද්ධික කසුන් සිල්වා
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.